හදවත හාස්‍යජනකයි – එජාපයේ ජාතික සංවිධායකගෙන් ප්‍රකාශයක්
Posted on February 13th, 2020
උපුටා ගැන්ම හිරු පුවත්
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයට ‘‘අලියා’’ ලකුණ ලබා නොදෙන්නේ නම්, ‘‘හදවත’’ ලකුණෙන් තරඟ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ විපක්ෂ නායක කාර්යාලයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
කෙසේ වෙතත්, සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වූ එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක කියා සිටියේ හදවත ලකුණ හාස්‍ය ජනක සලකුණක් බවයි.