රටේ වටිනා ඉඩම් රැසක් තම ගජ මිතුරන්ට ලබා දී ඇති බවට හිටපු ඇමති සජිත්ට චෝදනාවක්
Posted on December 2nd, 2019
උපුටා ගැන්ම හිරු නිව්ස්
හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් නිලධාරීන්ට බලපෑම් කර රටේ වටිනා ඉඩම් රැසක් තම ගජ මිතුරන්ට ලබා දී ඇති බවට නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා චෝදනා කරනවා.
ඔහු මේ චෝදනාව සිදු කළේ අද එම අමාත්‍යාංශයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ නව ගම්මාන ඉදිකිරීමේ මුවාවෙන් සජිත් ප්‍රේමදාස මහතා දිස්ත්‍රික්ක ගණනාවක විශාල පිරිසක් රවටා ඇති බවයි.