අසත්‍ය මඩ පෝස්ටර් හරහා මාධ්‍ය නිදහසට සිදුකරන බලපෑම සම්බන්ධයෙන් හිරු මාධ්‍ය ජාලයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්
Posted on October 31st, 2019
උපුටා ගැන්ම හිරු පුවත්
ස්වාධීන මාධ්‍යයට බලපෑම් කරමින් හිරු මාධ්‍ය ජාලයට එරෙහිව දියත් කර තිබූ මඩ පෝස්ටර් ව්‍යාපාරයක් පිළිබඳව අද පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් සිදුකළා.
කොළඹ නගරය අවට හිරු මාධ්‍ය ජාලයට එරෙහිව අද මඩ පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කර තිබුණා.
එම මඩ පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයින් මරදාන ප්‍රදේශයේදී හිරු වාර්තාකරුවන්ගේ කැමරාවටද හසුව තිබූ අතර, ඔවුන් ත්‍රීරෝද රථවලින් සහ වෑන් රථයකින් එම මඩ පෝස්ටර් ඇලවීමේ ව්‍යාපාරයේ නිරතව සිටියා.
අංක 21 – 0877 දරන ත්‍රී රෝද රථය ඔවුන් පැමිණි එක් ත්‍රීරෝද රථයක් වන අතර, එහි හිමිකරු වන්නේ එස්.සිවරාජ් නම් පුද්ගලයෙක්.
ඔහුගේ ලිපිනය ලෙස සඳහන් වූයේ 145/127- ඒ, නාගස්වත්ත, කිරුලපන ලෙසයි.
මඩ පෝස්ටර් ඇලවීම සඳහා තවත් ත්‍රීරෝද රථයක් හා වෑන් රථයක් පැමිණ තිබුණා.
එලෙස පැමිණි අංක 253 – 6550 දරන වෑන් රථය ලියාපදිංචි වී ඇත්තේ එන්.අයි.සී. මොරායස් නම් පුද්ගලයාට වන අතර, ඔහුගේ ලිපිනය වන්නේ අංක 228, තිඹිරිගස්යාය පාර, කොළඹ 05 යි.
NC ABE – 2619 යන අංක දරන ත්‍රීරෝද රථයද මඩ පෝස්ටර් ඇලවීම සඳහා පැමිණ තිබූ අතර, එය ඩී.එම්.ආර්. කුමාර සිරිවර්ධන, සමූපකාර පෙදෙස, ට්‍රැක් 04, නව නගරය, මැදිරිගිරිය යන ලිපිනය යටතේ ලියාපදිංචි වී තිබුණා.
මොරටුව ප්‍රදේශයේද හිරු මාධ්‍ය ජාලයට එරෙහිව මඩ පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයන්ගේ රූපරාමු අප වෙත ලැබී තිබෙන අතර, කොළඹ – කොටා පාර ප්‍රදේශයේදී හිරු මාධ්‍යයට එරෙහිව මඩ පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයන්ගේ දර්ශන ආරක්ෂක කැමරාවක සටහන් වී තිබුණා.
මේ අතර, කොට්ටාව ප්‍රදේශයේ ද මෙම මඩ පෝස්ටර් අලවා තිබූ අතර, එම ස්ථානයට පැමිණි තරුණයෙකු එම මඩ පෝස්ටර් ඉරා දමනු ලැබුවා.
මෙම මඩ පෝස්ටර් පිළිබඳ හිරු මාධ්‍ය ජාලය අද පොලිස් මූලස්ථානය වෙත CIB 3-187/43 දරන අංකය යටතේ පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
මේ අතර, ස්වාධීන මාධ්‍යය වෙත එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් මහා සංඝරත්නය දේශපාලනඥයින් සහ සිවිල් ක්‍රියාකාරීන් අද අදහස් පළ කරමින් විරෝධය පළ කළා.