අලියා ලකුණින් තරග කිරීමට තීරණය වු බව එජාප නායක රනිල් කියයි
Posted on March 2nd, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

ඉදිරි මහ මැතිවරණයට අලියා ලකුණින් තරග කිරීමට තීරණය වු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ ඊයේ රැස්වූ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙම තීරණයට එකඟත්වය පළ කළ බවයි.

කෙසේ වෙතත්, තමන් ඊට එකඟ නොවූ බව සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය පවසනවා.

ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වන ආකාරය සහ සමඟි ජනබලවේගයේ ලකුණ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් ඊයේ පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කැඳවා තිබුණේ  පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ඊට එක්ව සිටියා.  

ඉදිරි මහ මැතිවරණයට අලියා ලකුණින් තරග කිරීමට ගෙන ඇති තීරණයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් 7 දෙනෙකු එහිදී එකඟතාව පළ කර නැහැ.

ඔවුන්  ‘දුරකථනය ලකුණින් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වියයුතු බවට පවසා ඇතත් ඊට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරයක් විරෝධය පළ කර තිබෙනවා.

ඒ අනුව ඊයේ රාත්‍රීයේ  පැය 3කට ආසන්න කාලයක් පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ද අවසන් වූයේ දෙපාර්ශවයේ එකඟතාවකින් තොරවයි.

අනතුරුව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ මූලස්ථානයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ගත් තීරණ සම්බන්ධයෙන්  අදහස් පළ කළා.

මේ අතර, අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ සහ විපක්ෂ නායක කාර්යාලයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවලදී පක්ෂ අර්බුදය සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වුණා.

මේ අතර, අද පෙරවරුවේ සමඟි ජනබලවේගයේ සමාරම්භක උත්සවය  සංවිධාන කර තිබූ වේලාවේදීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ  මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයට පළාත් පාලන නියෝජිතයින් හා ආසන සංවිධායකවරුන් පිරිසක් සාකච්ඡාවක් සඳහා කැඳවා තිබුණා.

එම අවස්ථාවේදී සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණ සිටි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා වත්මන් පක්ෂ අර්බුදය සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress