දුෂ්කරතාවලට අභියෝග කරමින් සරසවි වරම් ලබාගත් දරුවන්
Posted on January 15th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

බොහෝ දුෂ්කරතා මධ්‍යයේ සරසවි වරම් ලබාගත් දරුවන් 8 දෙනෙකු පිලිබඳ පුවතක් පොළොන්නරුව – අසේලපුර මහා විද්‍යාලයෙන් අපට වාර්තා වුණා.

ලෝකය කෙතරම් නවීකරණය වුණත් නාගරීකරණයේ ප්‍රතිලාභයන්ට බොහෝ දුරකින් ඇති, පොළොන්නරුව දිස්ත්‍රික්යේ ඉතා දුෂ්කර ගම්මානයක් වන අසේලපුර ගම්මානයට අධ්‍යාපන, සෞඛ්‍ය, මංමාවත්, නිවාස, රැකියා අවස්ථා මෙන්ම පානීය ජල පහසුකම් වැනි ජීවිතය හා සම්බන්ධ, වෙන්නොකළ හැකි අවශ්‍යතා මේ ගම්මානයට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි මධ්‍යයේයි.

මේ ගම්මානයේ දරුවන්ගේ නිදහස් අධ්‍යාපනයේ යථාර්ථයද, කදුළු කතාවක්.

නමුත් ඊට අභියෝග කරමින්, 2019 වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් මේ ගම්මානයේ දරුවන් 8දෙනෙකු සරසවි වරම් ලබා තිබෙනවා.

නැතිබැරිකමේ කඩුල්ල පැන එන දුප්පත්කමල මේ ගැමි ජීවිත වසා සිටියත්, තම දරුවන්ගේ හෙට ලොව වෙනුවෙන් මේ ගම්මානයේ දෙමාපියන් එය කිසිදු විටෙක බාධාවක් කරගෙන නැහැ.

දරිද්‍රතාවේ බාධකය, බාධවක් නොකරගනිමින් අසීරුවෙන් දිනාගත් සරසවි වරම් යථාර්ථයක් කරගැනීම අදටත් මේ දරුවන්ට සිහිනයක්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress