ෆ්‍රී කියන්නේ මොකක්ද බටර්ෆ්ලයි නංගියේ…
Posted on January 12th, 2019
උපුටාගැණීම මව්බිම
‘පොං අයියේ කවුද බං අර හතරගාතෙන් පාරේ දුවන තට්ට පොර…?’
‘යකඩෝ…. නිර්වස්ත්‍රයෙන්ම වගේ හුරේ දාගෙන දුවන කුරයෙක් වගේ…?’
‘බලමු අහලා …..හෝව්… හෝව්… ලොක්කා කොහෙද මේ දුවන්නේ….? කෝ රෙදි…?’
‘රෙදි නෝල්, රෙදි නෝ වෙලා, නෝණ්ඩිම වුණා බං…!’
‘අහෝ… ඒ මක්කැයි…?’
‘මැඩම්ස් බිබීගේ තේඩා ගිලලා…!’
‘ඇයි ගිල්ලේ…?’
‘ඕං….රීං… කට්ටු කට්ටු… වෙට්ටු දාලා පැනපිය… මට්ටු මට්ටු… ඕං…හොං… බේරා්ස්…. රිං රිං…..තුර්… පා… කියලා මන්තරයක් දැම්මා කට්ටිය කඩාගන්න….!’
‘යකඩෝ… ඕක අලි එළවන මන්තරයක්නේ…?’
‘ඒක තමයි බං අපිට කෙළවුණේ…’
මට මැඩම්ස් දීලා තියෙන්නේ 2003දී කිං පරා ප්‍රමුඛ අලි නඩේ
එළවන්ඩ පාවිච්චි කරපු අලි මන්තරේ…!
‘හත්වලාමයි……ඉතින්….?’
‘ඉතින් මොනාද මන්තරේ කැරකිලා මට වැදුණා පුටුවෙන් විසිවෙන්නම….!’
‘ඉතින් ඔය දුවන්නේ කොහේද…?’
‘එදා ඇස් බිසා කිව්ව විදියට මැඩම්ස් වෙනුවට මම දුවනවා පාර දිගේ..!’
එහෙම කියපු රෙදි නෝ කෙළගෙන ගියා අත්තනගලු ඔයට’
‘බුදු සත්තෝ…. කවුද බං පොං අයියේ අර කළු ඇඳලා පාරට බැහැලා තියෙන්නේ…?’
‘අප්පා… හොල්මන් වගේ.. බලමු අහලා… කවුද බොලේ ඇලිස්…?’
‘ඇලිස් නොවේ බොල අපි ඩොලර්ස්…!’
‘ඒ කිව්වේ….?’
‘දේශ සීමා රහිතව ආපු බටර්ෆ්ලයිස්…!’
‘ආ…? ඉතින් මූණු වහගෙන…?’
‘ඇරගෙන කොහොමද ඕයි මුහුණ දෙන්නේ… අපි මාට්ටු වෙනවානේ…!’
‘මොනවටැයි ආවේ…?’
‘මේ දවස්වල නෝ ටෙලිඩ්‍රාමා නෝ ෆිල්ම්ස් නඩුත් නැහැ බඩුත් නැහැ… නන්නත්තාර වෙලා ඉන්නේ…!’
‘ඉතින් ඇයි ආවේ…?’
‘ෆ්‍රීඩියා.. ෆ්‍රී මීඩියා… බැලන්ස් කොරගන්න නොවැ…!’
‘ෆ්‍රී කියන්නේ මොකක්ද බටර්ෆ්ලයි නංගියේ…?’
‘ඇඳුම් ඇන්දත් ඇඳුම් නැතිව මේ අපි වගේ ඉන්නවාට නොවැ…!’
‘ගොඩක් දුර ඉඳලා වෙන්ඩ ඇති ආවේ…?’
‘අනේ නැහැ… කට්ටියක් ගේම් බි්‍රජය පැත්තේ ඉඳලා… තව කට්ටියක් අරලිය මල් නෙළ නෙළා ටී්‍රය පැත්තෙන්…!’
‘මොකද එන්න හිතුණේ…?’
‘රොජා වාහිනියට පැන්නා… ඉතින් අපි මෙහාට පැන්නා…!’
‘දෙගොල්ලොම….?’
‘මී හරක්.. මී හරක්…! එහෙම කියපු බටර්ෆ්ලයි නඟා තටුත් කඩාගෙන වොක්ස් වැගන් කාරයක් ගන්න කුරුණෑගලට ගියා.
‘මොකද පොං අයියේ අපේ අලි පාටියේ කිරි මුජී පොට්ටනියකුත් කර ගහගෙන යන්නේ..?’
‘කිරි පැකට්ටුවක්ද දන්නැහැ… බලමු අහලා.. මුජී.. ඉස්ලාම් මලෙක්කම් ඉදි එන්නා අප්පා…? ඉදි පාල්…?’
‘නෙහි බබුජි… නෙහි… ඉදි ක්ලොත්.. රෙදි… රෙදි…!’
‘අෑ… ඒ මොනවද…?’
‘මේක තමයි මට හම්බ වුණේ නොන් ගැබිනට් ඩිපියුටි පට්ටම…!’
‘මොකක්ද…?’
‘ලාබෙට රෙදි සේදීම…!’
‘ෂැක්… කාගේ රෙදිද…?’
‘බැරි බැරි ගාතේ යන අලියි, මහ අලියි, එක එකාට ඇරගන්න අලියි, මෙලෝ රහක් නැති අලියි, සබන් නොගා නාගන්න අලින්ගෙයි කිළිටි රෙදියි, මඩ රෙදියි…!’
‘අම්මට හුඩු තනියම ඔය තරම් රෙදි කන්දරාවක්…?’
‘නැහැ.. සහායට ඩැනීලා වගේ බදුලු විජේසිරියා, ගාලු හෙට්ටියා, අප්පුවා හේසානයා, මරිග්ගාර් වගේ පොරවලුත් ඉන්නවා…!’
‘සෑහෙන කාලයක් සෝදන්න වෙයි නේද…?’
‘අපෝ.. නැහැ මාස තුනයි….!’
‘අෑ… අෑ…? ඒ මොකෝ…?’
‘මේ යන විදියට
කෙළවගන්නවානේ…!’ එහෙම කියාපු මුජි පොට්ටනියත් අරගෙන ළිඳට ගියා.