අධිකරණ නියෝගයක් නොමැතිව ශානි අබේසේකර කළ දෙයක් ගැන ජනපති කොමිසමේදී හෙළිවෙයි
Posted on March 6th, 2020
උපුටා ගැන්ම හිරු පුවත්
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ සැකකරුගේ සහ ඔහුගේ බිරිඳගේ දුරකථන අධිකරණ නියෝගයකින් තොරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් ඇමරිකාවේ එෆ්.බී.අයි. ආයතනයට සහ ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලිසියට භාරදී ඇති බවට අද අනාවරණ වුණා.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත දිසානායක මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමේදී.
පාස්කු ප්‍රාහාරය පිළිබද සොයා බලන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ අද සාක්ෂි ලබා දුන්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලලිත දිසානායක මහතායි.
සාක්ෂි විමසීම ආරම්භ කරමින් රජයේ අධිනීතීඥවරයා විමසා සිටියේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඔබට ප්‍රධාන විමර්ශනයක් භාර දුන්නේද යන්නයි ?
ඊට පිලිතුරු ලබා දෙමින් ප්‍රධාන පොලිස් පරික්ෂක ලලිත දිසානායක මහතා සදහන් කළේ තම ජ්‍යෙෂ්ඨ නිළධාරියා වන වී.එස් තිසේරා මහතාගේ උපදෙස් මත කොච්චිකඩේ ශාන්ත අන්තෝනී දේවස්ථානයේ බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට එම ස්ථානයට ගිය බවයි.
කොමිසම ප්‍රශ්න කර සිටියේ වවුනතිව්වලදී පොලිස් නිළධාරින් සිව් දෙනෙකු ඝාතනය කිරීම සමබන්ධයෙන් සැක සහිත පුද්ගලයින් බෝම්බ ප්‍රහාරයට සමබ්න්ධ වී ඇද්ද යන්නයි ?
ඊට පිළිතුරු දුන් ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා සදහන් කලේ සැකකරුවන් සිව් දෙනාගෙන් දෙදෙනෙකු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වී ඇති බවට විමර්ශනවලදී අණාවරණ වූ බවයි.
කොච්චිකඩේ දේවස්ථානයේ බෝම්බකරුගේ සහ ඔහුගේ බිරිදගේ දුරකතන විමර්ශන සදහා පොලිස් භාරයට ගැනීමට හැකිවූ බවත් අදාල දුරකතන 2019 මැයි මස 08 වැනිදා ඇමරිකාවේ ත්‍ඊෂ ආයතනයට සහ ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලිසියට භාර දෙන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර නියෝග කල බවත් සාක්ෂි ලබා දීමේදී ප්‍රධාන පොලිස් පරික්ෂක ලලිත දිසානායක මහතා අණාවරණ කළා.
ඒ හේතුවෙන් සාක්ෂි විනාශ වීමට ද ඉඩ ඇති බවත් අදාල සාක්ෂි ඇමරිකාවට සහ ඕස්ට්‍රේලියාවට ලබා දී ඇත්තේ ශානි අබේසේකරගේ උපදෙස් මතම පමණක් බවත් අධිකරණ නියෝගයකින් තොරව එයි සිදුව ඇති බවත් ලලිත දිසානායක මහතා සාක්ෂි ලබා දෙමින් කොමිසම හමුවේදී හෙළි කළා.