ස්විස් සිද්ධිය ගැන අගමැති පූර්ණ වාර්තාවක් ඉල්ලයි
Posted on November 28th, 2019
උපුටා ගැන්ම හිරු නිව්ස්
ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් රඳවාගෙන ප්‍රශ්න කළ බව කියන සිද්ධිය පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස ආරක්ෂක අංශ වලට තමා උපදෙස් ලබාදුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඔහු යටතේ පවතින නිවාස සංවර්ධන අමාත්‍යාංශයේදී අද වැඩ භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
කෙසේ වෙතත්, අද පස්වරුව දක්වා ඊට අදාලව කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී නොතිබුණු බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.
එහෙත් පැමිණිල්ලක් නොමැතිව වූවද, විමර්ශන සිදුකරන ලෙස තමන් දැනුම්දුන් බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එහිදී වැඩිදුරටත් කියා සිටියේ.