ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ නඩු තීන්දු සිංහල භාෂාවෙන් ලබා ගැනීමේ අත්සන් ලක්ෂයේ වැඩසටහන….සමාරම්භක අවස්ථාව……2019 ජූලි 18 කොළඹ මහජන පුස්තකාලයේ දී පවත්වන ලදී…..
Posted on July 18th, 2019
අරුන උණවටුන
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු ලබා දිය යුතු භාෂාව සිංහල භාෂාව විය යුතුද? මැයෙන් ජනමතවිචාරණයක් පවත්වන ලෙස ඉල්ලා ගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කිරීම සදහා පුරවැසියන් ලක්ෂයකගේ අත්සන් එකතු කිරීමේ සමාරම්භක නිල උත්සවය 2019 ජූලි මස 18 වන දින සවස කොළඹ 07 මහජන පුස්තකාලයේ ප්‍රවේශාගාරයේ දී නීතිඥවරු ඇතුලු විද්වත් පිරිසගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී. එම අවස්ථාවට වැඩම කළ කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘතික අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍ය ඉදුරගාරේ ධම්මරතන හිමියන් සිය අත්සන ලබා දෙන අවස්ථාව සහ සිංහල භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු තීන්දු ලබා ගැනීම රටේ බලය පිළිබද ප්රශ්නය තීරණය කිරීමක් බවට දේශනය පවත්වන අවස්ථාවත්, අත්සන් ලක්ෂය සදහා පුරවැසියන් සිය සහාය ලබා දෙන අකාරයත් භාෂා පරමාධිපත්‍යය පිළිබද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෙදීම් පිළිබද දේශනය නීතිඥ අරුණ ලක්සිරි උණවටුන සහ බුද්ධ ශාසනය සහ රටේ අනන්‍යතාවය පිළිබදව නීතිඥ ක්‍රිසන්ත නිස්සංක දේශන පවත්වන ආකරයත් මෙහි දැක්වේ…
