ඇමැතිවරුන් සියලු දෙනා නිල වාහන වහාම රජයට බාරදිය යුතුයි
Posted on October 29th, 2018

නුවන් හෙට්ටිආරච්චි උපුටාගැණීම  මව්බිම

නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට බොරු චෝදනා කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට රාජ්‍ය දේපළ අවභාවිත කරමින් සිටින බවත්, තවදුරටත් එසේ සිදු කරමින් අරලියගහ මන්දිරයෙන් ඉවත්ව නොයන්නේ නම් නීතිය භාවිත කරමින් රනිල් වික්‍රමසිංහ පන්නා දැමීමට කටයුතු කරන බව සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු ප්‍රේම්නාත් සී. ‍ෙදාලවත්ත ‘මව්බිම’ට පවසයි.

ආමාත්‍යවරු හා සියලු පාර්ලිමේන්තු මන්ත්‍රිවරු රජය මඟින් ලබාදී ඇති සියලුම වාහන තම අමාත්‍යාංශවලට ලබා දිය යුතු බව සඳහන් කරන අතර එසේ නොකරන්නේ නම් රජයේ දේපළ අවභාවිත කිරීම යටතේ නීතිය ඉදිරියට පැමිණවිය හැකි බවය.

මේ වන විටත් හිටපු අග්‍රාමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රි රනිල්වික්‍රමසිංහ මහතාට සියලු වරප්‍රසාද අහිමිව ඇති බවත් වහාම අරලියගහ මන්දිරය අතහැර යෑම සුදුසුම ක්‍රමය බවත් හෙතෙම පවසයි.

එසේ සිදු නොකරන්නේ නම් ඊට ගත හැකි නීතිමය පියවරක් ගැනීමට පසුබට නොවන බවත් මහින්ද රාජපක්ෂ මහතා ව්‍යවස්ථානුකූලව පත්වූ නව අග්‍රාමාත්‍යවරයා බවත් එම පත්වීම සම්බන්ධයෙන් කිසිදු නීති විරෝධීභාවයක් නොමැති බවත් වැඩිදුරටත් පැවැසීය.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress