කොරෝනාව හා දේශපාලනය.
Posted on July 20th, 2020
චන්ද්‍රසේන පණ්ඩිතගේ
කොරෝනා වෛරසය සිදුකරමින් සිටින්නේ, දේශපාලන ක්‍රියාවලියකි. මේ වෛරසය කුමන පදනමකින් හෝ මේ ලෝකය මත බිහිව ලොව පුරා පැතිරී යාමට ස්වභාව මනාව උපකාරිව ඇත. ඒ හේතුවෙන් අද ලොව පුරා සියලුම රටවල සිටින රාජ්‍ය නායකයින්ට මේ වෛරසය සමග පොරබදමින්, තම තමන්ගේ බලය පෙන්වීමට අවස්තාවක් ලැබී ඇත.එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී තම මුදල් බලය හා ආයුධ බලය පා ලෝකයේ මහා බලවතුන් ලෙස පෙනී සිටි ලෝක චන්ඩින් අද කොරෝනාව ඉදිරියේ ,උන්ඩිවි, නොන්ඩි ගසමින් සිටින තත්වයක් හමුවේ, ශ්‍රී ලාංකික අපි විරෝධාර ජාතියක් බවට පත්ව සිටිමු. මේ ගෞරවය රටක් ජාතියක් වශයෙන් ලද ගෞරවයකි..
ලෝකයේ කොරෝනා වෛරසය නිසා, දිනපතා සියගණන් මියයන වර්තමානයක, අපි ජීවත්වෙමු. මේ වනවිට ලක්ෂ එකහමාරකට අධික සංඛ්‍යාවකට මියැදෙන්නට ඉඩ හැර ඇති ඇමරිකා එක්සත් ජනපදය, අපට එරෙහිව සිට ගනිමින්, අප රට මානව හිමිකම් කඩකරන රාජ්‍යක් ලෙස නම් කොට අපිට දඩුවම් කිරීමට ලෝකයේ සියලුම රාජ්‍යන්ට බලකරමින් සිටින තත්වයක් තුල , අප මේ වෛරසයෙන්, මියැදෙන්නට ඉඩදී ඇත්තේ 11 දෙනෙකුට පමණක් වීම, අපව මානව හිමිකම් සුරකින රටක් ලෙස ලොව ඉහලින්ම දිදුලන තත්වයක් නිර්මානයව ඇත. මෙය අපට මහත් ආඩම්බරයකි. අපි ඒ සම්බන්ධව සතුටු වෙමු. .
මේ අවස්ථාවේදී, ආමරිකාව සමග එක්ව අපිට එරෙහිව හිටගත් ඉන්දියාවද කොරෝනා ගොහොරුවේ එරී සිටින්නේ, ස්වභාවයේ විනිශ්චය ඉදිරියේ බව ඉතාමත් පැහැදිලිව දක්නට ඇති කරුණකි.තව ටිකදිනකින් ඇමරිකාව පළමු තැනත් ඉන්දියාව දෙවන තැනත් ගෙන ලෝකයේ කොරෝනාවෙන් පිඩනයට පත්වෙන රාජ්‍යන් දෙක, එදා ලෝකයා ඉදිරියේ අපිට එරෙහිව මානව හිමිකම් කඩ කරා යන යෝජනාව ගෙන ආ රාජ්‍යන් දෙක බව දකින, ශ්‍රී ලාංකික අපිට ඇති වන්නේ කනගාටුවක් නොව, අපි විසින් කොරෝනාව පාලනය කර ඇති ආකාරය සම්බන්ධව ඇති වෙන අභිමානයයි.
සැබෑ ලෙසම කොරෝනාව යනු ස්වභාවය විසින් නිර්මාණය කර මේ ලොවමත මුදා හල දේශපාලන වෛරසයකි. මේ වෛරසය විසින් මේ අවස්ථාවේදී සිදුකරනුයේ, කාල්මාක්ස් හා ෆ්රෙඩ්රික් එංගල්ස් විසින් අවබෝධකරගත් ස්වභාවයේ ගමන් මාර්ගයේ පිලි පැනීම යතා තත්වයට පත් කිරීමයි.මේ සංසිද්ධිය යතාර්ථයක් බැවින් සියලුම දේශපාලන සත්වයින් විසින් අවබෝධකරගත යුතු දේශපාලන ක්‍රියාවලියකි.
සමාජ පරිනාමය යතාර්තයකි. මෙය සිදුවන්නේ ස්වභාවයේ නියාමයන්ට අනුකුලවය. ඒ අනුව ධනවාදය සිය කාර්ය නිමකළ වහාම සමාජවාදයට ඉදිරි කාර්ය පවරා ලොවින් තුරන්ව යා යුතුය. කාල් මාක්ස් හා ෆ්රෙඩ්රික් එංගල්ස් මේ සිදුවෙන සමාජ පරිවර්තනයන් හෙළි කිරීමත් සමග ලෝකයේ මාක්ස්වාදී කණ්ඩායමක් නිර්මාණය කර මේ ස්වභාවයේ සමාජ පරිවර්තනය වේගවත් කිරීමට කාල මාක්ස් හා ෆෙඩ්රික් එංගල්ස් වෙර දැරිය. එම මාක්ස්වාදී කණ්ඩායම සිය කාර්යයන් සිදුකරමින් සිටින අතර පසුව තවත් මාක්ස්වාදී කණ්ඩායමක් නිර්මාණය කර මේ සමාජ පරිනාමය නවතාලීමට තවත් කණ්ඩායමක් ආරම්භ කළහ. මේ කණ්ඩායම් දෙකම මාක්ස්වාදී කණ්ඩායම් වුවද, එකක් .
1. මේ සත්‍ය පිළිගෙන ධනවාදය ඉක්මනින්ම පෙරලා දැමීමට සංවිධානය වූ කණ්ඩායම හා අනික
2. මේ සත්‍ය අවබෝධ කරගෙන එයින් ධනවාදයට ඇති තර්ජනය දුරවල කිරීමට නිර්මාණය වී කණ්ඩායම වේ.
මේ කණ්ඩායම් දෙකම මාක්ස්වාදින්ය. ඔවුන් මාක්ස්ගේ ඉගැන්වීම් තදින් පිළිගන්නා අයවලුන්ය.ඔවුන් තම ඉගෙන ගැනීම් තුලින් ලද ඥාණයෙන්, එක කණ්ඩායමක් සමාජ පරිනාමය ඉදිරියට තල්ලු කිරමට කටයුතු කරන අතර අනිත් කණ්ඩායම සිදුකලේ අධිරාජ්‍යවාදීන් සමග එක්ව එය පසුපසට තල්ලු කිරීමයි. මෙසේ සිදු කිරීම නිසා, මුළුමහත් ලෝකයේ, සමාජ පරිනාම ක්‍රියාවලිය ඉදිරියටවත් පසුපසටවත් ගමන් නොකරමින්, කාලාන්තරයක් එක තැනම දිරාපත්වෙමින් පැවතීණි., පසුව එය නොසිතු ආකාරයට යලි පසුපසට ගමන් කිරීම ආරම්භ විය. ඒ හේතුවෙන් ආසියාව පුරාම තිබුන සමාජවාදී රාජ්‍යන් බිද වැටී, සෝවියට් දේශය නම්වූ ප්‍රබල සමාජවාදී රාජ්යද ලොවට අහිමි විය. මේ චලනයත් සමග ශ්‍රී ලංකාවේද විප්ලවය සඳහා ගොඩනැගුන දේශපාලන පක්ෂ පසුව ප්රතිවිප්ලවය සඳහා සැකසෙන්නට විය. එහි පලයක් ලෙස වර්තමානයේ අපි දකින ජනතා විමුක්ති පෙරමුණේ, ප්‍රතිනිර්මාණය සමාජයට උරුම විය. මෙය ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකය පුරාම සිදුවූ ක්‍රියාවලියකි.
මේ සමග විප්ලවවාදී නිර්ධන පන්තියක් වෙනුවට වාමාංශික පක්ෂය විසින් දුර්වල කරන ලද නිර්ධන පන්තියක රටපුරාම දක්නට ලැබිණි. මෙය ස්වභාවය අපේක්ෂා කල තත්වයක් නොවිණි. දැන් ධනවාදයට එරෙහිව සටන්වදින දේශපාලන පක්ෂ වෙනුවට ගොවි කම්කරු සංවිධාන ගොඩනංවාගෙන ඒ බලය අධිරාජ්‍යවාදීන්ට හා දේශීය ධනපතියන්ට පෙන්වා ඔවුන්දෙන මුදලින් හා වෘත්තීය සමිති අරමුදල් වලින් යැපෙන කාලකන්නි වාමාංශික ව්‍යාපාරයක් ලොව පුරාම ජනිත විය.
කාර්මික විප්ලවයත් සමග ඉදිරියට ආ ධනවාදයට, තාක්ෂණික විප්ලවය ඉදිරියේ, තම ආධිපත්‍ය අත්හැරීමට සිදුවීම අනිවාර්ය අංගයකි. තාක්ෂණික විප්ලවය සමග අත්වැල් බදාගන්නෙ අලුත් සමාජ ක්රමයකි. සැබෑ සමාජවාදය වන්නේ එයයි. මේ සමාජ ක්‍රමය බිහි කිරීමට වාමාංශික දේශපාලන පක්ෂම අවශ්‍ය නොවේ. එය ස්වභාවයෙන්ම ගොඩනැගෙන තත්වයකි. මේ වනවිට එම ක්‍රියාවලිය ඉතා වේගයෙන් ධනවාදී ලෝකය තුල ධනවාදයට එරෙහි පිළිකාවක් ලෙස මුල් බැසගෙන වේගයෙන් පැතිරෙමින් පවතී.
1.ගෙදර සිට වැඩ කිරීම
2.ගෙදර සිට ඉගෙන ගැනීම
3.ගෙදර සිට බඩු අනවුම්කර ගෙන්වා ගැනීම
4.ගෙදර සිට සිය බැංකු කටයුතු කර ගැනීම.
5.ගෙදර සිට කුඹුරට වතුර හා පොහොර දැමීම.
6.සියලුම මුදල් නෝට්ටු අහෝසි වී ඉලෙක්ට්‍රොනික් මුදල් ක්‍රමය ස්තාපිතවිම යන සියලුම කරුණු ඉතා කෙටිකාලයකදී මේ තාක්ෂනය ජයගත් ලෝකය විසින් ලෝකයේ ජනතාවට උරුම කරදේ..
මේ ඔබට උරුම වෙන්නට යන්නේ සැබෑ සමාජවාදී සමාජයයි. එය මෙවර ගලාගෙන එන්නේ වාමාංශික දේශපාලනය තුලින් නොවේ ස්වභාවය තුලිනි. මේ තත්වයට එරෙහිව සිටින්නේ ධනවාදයයි. කොරෝනා වෛරසය විසින් මේ සිදුකරන්නේ, කාල් මාක්ස් විසින් එදා අපේක්ෂා කල නිර්ධනපන්තිය විසින් ඉටුකළ යුතු කාර්ය නවතම ආකාරයකින් ඉටු කිරීමයි. තවත් ආකාරයකින් කියනවා නම් ආයුධ සන්නද්ධ විප්ලවයකින් සිදුකල යුතුදේ, ඇසට නොපෙනෙන වයිරසයකින් ඉටුකර ගැනීමයි.
අපි එදා මුළු ලෝකයම් ගිනිගෙන දැවෙමින් සිටිනු දුටුවෙමු. ඒ අධිරාජ්‍යවාදය නිසාය. අද ඒ අධිරාජ්‍යවාදය කොරෝනා වෛරසයෙන් බැටකන විට අපි එදා මෙන්ම අදත්,
“අධිරාජ්‍යවාදයට විනාශය -ජනතාවට විමුක්ය්හිය” යයි හඬ නගා කියමු. මේ ප්‍රකාශයත් සමග අප එදා පවිත්‍ර අරමුණු වලින් ගොඩනැංවූ ජනතා විමුක්ති පෙරමුණ හොරිකඩ දේශපාලන පක්ෂයක් බවට පත්කළවුන්ටද විනාශය පතමු.
මව්බිම දිනේවා! ජනතා විමුක්ති පෙරමුණේ, හොරිකඩයින් බංග වේවා!