Exclusive : රන්ජන් පරදන හඬපට තොගයක් සේනාධිපති අතේ.. කප්පම් ගත් ප‍්‍රකෝටි ගණන් ආපසු ගෙවන්නැයි යහපාලන ප‍්‍රබලයන්ට දන්වයි..
Posted on January 11th, 2020

උපුටා ගැන්ම ලංකාසීනිවුස්

පසුගිය යහපාලන රජයේ ඉහළම ප්‍රබලයන්ගේ පුතාලා බෑණාවරුන් සහෝදරයන් හා හිටපු ප‍්‍රබල ඇමතිවරුන් ගණනාවක් තමන්ගෙන් ඉතාමත් අයුතු ලෙස ලබාගත් කෝටි ගණනාවක් කප්පම් මුදල් වහාම ආපසු ගෙවන ලෙස ඇවන්ගාඩ් ව්‍යාපාරයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා දැනුම් දී තිබේ.

දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ඒ මහතා ගේ සුව දුක් බැලීමට ගිය ජනප‍්‍රිය භික්‍ෂූන් වහන්සේ නමක් අත ඒ බව දන්වා ඇත.

තමන්ගේ බිරිඳ සහ දරුවා රක්‍ෂිත බන්ධනාගාරගත කරන්නේ යයි තමන් භීතියට පත් කරමින් ලබා ගත් මිලියන 500 ක් පමණ වන මුදල ඔහු නම් ගම් සහිතව හෙළි කර ඇති අතර එම කප්පම් මුදල් ඉල්ලීම සඳහා තමන්ට ලබාදෙන ලද දුරකතන ඇමතුම් සියල්ල ද පටිගත කර ඇත.

තමන්ට නැවතත් දෙවන රන්ජන් රාමනායක කෙනෙක් වීමට වුවමනා නැති බවත් තමන් ජීවිතයේ ආචාරධර්ම අනුව ජීවත් වන බවද පවසා ඇති ඔහු තමන් සාධාරණ ව්‍යාපාරයෙන් උපයා ගන්නා ලද මුදල කප්පම් ලෙස ගෙවීමට සූදානම් නැති බවත් සදහන් කර තිබේ.

නමුත් එ්වා ආපසු ලබා නොදුනහොත් තමන් දෙවරක් නොසිතන බවත් ඔහු සඳහන් කර තිබේ.

මේ වන විටත් පසුගිය අණ්ඩුවේ හිටපු ප‍්‍රබලයෙක් සේනාධිපති මහතාගෙන් ලබා ගත් කප්පම් මුදලෙන් කොටසක් ගෙදරට ගෙනවිත් දී ඇති අතර ඉතිරි කොසටද වහා ගෙවන ලෙස ඔහුට දන්වා ඇත.

සේනාධපති මහතා විසින් එවකට අල්ලස් කොමිසමේ හිටපු ප‍්‍රධානී දිල්රුක්‍ෂි ඩයස් වෙත ලබා දෙන ලද ඇමතුමක්ද ඔහු විසින් මෑතකදී අන්තර්ජාලයට මුදා හැරි අතර එය මහත් ආන්දෝලනයක් රටතුල ඇති කල අතර ඇයට සේවයෙන් ඉවත් වන්නටද සිදුවිය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress