ඇස් පනාපිටම ක්‍රිස්තියානි ග්‍රහණයට ලක්වන තුන් හෙළේ බෞද්ධ සමාජය
Posted on January 5th, 2020

සුගත් රත්නවීර. සිඩ්නි නුවර. වරළත් මූල්‍ය විශ්ලේෂක

සියවස් සතරක් මහා පරිමාණ අඩන්තේට්ටම් සමුදායක් කරලත් සුද්දාට හැකිවුණේ ලක් සමාජයෙන් 7%ක් ක්‍රිස්තියානි කිරීමටය. ඉන්දියාවේ තත්ත්වයද එසේමය. ඊට ප්‍රධානම හේතුව ස්වදේශ විශ්වාස හෑල්ලුවට ලක් කල, ස්වදේශ ධර්මයන්ට උසුළු විසුළු කළ ක්‍රිස්තියානි මිෂනාරී ක්‍රමයයි.   එහෙත් 21 වන සියවසේ ක්‍රිස්තියානි මිෂනාරීන් පරණ වැරදි හදාගත් සැටියකි. දක්ෂ අලෙවිකරුවෙකුට එස්කිමෝ වරයෙකුට ශීතකරණයක් පවා විකිණිය හැකිය! 
අද ක්‍රිස්තියානි පල්ලිය බෞද්ධයා සමග “ඇර ගන්නේ” නැත. එක්තරා ස්වාමීන් වහන්සේ නමක් පවසූ ආකාරයට අලුත් ක්‍රමය “නරියා සහ කේජු කෑල්ල” වැනිය. ප්‍රථමයෙන්ම ඔවුන් බෞද්ධ දර්ශනය වර්ණනා කරයි. ක්‍රමයෙන් ඔවුන්ගේ බයිබල් මතය ජනගත කරයි. දිගින් දිගටම සිදුවන මෙම සමාජය නිර්වින්දනය කරන සංසිද්දියෙන් වාසි ගන්නේ ක්‍රිස්තියානි ප්‍රචලිතවාදීන්ය. උතුරණ වතුරට කකුළුවන් දැම්මොත් උන් කලබලවී පිටතට එනු ඇත. එහෙත් සීතල වතුරට කකුළුවන් දමා ක්‍රමයෙන් එය උණු කර නටවන මට්ටමට ගෙනාවොත් කකුළුවන් නොදැනීම කකුළු සුප් වනු ඇත.
මෙයට ප්‍රභල සහයක් දෙන්නේ ක්‍රිස්තියානීන් සතු ජනමාධ්‍යයයි. මීට අමතරව මෙම ජනමාධ්‍ය එළිපිටම බෞද්ධ සමාජය දූෂණය කරයි. එහෙත් දේශපාලන හේතු නිසා ඒවා ඉතා ජනප්‍රියය. එම ජනමාධ්‍ය අයිතිකරුවන් ප්‍රභලම දේශපාලකයන් සමග ඉතා කුළුපගය. වඩාත්ම තීක්ෂණ වන්නේ බෞද්ධයා වෙනුවෙන්ම සිටින දේශපාලකයන් සර්ව සම්පූර්ණයෙන්ම ඔවුන් ග්‍රහණයට පත්වෙලාය. 
මෙම සංයෝගය දේශපාලනයට ඉතා සුවදායක වුවත් එයින් මෝඩයාට අන්දෙන්නේ බෞද්ධයාය; නැතිවන්නේ බෞද්ධ දර්ශනයයි. අවාසනාව යනු මෙම යථාර්ථය කියන්නටවත් බෞද්ධයෙකු නැතිවීමයි. දේශපාලනයෙන්, ජඩමාධ්‍යකරණයෙන් සහ නව ක්‍රිස්තියානිකරණයෙන් බෞද්ධයෝ කටේ රඳවාගත් කේජු කෑල්ල වට්ටාගත් කපුටා මෙන් ශතවර්ෂ දෙකක් තිස්සේ ලේ, දහදිය සහ කඳුළු හලා රැකගෙන පැමිණි ශ්‍රී සම්බුද්ධ ශාසනය කෙළෙසා ගන්නෝය.
අප්‍රිකානු රදගුරු ඩෙස්මන්ඩ් ටුටු වරක් පැවසුවේ “සුද්දා එනවිට සුද්දා අතේ තිබුනේ බයිබලයයි. අප අතේ තිබුනේ රටේ ඉඩකඩම්ය. යාක්ඥා කිරීමට සියල්ලෝම දෑස් වසාගති. අරුමයකි! දෑස් හැරියවිට අප අතේ බයිබලයය; උන් අතේ අපේ ඉඩකඩම්ය.”
දැනටමත් බෞද්ධ අප පමා වැඩිය. බහුතර බෞද්ධ සමාජය මෙම තුන් ග්‍රහණයෙන් බේරා ගැනීමට බැරිසේ වෙළී පැටලී ඇත.

3 Responses to “ඇස් පනාපිටම ක්‍රිස්තියානි ග්‍රහණයට ලක්වන තුන් හෙළේ බෞද්ධ සමාජය”

  1. aloy Says:

    Sugath,
    Very true. However do not get the benefits (dole?) of a white country and complain. please come home and correct the situation.

  2. Vaisrawana Says:

    සුගත් රත්නවීර. you are almost 100% right. I for one do not think that Buddhists are too late to proactively resist these renewed attempts to wean them from Buddhism and push them back to medieval superstition. Christianity, unlike Islam, has been subjected to the moderating influence of science based secular humanistic ethics over the past century, and now looks a little more amenable to the humanism of Buddhism. By the way, Islamization through unethical means similar to what is suggested above in the case of proselytizing Christianity is also a real danger in SL today. Buddhists (as non-religionists or secular spiritual seekers) are temporarily vulnerable to subversion by propagators of both these religions (as variously interpreted by different factions of believers) in a world where the supreme superstition known as religion is slowly but surely dying a natural death. For much of this vulnerability of ordinary Buddhists and even Buddhist monks with little learning, the present day Mahanayakes must take direct responsibility. The Maha Sanga (community) must be subjected to an epoch making structural change to be conceived by educated young bhikkhus who are equal to the task.

  3. dingiri bandara Says:

    As it is we already too many religions and the clergy to represent those religions. We have to stop trying be politically correct and ban the missionaries who spread false religions and radical preaches. With so many religions that claim to protect human kind, thethe is so much violence in the world. It is it not ironical that that the places that claim to give salvation like the churches need armed guards to protect the places.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress