ගෝඨාභය නිර්පාක්ෂික වීම ගැන නිදහස් පක්ෂය සතුටින්
Posted on August 15th, 2019
උපුටා ගැන්ම හිරු පුවත්
ජනාධිපතිවරණ අපේක්ෂක, ගෝඨාභය රාජපක්ෂ නිර්පාක්ෂික වීම සතුටුදායක තත්ත්වයක් බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මේ බව කියා සිටියා
මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සාකච්ඡාවලට බාධාවක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසනවා.
තඹුත්තේගම – සෝලම ප්‍රදේශයේ අද පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.