බුද්ධි අංශ වේලාසනම දැන්වුවා.. මුස්ලිම් දේශපාලඥයන්ට බයේ ආණ්ඩුව කිසිවක් කලේ නෑ.. ඉදිරියේදී ලංකාවට අන්තවාදීන්ගෙන් දරුණු ප්‍රහාර..- රතන හිමි
Posted on May 12th, 2019
lanka C news
2015 වසරේ සිට ඉස්ලාම් අන්තවාදය ආයුධ රැස් කිරීම් සිදු කරද්දී මුස්ලිම් දේශපාලඥයන්ට බියෙන් ආණ්ඩුව ඊට විරුද්ධ වූයේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.
බුද්ධි අංශ විසින් මේ බව 2015 ට පෙර පටන් ම දන්වා තිබූ බව උන්වහන්සේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් සඳහන් කළේය.
2016 ජනාධිපතිවරයා ඉදිරියේදීම බුද්ධි අංශ මේ සම්බන්ධයෙන් ඉතා දීර්ඝ සහ පැහැදිලි විස්තරයක් කළ බවද රත්න හිමියෝ සඳහන් කළහ.
ඇමරිකාවට ඉඩම් දීම සදහා ප්‍රතිපත්ති සකස් නොකරන ලෙස ඉල්ලා සිටින බවද කී උන්වහන්සේ ඇමරිකානු කඳවුරක් හෝ ඇමරිකානු බල කේන්ද්‍රයක් බවට ලංකාව පත් වුවොත් ඉදිරියේ දී ඉස්ලාම්අන්තවාදීන්ගෙන් දරුණු ප්‍රහාරයක් ශ්‍රී ලංකාවට එල්ල වෙතැයි ද තවදුරටත් කියා සිටියේය.