හිටපු ඇමති බදියුදීන්ට එරෙහි පැමිණිල්ල ගැන විමර්ශණ සිදුකර නැතැයි චෝදනාවක්
Posted on March 6th, 2020
උපුටා ගැන්ම හිරු පුවත්
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව තමන් සිදුකළ පැමිණිල්ල තවමත් විමර්ශනය කර නොමැති බවට උතුරේ මුස්ලිම් ජනතාව නම් සංවිධානයේ ලේකම් රාසික් මොහොමඩ් කාදර් ඛාන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට චෝදනා කරනවා.
ඔහු පවසන්නේ තමන් හිටපු අමාත්‍යවරයාට විරුද්ධව පැමිණිල්ල සිදුකර අදට වසර 5ක් ගතව ඇති බවයි.
උතුරේ මුස්ලිම් ජනතාව සංවිධානයේ ලේකම් රාසික් මොහොමඩ් කාදර් ඛාන් මහතා අද අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට පැමිණ තමන් සිදුකළ පැමිණිල්ල පිළිබඳව විමසනු ලැබුවා.