ශ්‍රී ලංකාවේ ජාතික පාසල් ප්‍රධානාචාර්යතුමියන්ට හා ප්‍රධානාචාර්යතුමන්ලා වෙත ඉදිරිපත් කරනු ලබන විවෘත ලිපියකි.
Posted on January 17th, 2020

චන්ද්‍රසේන පණ්ඩිතගේ

ගරු ජාතික පාසල් ප්‍රධානාචාර්ය තුමියණි/ තුමණි,

ලංකාවේ අතිදක්ෂ ගුරුවරයා හෝ ගුරුවරිය, අද ඔබේ පාසලේ අපොස උසස් පෙළ පන්ති සඳහා උගන්වමින් සිටින බව ඔබත්, ඔබ මෙන්ම අපත්, රටමත් දන්නා කරුණකි. රටේම දක්ෂම ගුරුවරයා එක අවස්ථාවකදී ඔබේ පාසලේ සිටින උපරිම වශයෙන් 40 ක්වූ සිසු දරුවන්ට උගන්වමින් සිටින බව අපි සැවොම දන්නෙමු. රටේ දක්ෂම ගුරුවරයා තම විෂය 40ක් පමණවූ ඔබේ පාසලේ දරුවන්ට පමණක් ඉගැන්වීමට යොදා නොගෙන මුළු රටේම දරුවන්ට එම දැනුම ලබාදීමට ඔබට හා ඔබ පාසලට හැකියාව ඇත. ඔබ ඔබේ පාසල වෙනුවෙන් වෙබ් අඩවියක් නිර්මාණය කර සජීවීව එම පන්ති රටේ අනිකුත් දරුවන්ට සහභාගිවිය හැකි ආකාරයට ගොඩනැංවීමේ හැකියාවක්ද ඔබට ඇත. දෙවනුව දෛනික ඔබ පාසලේ උසස් පෙළ පන්ති Youtube හරහා විකාශනය කිරීමෙන්ද රටේ සියලුම දරුවන්ට දක්ෂම දරුවාගෙන් දැනුම ලබා ගැනීමේ අවස්තාව උදාකළ හැක.

මෙවන් කාර්යකට අත ගැසීම තුලින්, නිදහස් අධ්‍යාපනය මෙරට ලබාදුන් කන්නන්ගර මහතාගේ උදාර ප්‍රාර්ථනයට නවජිවයක් ලබාදීමක් පමණක් නොව ඔබලා හා ඔබ පාසල හා එහි ඉගෙනුම ලබන දු දරුවන්ද යුගයේ විශිෂ්ඨ කාර්යක් ඉටුකළ විරුපරපුරක් බවට ජන හදවත් තුල සටහන්වේ.

එවන් කාර්යකට අතගසා යුග මෙහෙවරකට අතපොවන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress