එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයෙකු හමු වීම පිළිබද තොරතුරු ප්‍රසිද්ධියට පත් කරන ලෙස නීතිඥවරයෙක් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා සිටී…..
Posted on July 25th, 2019
Sri Lanka News
අද දින පුවත්පත්වල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයෙකු අගවිනිසුරුවරයා පසුගිය ආසන්න දිනයක හමු වී සාකච්ඡා කර ඇති බව සදහන් වන අතර ඒ පිළිබදව සම්පූර්ණ තොරතුරු ලබා ගැනීමට පුරවැසියෙකු ලෙසත්, නීතිඥවරයෙකු ලෙසත් අවශ්‍ය බව බව නීතීඥ අරුණ ලක්සිරි උණවටුන අගවිනිසුරුවරයා වෙත දන්වා ඇත.
එකී සාකච්ඡාව සම්බන්ධව අදාල සියලු තොරතුරු ජනතාවට දැන ගැනීමට ලැබීම නීතියේ පාලනය සම්බන්ධයෙන් වැදගත් හෙයින් ඒ සම්බන්ධ තොරතුරු රාජ්‍ය භාෂාවෙන් ප්‍රසිද්ධියට පත්කරන ලෙස ඔහු අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා ඇත.
මෙම ලිපියේ පිටපත් කතානායකවරයාටත්, රාජ්‍ය භාෂා කොමිෂන් සභාව සභාපතිවරයාටත්, නීතිපතිවරයාටත් යොමු කර ඇත. එකී ලිපිය පහත දැක්වේ.
