සිසේරියන් සැත්කම් 8000ක්, නාරිවේද සැත්කම් 5000ක්, සාමාන්‍ය දරු උපත් 15000ක් මං සිදු කලා..- අත්අඩංගුවට ගත් දොස්තර ෂාෆි ශිහාබ්දීන්ගේ ප‍්‍රකාශය මෙන්න…
Posted on May 25th, 2019

 lanka C news

සිසේරියන් සැත්කම් 8000ක්, නාරිවේද සැත්කම් 5000ක්, සාමාන්‍ය දරු උපත් 15000ක් මං සිදු කලා..- අත්අඩංගුවට ගත් දොස්තර ෂාෆි ශිහාබ්දීන්ගේ ප‍්‍රකාශය මෙන්න…

සිසේරියානු සැත්කමක් අතර තුර ARTERY FORCEP වර්ගයේ අඬු දෙකක් පැලෝපීය නාල දෙකට යොදා සැත්කම අවසාන වන තෙක් රදවා තැබීමෙන් පැලෝපීය නාල තව දුරටත් ක්‍රියාකාරී නොවන තත්වයට (FIBROSE) පත් වේ. එහි සාර්ථකත්වය 80% බව ඔවුහු මට පැවසුහ. අමුතුවෙන් පැලෝපීය නාල කපා දැමීමට හෝ වඳ සැත්කම් කිරීමට අවශ්‍ය නොවේ. කොළ පුරවා අවසර ගැනීමටද අවශ්‍ය නොවේ.

සිසේරියන් සැත්කම කරද්දී වඳ සැත්කම් කිරීම සම්බන්ධයෙන් මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා විසින් සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබූ සටහනක් මෙහි දැක්වෙයි.

සිසේරියන් සැත්කම් කිරීමේ සීඝ්‍රතාව දිවයින පුවත්පතේ ප්‍රවෘත්තිය දුටු අය මෙන්ම මා විසින් මුහුණු පොතේ පළ කළ අදහස් කියැවූ අය ද බොහොමයක් වෛද්‍යවරයකුට දිනකට සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද ? ජීවිත කාලය තුල සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද? යන ප්‍රශ්නය නගා තිබුණි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය ගැන දැනුමක් නැති ඇතැම්හු සංඛ්‍යා ලේඛන පෙන්වමින් ජීවිත කාලයක් කළත් වෛද්‍යවරයකුට සිසේරියන් සැත්කම 1000කට වඩා කළ නොහැකි බව අදහස් දක්වා තිබුණි.

මේ ගැන හොඳම පැහැදිලි කිරීම කළ හැක්කේ අත්දැකීම් ඇති වෛද්‍යවරයකුටම ය. මේ ගැන අන්තර්ජාලයේ කරුණු සොයා බැලීමක් කළ විට මට හමු වුයේ වසර 10කට වඩා මදක් වැඩි කලක් රජයේ රෝහල් වල සේවය කළ වෛද්‍යවරයෙක් සිසේරියන් සැත්කම් 8000කට වඩා කර ඇති බවත් සාමාන්‍ය දරු උපත් 15000 කට වඩා කර ඇති බවත් පුවත් පත් සම්මුඛ සාකච්ජාවකදී පවසා ඇති බවයි. මේ වෛද්‍යවරයා කෙතරම් දක්ෂයකු ද යත් පැය දෙකකදී සිසේරියන් සැත්කම් 8ක් සිදු කිරීමට ඔහුට හැකිව ඇත.ඒ හැරුණු විට නාරි වේද සැත්කම් 5000කට වඩා තමන් කළ බව ද හෙතෙම පවසා ඇත. ඔහු ලබා දුන් සම්මුඛ සාකච්ජාව පළ වූ පුවත්පත් පිටුවේ පිටපතක් මේ වෛද්‍යවරයාගේ මුහුණු පොතේ තිබී මට හමු විය. වෛද්‍යවරයකුට කෙතරම් සීඝ්‍රතාවයෙන් සිසේරියන් සැත්කම් කළ හැකිද යන්න විමසන අයගේ දැන ගැනීමට එහි ජායාරුපයක් මෙහි පළ කරමි.

මේ දක්ෂතා පිරිපුන් වෛද්‍යවරයා කුරුණෑගල, දඹුල්ල සහ ගලේවෙල රෝහල්වල සේවය කල වෛද්‍ය ෂාෆි ශිහාබ්දීන්ය. එතුමා පසුව වෛද්‍ය වෘත්තියෙන් ඉවත්ව රිෂාඩ් බද්යුදීන් මැතිතුමාගේ පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට පසුගිය මහා මැතිවරණයට එජාපයෙන් තරග කළේය. මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි වූ වෛද්‍ය ෂාෆි පසුව නැවත වෛද්‍ය වෘත්තියට එක් විය.

මින් පැහැදිලි වන්නේ වසර 10 පමණ කාලයකදී සිසේරියන් සැත්කම් 8000 කට වඩා සිදු කළ දක්ෂතාවයෙන් පිරිපුන් වෛද්‍යවරු මෙරට සිටින බවයි.

******

දිවයින පුවත්පතේ සිරස්තලය දුටු වෛද්‍යවරු කිහිප දෙනකු සහ වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ කිහිප දෙනකු සිසේරියානු සැත්කමක් හොරෙන් නොකරන බවත් මේ ආකාරයට වඳ කිරීම් සිදු කිරීම හුදු හිතලුවක් පමණක් බවත් අදහස් දක්වා තිබුණි. ඒ ඇතැමුන් සිය නොදනුවත්බව නිසා එවැනි අදහස් දරා ඇති බව පැහැදිලිය.

ඇතැම් නන්නත්තාර වූ මාක්ස්වාදී දොස්තර පඩංගු සිය බක පණ්ඩිත බව පෙන්වීමට තකතීරු කතා පවසති. මම මේ ගැන ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම ප්‍රසව සහ නාරි රෝග විශේෂඥ වෛද්‍යවරු (VOG) කිහිප දෙනකුට කතා කර විමසීමි. ඔවුන් සියලු දෙනා පැවසුවේ පළපුරුදු වෛද්‍යවරයකුට මෙය ඉතා පහසු කටයුත්තක් බවයි.

සිසේරියානු සැත්කමක් අතර තුර ARTERY FORCEP වර්ගයේ අඬු දෙකක් පැලෝපීය නාල දෙකට යොදා සැත්කම අවසාන වන තෙක් රදවා තැබීමෙන් පැලෝපීය නාල තව දුරටත් ක්‍රියාකාරී නොවන තත්වයට (FIBROSE) පත් වේ. එහි සාර්ථකත්වය 80% බව ඔවුහු මට පැවසුහ. අමුතුවෙන් පැලෝපීය නාල කපා දැමීමට හෝ වඳ සැත්කම් කිරීමට අවශ්‍ය නොවේ. කොළ පුරවා අවසර ගැනීමටද අවශ්‍ය නොවේ.

නොදන්නා මගුල් ගැන බක පණ්ඩිත කතා නොකියා සිටීම දොස්තර නොදොස්තර කොන්දොස්තර කාටත් ගුණය.

– channa jayasumana FB

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress