ආසන සංවිධායක රැස්වීමට නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණි හිටපු ජනාධිපතිනී විරෝධය මැද හැරී යයි
Posted on January 7th, 2020
උපුටා ගැන්ම හිරු නිව්ස්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක රැස්වීම සඳහා සහභාගී වූ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට පක්ෂ මූලස්ථානයේදී විරෝධයක් එල්ල වුණා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබුණා.
නමුත් අසනීප තත්ත්වයක් හේතුවෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා ඊට සහභාගි වූයේ නැහැ.
එම රැස්වීමට සහභාගීවීම සඳහා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද පක්ෂ මූලස්ථානයට පැමිණි අතර එහිදී ආසන සංවිධායකවරුන් පිරිසක් ඇයට විරෝධය පලකළා.