බැදුම්කර වාර්තාවේ ඇමුණුම් ලබාදෙන්න – කැෆේ ඉල්ලයි
Posted on November 2nd, 2018
මාධ්‍ය ඒකකය කැෆේ සංවිධානය
2018 නොවැම්බර් 2
උදය ආර්. සෙනෙවිරත්න මහතා,
ජනාධිපති ලේකම්තුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.
ප්‍රිය ලේකම්තුමනි,
බැදුම්කර වාර්තාවේ ඇමුණුම් ලබා ගැනීම සදහා ඉල්ලීමයි
- 2018 ජනවාරි18 දින සිට අද දක්වා මාස 11 කට ආසන්න කාලයක්, බැදුම්කර වංචා විමර්ශනය සදහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ සියළුම ලේඛන ලබා දෙන ලෙස මා විසින් එවකට ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා වෙත අවස්ථා ගණනාවක දී, ඉල්ලීම් කොට ඇත. ඒ පිළිබද අවසන් ඉල්ලීම 2018 ජූනි 12 දින සිදු කරන ලදී.
- මෙම ඉල්ලීම, ගරු කථානායකතුමා වෙත ද යොමු කර ඇති නමුත්, ඒ සදහා ද පිළිතුරු ලැබී නැත. මෙ වාර්තාවේ පිටපත ඔබ දන්නා පරිදි මේ වන විට ශ්‍රී ලංකා ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත බාර දී ඇති අතර, ජනාධිපති ලේකම්වරයාගේ උපදෙස් නොමැතිව එහි පිටපත් නිකුත් කිරීම හෝ පරිහරණය සදහා ලබාදීම සිදු කළ නොහැකි බව මා වෙත දන්වා ඇත.
ජාතික ලේඛනාරක්ෂක පනතේ 3 වන වගන්තිය යටතේ, ජනාධිපති කොමිෂන් සභා වාර්තාවක පිටපත් ලබා ගැනීමට, ජනාධිපති ලේකම්වරයා ලිඛිත අවසරය ලැබිය යුතුය.
බැදුම්කර වාර්තාවේ සියළු ලේඛණ පිටපත් ලබා ගැනීම සදහා වන වන අවසරය හා අනුමැතිය ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරිය වෙත ලබා දෙන ලෙස ඉතා කාරුණිකව ඉල්ලමි.
මෙයට
විශ්වාසී,
කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය
November 2nd, 2018 at 5:37 pm
Mr Tennekoon,
Thank you for making this demand. This is a very opportune moment to make such a request. Let’s hope that prez sec respond immediately to this very reasonable appeal of the CAFE.
November 2nd, 2018 at 11:24 pm
Mr Tennekoon,
You have hit the nail in the right place and time. This is the time to highlight and bring into open a myriad of injustices done against the people of Sri Lanka by means of defrauding public property. We must make use of this interim period to get all the outstanding fraud cases put on fast track starting with the ones that are most damaging to the people of Sri Lanka – Central Bank Bond Scam, Coal Tenders, Cancellation of Sri Lankan jet liners etc.
Please get all the media hyped on these subjects and into public discussion. This will prevent ‘Politics as Usual’ with a new government.