අත්අඩංගුවට ගන්න පෙර රාජිත රෝහල් ගතවේ…? එතැනින් සිංගප්පූරු පනින්න හිලක් හදාගනී..??
Posted on December 24th, 2019
උපුටා ගැන්ම ලංකාසීනිවුස්
හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වන්නැයි නීති උපදෙස් ලැබී ඇතැයි වාර්තා වෙයි.
වහා අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත්කර තිබියදී සේනාරත්න මහතාට මෙසේ පුද්ගලික රෝහලට ඇතුළත් වන්නැයි උපදෙස් ලැබී ඇත්තේ සිය හෘද රෝගී තත්වය මූලික කරගෙන ය.
රාජිත සේනාරත්න මහතා පත් පසුගිය කාලයේදී සිංගප්පූරුවේ දී හෘද සැත්කමකට භාජනය වූ අතර දීර්ඝ කාලීන ඖෂධ භාවිතා කරන්නෙක්ද වෙයි.
සාමාන්‍යයෙන් හෘද සැත්කමකින් පසු ඒ සම්බන්ධයෙන් වන වෛද්‍ය පරීක්ෂණ හා ප්‍රතිකාර සඳහාද පෙර වෛද්‍යවරයා වෙත යොමුවීම සාමාන්‍ය ලෙස සිදුවන්නකි.
ඒ අනුව නැවතත් රාජිත සේනාරත්න මහතා සිංගප්පූරු යෑම සඳහා අධිකරන අවසරයක් ලබා ගැනීමට ද අවස්ථාවක් නිර්මාණය කර ගැනීම අදහස වී ඇත.
මේ වනවිට ඔහුට විදෙස් ගමන් තහනම් කරමින් අධිකරණය විසින් නියෝග පනවා ඇත.
ජනාධිපතිවරණයට පෙර ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග නිකුත් කර තිබේ.
මේ අතර වාර්තා වන්නේ තමන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත ඔහු ගත කළ හොත් බන්ධනාගාරයට නොයා වහාම රෝහල් ගත වීම සඳහා අවශ්‍ය සියලු වෛද්‍ය සහතික මේ වන විටත් සේනාරත්න මහතා විසින් නීතීඥයන් හරහා සූදානම් කර ඇති බවයි. හෘද සැත්කමකට ඔහු භාජනය කර ඇති නිසා ඔහුට ඒ සඳහා වැඩි අවස්ථාවක් ලැබෙනු ඇති බව නීතිඥයන් ගේ අදහසයි.