ජනපති කොමිසම හමුවට පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර සාක්ෂි දෙයි
Posted on December 23rd, 2019
උපුටා ගැන්ම හිරු නිව්ස්
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ පසුගිය දිනවල නම කියවුණු පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර අද සාක්ෂි ලබාදුන්නා.
එහිදී අනාවරණ වුණේ ඔහු පොලිස් විමර්ශන ඒකකයට සහ ජනාධිපති කොමිසමට ලබාදුන් සාක්ෂි අතර පරස්පරතා පවතින බවයි.
දිවුරුම් පිට සාක්ෂි ලබාදෙමින් අසත්‍ය කරුණු පවසන්නේ නම් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ඔහුට නීතිමය පියවර ගත හැකි බව මෙහිදී ජනාධිපති කොමිසම පොලිස් අධිකාරී සංජීව බණ්ඩාරට අවවාද කළා.
පාස්කු ප්‍රහාරය සිදුවූ දින නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක ආරක්ෂාව වැඩි කරන ලෙස තමාට ලබාදුන් පණිවුඩය එම අවස්ථාවේදී තමන් යටතේ පවතින පොලීසිවල ස්ථානාධිපතිවරුන්ට දැනුවත් නොකළේ ඇයිදැයි රජයේ අධිනීතිඥ සංජීව දිසානායක පොලිස් අධිකාරීවරයාගෙන් මෙහිදී වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියා. ඊට පිළිතුරු ලබාදෙමින් පොලිස් අධිකාරීවරයා කියා සිටියේ එම අවස්ථාවේ අකුණු සහිත අයහපත් කාලගුණයක් පැවතීම නිසා දුරකථන ඇමතුම් ලබා ගැනීමට එදින තමාට නොහැකි වූ බවයි.
සාමාන්‍ය පරිදි ආරක්ෂාව වැඩි කිරීමට උපදෙස් ලබාදුන්නා සේ සිතා තමන් පොලිස් ස්ථානාධිපතිවරුන්ට එදින රාත්‍රීයේදීම අදාළ පණිවුඩය ලබානොදී පසුදින පෙරවරුවේ ලබාදුන් බව ද ඔහු කියා සිටියා.
කෙසේ වෙතත්, අප්‍රේල් 8 වන දා සිට 31 වන දා දක්වා පොලිස් අධිකාරී සංජීව බණ්ඩාරට ලැබුණු සහ ලබා ගත් දුරකථන වාර්තා මෙහිදී රජයේ අධිනීතිඥයා මෙහිදී කොමිසමට ඉදිරිපත් කළ අතර, එහිදී අනාවරණ වුණේ ප්‍රහාරයට පෙර දින පස්වරු 7.26ට නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක ලබා ගත් දුරකථන ඇමතුමෙන් අනතුරුව පස්වරු 7.55 කාලය දක්වා මෙම පොලිස් අධිකාරීවරයා ඇමතුම් කිහිපයක්ම ලබාගෙන ඇති බවයි. අවශ්‍යතාවක් තිබුණේ නම් තමන්ට ස්ථානාධිපතිවරුන් දැනුවත් කිරීමේ හැකියාවක් තිබූ බවත් ඊට කාලගුණය බාධාවක් වී නොමැති බවත් රජයේ අධිනීතිඥවරයා කොමිසම හමුවේ වැඩිදුරටත් පෙන්වා දුන්නා.
මේ අතර, පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට අදාලව හිටපු අමාත්‍යවරුන් වන රිෂාඞ් බදියුදීන් සහ රවුෆ් හකීම්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වන බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අද අධිකරණයට දැනුම් දුන්නා. පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර මාලාව වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම මඟින් රාජකාරිය පැහැර හැර සාපරාධී මිනී මැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් කර සිටින අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ලබන වසරේ ජනවාරි 6 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කළේ.
මීට අමතරව අද නඩුව කැදවූ අවස්ථාවේදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම පරීක්ෂණවලට අදාලව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ කතානායකවරයාගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවයි. එමෙන්ම කාදිනල් හිමියාණන්ගෙන් ද නත්තල් උත්සවය අවසන් වීමෙන් පසු ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව