පොරොන්දු වූ පරිදි සේවක ඉල්ලීම් ලබා දීමට කඩිනමින් මැදිහත්වන ලෙස ඉල්ලා සිටීම.
Posted on April 22nd, 2020

සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය.

පොරොන්දු වූ පරිදි සේවක ඉල්ලීම් ලබා දීමට කඩිනමින් මැදිහත්වන ලෙස ඉල්ලා සිටීම.

ශ‍්‍රී ල.ං.ග.ම. සභාපති කිංස්ලි රණවක මහතා සියලූම ශ‍්‍රී ල.ං.ග.ම. වෘත්තීය සමිති සමඟ 2020.04.21 වන දින පස්වරු 2.00ට ශ‍්‍රී ල.ං.ග.ම. ප‍්‍රධාන කාර්යාලයේ දී සාකච්ඡාවක් පවත්වන ලදි.

* ශ‍්‍රී ල.ං.ග.ම. සේවකයින් හට මුඛ ආවරණ, අත්වැසුම් සහ වෙනත් වෛද්‍ය පහසුකම් ලබා දීමට මැදිහත් වන ලෙස

* අත්‍යවශ්‍ය සේවාවන් වල සේවකයින් ජීවිත පරදුවට තබා ප‍්‍රවාහනය කරන ශ‍්‍රී ල.ං.ග.ම. සේවකයින් හට විශේෂිත දිරි දීමනාවක් ලබාදෙන ලෙස

* දෛනික සේවාවන් වල නිරත වූ සේවකයින් හට ගංවතුර ආධාර ඉතිරි මුදල සමානව බෙදා දෙන ලෙස

* ශ‍්‍රී ල.ං.ග.ම.ය තුළ අලූතින් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන සුබසාධක සමිතිය විධිමත්ව කඩිනමින් ස්ථාපිත කරන ලෙස

* රු.50 000/- ණය මුදල මෙතෙක් ලබා නොදී ඇති ශ‍්‍රී ල.ං.ග.ම. ප‍්‍රධාන කාර්යාලයේ සේවකයින් හට සහ පිටකොටුව මධ්‍යම බස්රථ කාර්යාලයේ සේවකයින් හට ලබාදීමට මැදිහත් වන ලෙස

* මාරුවීම් මණ්ඩලය කඩිනමින් කැඳවන ලෙස

* රණවිරුවන් සුව විරුවන් හා සමානව ම ‘‘ල.ං.ග.ම. විරුවන්’’ ජීවිත පරදුවට තබා කරන සේවය අගය කර ල.ං.ග.ම. විරුවන් පිළිබඳව ඇගයීමක් පාලකයින්ට සහ මාධ්‍ය ආයතන වලට ප‍්‍රකාශකර සිටින ලෙස

* සියලූම වෘත්තීය සමිති වලට සමානව පහසුකම් ලබාදෙන ලෙස

ඉහත ඉල්ලීම් ඉටුකරන ලෙස වෘත්තීය සමිති විසින් මෙදින ඉල්ලා සිටි අතර එම සියලූම ඉල්ලීම් ඉටු කිරීමට කඩිනමින් මැදිහත්වන බව ශ‍්‍රී ල.ං.ග.ම. සභාපතිතුමා පොරොන්දු වූ අතර එම පොරොන්දු ඉටු කිරීමට ක‍්‍රියාකරන ලෙස අප සංගමය වගකීමෙන් යුතුව ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට – විශ්වාසී,
සේපාල ලියනගේ
ප‍්‍රධාන ලේකම්
සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress