14 සහ 15 යන දෙදින සිදුවන දෙයක් ගැන විමල්ගෙන් හෙළිදරව්වක්
Posted on November 10th, 2019
උපුටා ගැන්ම හිරු නිව්ස්
වයිබර් සහ වට්ස්ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ 14 සහ 15 යන දෙදින විපක්ෂයේ ජනපති අපේක්ෂකයාට එරෙහිව මඩ ප්‍රචාර ගෙන යෑම සඳහා ආණ්ඩුව විශාල මුදලක් යොදවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරනවා.
කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු පැවසුවේ ආණ්ඩුව ගෙන යන මඩ ප්‍රචාර සම්බන්ධව තමන් කළ හෙළිදරව් මේ වනවිට කරලියට පැමිණෙමින් තිබෙන බවයි.
ඒ අනුව රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැහැර ගැනීම් සිදුකළ බව කියන සුදුවෑන් රථ රියදුරෙක් සහ පැහැර ගැනීමට ලක්වූ බව කියන පුද්ගලයෙකු සමග අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූවා.
ඊට සහභාගී වූ පුද්ගලයන් දෙදෙනා ඝන රැවුලකින් මුහුණේ ස්වරූපය වෙනස් කර පැමිණ සිටි බව දක්නට ලැබුණා.
මේ අතර, විමල් වීරවංශ මන්ත්‍රිවරයා අද මොරටුව ප්‍රදේශයේ පැවැති රැස්වීමකදී මේ සම්බන්ධව මෙලෙස අදහස් පළ කළා.
අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විමල් වීරවංශ මන්ත්‍රිවරයා ආණ්ඩුව විසින් ඉදිරි දින කිහිපය තුළ ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව සැලසුම් කර ඇති මඩ ප්‍රචාර සම්බන්ධව මෙවැනි අනාවරණයක් සිදුකළා.