යක්ෂයෙකු පෝෂණය කර ඌටම ගොදුරු වූ දෙමළ දේශපාලකයින්ගේ ඛෙදවාචකය -නිවැසියන්ගේ සංග්‍රහ විඳ එහි සිටියවුන් මරා දමති
Posted on July 13th, 2020

ජානක පෙරේරා විසිනි

 කොටි ත්‍රස්තවාදීන් හිටපු විරුද්ධ පක්ෂ නායකයකු මෙන්ම දෙමළ එක්සත් පෙරමුණේ නායක සහ  ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වූ අප්පාපිල්ලේ අමිර්තලිංගම් ඇතුළු පිරිසක් ඝාතනය කර ජුලි 13 දාට තිස් එක් වසරක් සපිරුනි.   සිංහල පොලිස් නිලධාරියෙකුගේ වීරත්වය ලොවට පෙන්වූ එම සිද්ධියේ ඉතාමත්ම සවිස්තර වාර්තාව පළමු වරට සැපයුවේ  ප්රවීන ඉංග්රීසි මාධ්යවේදියෙකු වන ඩී. බී. එස්ජෙයරාජ්ය.  (ඉන්දියන් සාම හමුදාව සහ කොටි සංවිධානය අතර සටන් පැවති  සමයේදී ආරක්ෂාව පතා පිටරට ගිය ජෙයරාජ්ට කැනඩාවේදී කොටි ක්රියාකාරිකයන් පහරදී බරපතල තුවාල සිදු කලහ. ඔහු එරටදී පලකල මධ්යස්ත දෙමළ පුවත්පතක් නිසාවෙනි).

මේ ඝාතනවල සම්පූර්ණ විස්තරය සහ පසුබිම මීට වඩා  බොහෝ දීර්ඝ නමුත් මෙය එහි සංක්ෂිප්තයකි.   

_______________________________________________________________________

  1987-1990 භීෂණ සමයයි. එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජය ඇතුළු සන්නද්ධ කල්ලි සහ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශය වූදේශප්රේමී ජනතා ව්යාපාරය එකිනෙකාට විරුද්ධව දකුණේ  තරඟයට මිනී මරමින් සිටියහ. ඉන්දීය සාම සාධක හමුදාව සහ කොටි ත්රස්තවාදීන් එකිනෙකාට විරුද්ධව සටන් වැද සිටියේ උතුරේ සහ නැගෙනහිරයි

 දිනය 1989 ජුලි 13දාය. එදින සවස 6.40 කොටි සංවිධානයේ සාමාජිකයන් තිදෙනෙක් කලින් කතාකරගත් සාකච්ඡාවක් සඳහා බව කියමින් කොළඹ බෞද්ධාලෝක මාවතේ අංක 342/2 දරණ අමිර්තලිංගම් මහතාගේ  දෙමහල්  නිවසට කුලී රියකින් පැමිණියහ.  ඔවුන් නම් රාසයියා හෙවත් විසු, පීට ලියොන් ඇලෝසියස් හෙවත් විග්නා සහ සිවකුමාර් හෙවත් අරිවූ .    නිවසේ සිටි අයගේ ආරක්ෂාව පිණිස මහවැලි අමාත්යාංශයේ ආරක්ෂක නිලධාරීන් සය දෙනෙක් සහ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් එම නිවස පිටත රැකවලෙහි යෙදී සිටියහ.   අමිර්තලිංගම් මහතා සහ ඔහුගේ බිරිය වූ මන්ගයියාර්ක්කරසි අමතරව යාපනේ හිටපු පාරිමේන්තු මන්ත්රී වෙට්ටිවේලු යෝගෙස්වරන්, ඔහුගේ බිරිය සරෝජිනී සහ හිටපු පාර්ලිමේන්තු නියෝජ් කතානායකවරයෙකු  සහ පසුව දෙමළ එක්සත් පෙරමුණේ නායකත්වයට පත් මුරුගේසු සිවසිත්තම්පරම් සහ මාවයි සේනාතිරාජාද එදා එම නිවසේ සිටියහ. මේ දිනවලම කොටි සංවිධානයේ දේශපාලන අංශ නායක නරේන්ද්රන් හෙවත් යෝගි සහ ඔවුන්ගේ න්යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් ඇතුළු කොටි නියෝජිත පිරිසක් ජනපති ප්රේමදාස රජය සමග  කොළඹදී සාකච්ඡා පවත්වමින් සිටියහ.  අමිර්තලිංගම් නිවසේසාකච්ඡාවට යෝගි සහභාගී වන බව කලින් දන්වා තිබු නමුත් ඔහු පැමිණියේ නැත.

 එම නිවසට පැමිණෙන කොටි නියෝජිතයන් අපහසුවට පත්විය හැකි බැවින් ඔවුන්ව  සෝදිසි නොකරන ලෙස  යෝගෙස්වරන් මහතා නිවසේ ආරක්ෂාව බාරව සිටි උප පොලිස් පරීක්ෂක තම්බිරාජා කන්දසාමිට උපදෙස් දී තිබින.   තම්බිරාජා ඊට එකඟ වුයේ කැමැත්තකින් නොවේ. ඔහු පැවසුවේ, “සර් මුන්ව විශ්වාස කරන්න බැයනුවෙනිඑහෙත් කිසි කරදරයක් විය නොහැකි බවට විශ්වාසය පලකල යෝගෙස්වරන් පොලිස් නිලධාරියාගේ සැකය දුරු කරන්නට තැත් කලේය.  

 අපි මේ අයට සැලකිය යුතුයි. එසේ නොකොළොත් ඉදිරි සාකච්ඡා වලට ඔවුන්ව ගෙන්වා ගන්න බැරිවේවි  යෝගෙස්වරන් වැඩි දුරටත් පැවසීය.

  අනුව කොටි තිදෙනා සෝදිසි නොකරන ලෙස කන්දසාමි අකමැත්තෙන් වුවද සෙසු ආරක්ෂක නිලධාරීන්ට දැන්වීය. උපදෙසට අනුව නිවසට ඇතුල්වන දොරටුව අසල රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරි සත්‍යමූර්ති කොටි පිරිසට සෝදිසියකින් තොරව නිවසට ඇතුල්වීමට ඉඩ දුන්නේය.   යෝගෙස්වරන් මුණගැසීමට විසු සහ ඇලෝසියස් උඩුමහලට ගිය අතර සිවකුමාර් හෙවත් අරිවූ පඩිපෙල පාමුල සිටගත්තේය.

යෝගෙස්වරන් අවස්ථාවේ සිය බිරිය සමග රූපවාහිනිය නරඹමින් සිටියේය. ඔහු කොටින් දෙදෙනා උණුසුම්ව පිලිගත් අතර සරෝජිනී ඔවුන්ට සංග්‍රයක් සූදානම් කිරීමට නැගිට ගියාය.  පහල මහලේ අමිර්තලිංගම්ඔහුගේ බිරිය, සිවසිත්තම්පරම් සහ සේනාතිරාජාද රූපවාහිනි නරඹමින් සිටියහ.

  අවස්ථාවේ ඉන්දියානු මහකොමසාරිස්වරයාගේ ඇරයුමට අනුව ඔහුගේ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී  වීම සඳහා ඇඳ පැළඳගෙන සූදානමින් සිටි අමිර්තලිංගම් සහ සිවසිත්තම්පරම්, යෝගෙස්වරන්ගේ දැනුම් දීමෙන් පසු කොටි නියෝජිතයන් හමුවීමට උඩුමහලට පැමිණියහ. ඔවුන් දුටු කොටි තිදෙනා ගරු සරු දක්වමින් සිටගත්හ. අමිර්තලිංගම් ඔවුන්ගෙන් එක් අයෙකුගේ පිටට තට්ටුවක් දමා  සතුටින් අසල වේවැල් පුටුවක හිඳගත්තේය.

 සිවසිත්තම්පරම් ඊට තරමක් එහායින් හිඳගත්තේය. යෝගේස්වරන් අමුත්තන්ට  සංග්රහයක් පිළියෙල කිරීම සඳහා සිය බිරියට උදව් කිරීමට ගියේය. ඔවුන් සඳහා තක්කාලි සැන්විච් පාන් සහ විස්කෝතු ගෙනා සරෝජිනී ඔවුන් බොන්නට කැමති මොනවාදැයි විමසුවාය. කොටි දෙදෙනා සිසිල් බීමකට කැමැත්ත පල කලහඅමිර්තලිංගම්ට වුවමනා වුයේ තේ බීමටයි. අනුව ඇය පළතුරු බීම වීදුරු දෙකක්  සහ තේ කෝප්පයක් ගෙනවුත් ආපසු සිය කාමරයට ගියායසිවසිත්තම්පරම්ට සහ යෝගේස්වරන්ට කිසිවක් බීමට අවශ් වුයේ නැත.

යෝගේස්වරන් කල හඳුන්වා දීම් වලින් පසු දෙමළ එක්සත් පෙරමුණු නායකයින් හමුවීමට ලැබීම ගැන කොටි දෙදෙනා සතුට ප්රකාශ කලහඅමිර්තලිංගම් සහ සිවසිත්තම්පරම්ද එලෙසම ප්රතිචාර දැක්වුහ. දෙමළ සටන්කාමීන්ගේ උද්යෝගය සහ කැපකිරීම් ගැන පැසසූ අමිර්තලිංගම් සහ සිවසිත්තම්පරම් දැන් අවශ්යව ඇත්තේ සියලු කණ්ඩායම් එක්සත් වී පොදු අරමුණක් කරා යාම බව කියා සිටියහ. එසේ නොකලහොත් ඉන්දුලංකා ගිවිසුමෙන් ලබා ගත් ජයග්රහණ නැතිවිය හැකි බවට අවධාරණය කලහ. දේශපාලන විසදුමකදී කොටි සංවිධානයට මුල් තැනක් ලබා දෙන බවටද  දෙමළ එක්සත් පෙරමුණු නායකයෝ පොරොන්දු වූහ. එම පොරොන්දුව කොටි නායකත්වයට දැනුම් දීමට විසු එකඟ විය . සාකච්චාව සුහද අයුරින් කෙරෙන බවක් පෙනුනිවැඩිපුරම කතාකලේ  අමිර්තලිංගම්, සිවසිත්තම්පරම් සහ විසුයයෝගෙස්වරන්  සහ ඇලෝසියස් නිශ්ශබ්දව සිටියහ.

මුලදී දෙමළ එක්සත් පෙරමුණ, විශේෂයෙන්ම අමිර්තලිංගම්, දෙමළ බෙදුම් වාදයට මතවාදීව නායකත්වය සැපයු නමුත් මතය ඔස්සේ යමින් දෙමළ තරුණ පිරිස් අවි අතට ගැනීම දෙමළ නායකයන්ට පසුව ගෙන  දුන්නේ බියකි. දෙමළ ඊළාමයක් වෙනුවට ඉන්දියානු රජයේ බලපෑම මත ඒකීය නොවන එහෙත්  එක්සත් ලංකාවක් තුල බලය බෙදීමකට අනුගතව උතුරු නැගෙනහිර ප්රජාතන්ත්රවාදී පාලනයකට දෙමළ එක්සත් පෙරමුණ එකඟ වීම ප්රභාකරන් සැලකුවේ සිය අරගලය පාවා දීමක් ලෙසටයි.

 එහෙත් අමිර්තලිංගම් සිය නිවසට පැමිණි කොටි නියෝජිතයන්ට පැවසුවේ සන්නද්ධ  අරගලය අතහැර ප්රජාතන්ත්රවාදී මගට එළඹීමට කොටි සංවිධානයට කාලය පැමිණ ඇතිබවය.

ප්රජාතන්ත්රවාදය යල්පැනගිය මගක් ලෙස ඔබ වැනි තරුණයන්ට පෙනිය හැකි නමුත් අප වැනි වැඩි හිටියන් කියන දේද ඉවසීමෙන් අසන්න”  සිවසිත්තම්පරම් කොටි නියොජිතයන්ට පැවසීය.

දිනවල පැවැත්වෙමින් තිබු ප්රේමදාස රජය සහ කොටි සංවිධානය අතර සාකච්ඡා ගැන විසුගෙන් විමසු  විට ඔහු කීවේ දෙපැත්තම එකිනෙකා රවටමින් සාකච්ඡා කරගෙන යනබවයි. මේ පිළිතුර එතැන සිටි සැම දෙනාම මහා හඬින් සිනහ ගැන්වීමට හේතු විය.

කොටි ඉන්දියාවේ අවි පුහුණුවීම් ලැබුවද ලංකාව සම්බන්ධයෙන් එරට විදෙස් පිළිවෙතේ යථාර්තය ප්රභාකරන් පැතු දෙමළ ඊළාමය  පිහිටුවීම නොවන බව ඔව්හු කල්තියාම දැන සිටියහ.  ඉන්දියාවට සැබැවින්ම වුවමනා වුයේ තමන්ට හිතවත් ලංකාවේ දෙමළ පක්ෂවල නායකත්වයෙන් සීමිත ස්වයං පාලනයක් මෙරට වැඩි ජනමතය නොතකා උතුරුනැගෙනහිරට ලබා දීමයි.  දිවයින පුරා ඇඳිරි නීතිය පනවා 1987 දී බලෙන් අත්සන් කරවාගත් ඉන්දුලංකා ගිවිසුමේ පදනම එය වියමෙය, වනවිට තහනමට ලක්ව තිබු  ජනතා විමුක්ති පෙරමුණට රට අරාජක කිරීමට කදිම නිමිත්තක් විය.

ගිවිසුමට විරුද්ධව මෙරට මතු වූ දැඩි ජන විරෝධය සමනය කිරීමට 1988 දී බලයට පත් ජනපති රණසිංහ ප්රේමදාසට තිබු දැඩි වුවමනාව එවකට දුර්වලව සිටි කොටි ත්රස්තවාදීහු සිය වාසියට හරවා ගන්නට තීරණය කලහමේ නිසා පරස්පර විරෝධී හේතුන් මතවුවද ප්රේමදාස රජයේ සහ කොටි සංවිධානයේ අරමුණ එකක් බවට පත්විය. එනම් ඉන්දීය සාම සාධක  හමුදාව මෙරටින් ඉවත්කරගැනීමයි.  ඊට විරුද්ධ මතයක් දැරුවේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ, ඉන්දියාවට හිතවත් අනෙක් දෙමළ පක්ෂ, මහවැලි සංවර්ධන ඇමති ගාමිණි දිසානායක සහ පැරණි වාමාංශික පක්ෂ නායකයින් ඇතුළු පිරිසයි.   මේ ස්ථාවරය කවදා හෝ තමන්ට මරණීය තර්ජනයක් විය හැකි බව දෙමළ එක්සත් පෙරමුණු නායකයන්ට නොවැටහුනා නොවේඒහෙත් එය වැලක්වීමට ඔවුන් ප්රමාද වුවා වැඩිය.

 ඉහල මහලේ කතාව පැවැත්වෙන අතරේ පහල මහලේ සිටි සිවකුමාර් හෙවත් අරිවූ කලබලකාරී ස්වභාවයක් පෙන්වීය. වනවිට සවස 7 පසු වී තිබින. ඔහු වරින් වර සිය අත් ඔරලෝසුව දෙස බලමින් නොඉවසිල්ලෙන් මෙන් එහාට මෙහාට ඇවිදිමින් උඩුමහල දෙසට සිය අවධානය යොමු කිරීම එහි සිටි සිංහල පොලිස් නිලධාරියකුගේ සැකයට පාත් විය. එම නිලධාරියා මහවැලි අමාත්යංශයෙන් අමිර්තලිංගම් මහතාගේ ආරක්ෂාවට පත් කරනු ලැබ සිටි නිශ්ශංක තිබබොටුමුනුවය.

 ඔහු කෑගල්ල දිස්ත්රික්කයේ හෙට්ටිමුල්ල අකිරියගල උපන්නෙකි. සිවකුමාර් ගේ හැසිරීම පිලිබඳ ඇතිවූ සැකය නිසා තිබබොටුමුනුව සහ පොලිස් නිලධාරී සත්යමූර්ති බලහත්කාරයෙන් ඔහු සෝදිසි කර සඟවාගෙන සිටි ග්රනේඩ් අත්බෝම්බයක් සහ ජීව උණ්ඩ කිහිපයක් සිය භාරයට ගත්හ. ඔහු සත්යමූර්තිගේ අත්අඩංගුවේ තැබූ උප පොලිස්පරීක්ෂක කන්දසාමි සහ තිබබොටුමුනුව ඉක්මනින් එහෙත් නිශ්ශබ්දව උඩුමහලට ගියහ. කන්දසාමි පඩිපෙළ මුල සිටගත් අතර තිබබොටුමුනුව බැල්කනියට ගොස් සූදානමින් සිටියේය. ප්රධාන කාමරයේ කෙරෙමින් තිබු කතාබහට බාධා කිරීම නුසුදුසු බැවින් නිලධාරින් දෙදෙනා සිටියේ කාමරයේ සිටි අයට නොපෙනෙන අයුරිනි

 රාත්රී 7.30 පමණ වනතෙක් කතාබහ ඉතා සුහද අන්දමින් කෙරුනි. ඉන් පසු විසු සිසිල් බීම පානය හිස් වීදුරුව මේසය මත තැබීමට අසුනින් නැගිට්ටේය.  ඊළඟ මොහොතේ ඔහුට මාරයා ආරූඩ වියඅමිර්තලිංගම් දෙසට හැරුනු ඔහු, ” හැම දෙනාම හිතනවා අපි මිනී කන යක්කු කියල නමුත් උඹල තමයි නියම යක්කුයයි පැවසීයදෙමළ එක්සත් පෙරමු ණු දේශපාලකයින් තිදෙනා සිතුවේ විසු විහිළු කන බවයි.  යෝගේස්වරන් මහ හඬින් සිනාසුනු අතර අමිර්තලිංගම් සහ සිවසිත්තම්පරම් සිනහ පල කලහ.  අමිර්ගේ සහ යෝගේස්ගේ අන්තිම සිනාවන් විය.

 එකෙණෙහිම විසු තුවක්කුවක් එලියට ගෙන අමිර්තලිංගම්ට වෙඩි තබන්නට පටන්ගත්තේය. යෝගෙස්වරන් කෑගසමින් සිය අසුනින් නැගිට්ටේය. එවිට අලොයිසියස්ද එතෙක් සඟවාගෙන සිටි ගිනි අවියකින් යෝගෙස්වරන්ට වෙඩි තැබීය. සිවසිත්තම්පරම් හිඳගෙන සිටියේ ඊට තරමක් ඈතිනිබියෙන් තිගැස්සුනු ඔහු සිය අසුනින් නැගිටඑපා” “එපා”  කියමින් දෙමළෙන්  කෑගැසීයවිසු ඔහුටද සිය අවිය එල්ලකර වෙඩි තැබීය. වෙඩි උණ්ඩය සිවසිත්තම්පරම් ගේ උරහිසට වැදිනි.

 වෙඩි ශබ්ද ඇසුනු පොලිස් නිලධාරි තිබබොටුමුනුව සිය අවිය අතට ගෙන කාමරය දෙස බැලීය. සිදුවන දේ දැක ඔහු එහි වීදුරු කවුලුව තුලින් විසුට සහ අලෝයිසියස්ට වෙඩි තබා තුවාල කලේය.. වෙඩි ශබ්දය ඇසුනු උප පොලිස් පරීක්ෂක කන්දසාමිද පැන යන්නට තැත් කරමින් සිටි ඝාතකයින් දෙසට වෙඩි තැබීය. තුවාල ලත් කොටි දෙදෙනාද පොලිස් නිලධාරීන් දෙසට වෙඩි තබමින් පඩි පෙල දිගේ පහලට දිවයන්නට තැත් කලහ. අමතර තුවක්කුවකින්ද සන්නද්ධව සිටි තිබබොටුමුනුව නොනවත්වාම උන් දෙදෙනාට වෙඩි තබා කර දෙදෙනාම මරා දැමීය. අතර පොලිස් නිලධාරි සත්යමූර්ති වෙඩි හඬ ඇසී පැනයන්නට තැත් කරමින් සිටි සිවකුමාර් සමග පොර බදන්නට විය. ඔහු තැත් කලේ තමා සතුව තිබී පොලිස් අත් අඩංගුවට පත් ග්රනේඩ් බෝම්බය නැවත උදුරා ගැනීමටය. ඔහු එය උදුරාගෙන ආරක්ෂක නිලධාරින් දෙසට එය වීසි කරන්නට පළමු තිබබොටුමුනුව ඔහුටද වෙඩි තබා තුවාල කලේයසිවකුමාර් වෙඩි කාගෙන දුවන්නට තැත් කල නමුත් තිබබොටුමුනුව නැවත වෙඩි තබා ඔහුද මරා දැමීය. කොටින් තිදෙනාම මැරුම් කෑවේ තිබබොටුමුනුව අතින්ය.

 වෙඩි හඬ ඇසුනු අමිර්තලිංගම්ගේ බිරිඳ මන්ගයියාර්ක්කරසි, යෝගෙස්වරන්ගේ බිරිඳ සරෝජිනී සහ මාවයි සේනාතිරාජා තවත් පඩිපෙලක් දිගේ ඉහල මාලයට දිව ගියහඅමිර්තලිංගම් ලේ වගුරුවමින් සිය අසුනේම සිටියේය. ඔහු මියගොස් ඇතිබව නොදැන සිටි  මන්ගයියාර්ක්කරසි ඔහුගේ හිස පිටුපසට කොට්ටයක් තබා හිස කෙලින් කලාය. ලේ විලක පණ අදිමින් සිටි යෝගෙස්වරන් ඉංග්රීසියෙන්  ‘bastards, bastards’ (පාහරයෝ, අවජාතකයෝ) යනුවෙන් ඉංග්රීසියෙන් මුමුනන්නට විය. කිසිවක් කතා කරගත නොහැකිව වික්ෂිප්ත වී සිටි සිවසිත්තම්පරම් තුවාල සහිතව බිත්තියට හේත්තුවී සිටියේය. ගිලන් රිය පැමිණ වෙඩි කෑ තිදෙනාම රෝහල් ගතකලහ.

 පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වුයේ එවකට කොළඹ අධිකරණ වයිද්  නිලධාරී එම්. එස්. එල්. සල්ගාදු සහ නියෝජ් වයිද් නිලධාරී එල්.බී.එල්. අල්විස්ය. අමිර්තලිංගම් ගේ මරණය හිසට සහ පපුවට වෙඩි වැදීමෙන් සිදුවී තිබූ අතර  යෝගෙස්වරන් මියයෑමට හේතුවී තිබුනේ පපුවට සහ අක්මාවට වෙඩි වැදීම නිසාය. අපරාධයේ එකම ඇසින් දුටු සාක්කිකරු වුයේ තුවාල ලබා නොමැරී බේරුනු සිවසිත්තම්පරම්ය. (ඔහු මියගියේ ඉන් වසර එකොළහකට පසු 2000 වසරේය).

 මේ ඝාතන නිසා දේශපාලනිකව ඉතාම අපහසුතාවයට පත්වුයේ දිනවල කොටි සමග එකතුව ඉන්දියන් හමුදාව මෙරටින් ඉවත් කරගැනීමට සාකච්ඡා කරමින් ඔවුනට ගිනි අවිද සැපයු ප්රේමදාස රජයයි.

 සිද්ධියේ එකම වීරයා වුයේ සිංහල පොලිස් නිලධාරී නිශ්ශංක තිබබොටුමුනුවයි. අමිර්තලිංගම්ඝාතනයෙන් 21 වසරකට පසු සබරගමුව පළාතේ හැඟුම් බර හමුවක් සිදුවිය. ඒ අමිර්තලිංගම් මහත්මිය  අමිර්තලිංගම් ගේ පුත් වයිද්‍ය බහීරතන් අමිර්තලිංගම් කෑගල්ලේ තිබබොටුමුනුව ගේ නිවසට පැමිණීමයි. ඒ වනවිට විශ්‍රාම ගොස් සිටි තිබබොටුමුනුව සහ ඔහුගේ බිරිය ශ්‍යාමලා ප්‍රමිලා කුමාරි ඉතා උණුසුම් අයුරින් ඔවුන් පිලිගත්හ. නිශ්ශංකව දුටු  අමිර්තලිංගම් මහත්මිය සහ පුත් බහීරතන් ඔහුව වැළඳ ගෙන හැඬුහ.   

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress