ගෝඨාභයගේ සහයට දේශපාලන පක්ෂ 17ක්
Posted on October 31st, 2019
උපුටා ගැන්ම හිරු පුවත්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 17 ක් එක්ව පිහිටුවන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට අදාළ අවබෝධතා ගිවිසුමට අද අත්සන් තැබුණා.
ඒ කොළඹ පදනම් ආයතනයේදීයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ඊ.පී.ඩී.පී සංවිධානය, ලංකා කම්කරු කොංග්‍රසය, ජාතික කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ 17 ක ලේකම්වරුන් මෙම ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියා.
ගිවිසුම අත්සන් තැබීමෙන් අනතුරුව පක්ෂ නියෝජිතයින් ප්‍රතිඥාවක් ද ලබා දුන්නා.