19 වන ව්‍යවස්ථා සංශෝධනයක් ව්‍යවස්ථානුකුලව ඇතැයි සැලකීම අධිකරණයට අපහාස කිරීමක් නොවන්නේ මන්ද?
Posted on August 20th, 2020
හර්ෂ කුමාර් සුරියආරච්චි
1978 ව්‍යවස්ථාවේ 18 වන සංශෝධනය තෙක් වලංගු වූ තත්වයනට අනුව ජනාධිපතිට පාර්ලිමේන්තුව විසිරවිමේ බලය වසර තුනකට වඩා කාලයකට අහිමි කිරීමට පාර්ලිමේන්තුවට බලය නැති බවත්, එවැනි අහිමි කිරීමක් කරන්නේ නම් ජනතාවගේ අනුමැතිය ජනමතවිචරනයකින් ලබා ගත යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය 2002 වසරේදී තීරණය කරන ලදී. ශ්‍රේෂ්ඨාධිකරණය එම තීරණය ලබා දුන්නේ පාර්ලිමේන්තුවට සහ ජනාධිපතිට ඒ අනුව ක්‍රියාත්මක වීමටය.
පාර්ලිමේන්තුව එම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුකුල නොවී, ජනමතවිචාරණයක් නොපවත්වා ඉහත කී ජනපති ගේ බලය අඩු කර ඇති බව 2018 දී ඒ හා බැදුණු නඩු තීන්දුවකින් හෙළිදරව් විණි.
නමුත් ව්‍යවස්ථාවට අනුව පනතක් සම්මත වන්නේ එය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව සම්මත කළහොත් පමනක්මය. ඒ බව 123 වන ව්‍යවස්ථාවේ සදහන් වේ.
එසේනම් 123 වන ව්‍යවස්ථාවට අනුව, පාර්ලිමේන්තුව 2015 වසරේදී ව්‍යවස්ථාවට අනුකූල නොවී එහෙත් සම්මත කල බව ප්‍රකාශ කරන 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, එසේ සම්මත යැයි පිළිගැනීම 2002 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය ප්‍රතික්ෂේප කිරීමක් මෙන්ම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ ප්‍රතිඥාව උල්ලංඝනය කිරීමක්ද වන්නේමය.
ව්‍යවස්ථාව අර්ථ දැක්වීම සදහා පුර්ණ බලය හිමි වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට බැවින් 2018 නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන තෙක්, ශ්‍රේෂ්ඨාධිකරණයද ඇතුළුව සියලුම දෙනා 19 වන ව්‍යවස්ථාව පිලිබදව පාර්ලිමේන්තුව දැක්වූ අසම්මත සම්මත කිරීමට අනුව කටයුතු කිරීම භාරගත හැකි වුවද එසේ කල හැක්කේ 2002 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට ගරු කරමින්ම පමණකි.
ඒ කෙසේ වුවත්, 2018 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්වූ මොහොතේ සිට සියලුම දෙනාම 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බවත්, ජනමතවිචාරණයකින් ජනතාව අනුමත කරන තුරු එය නීතියක් බවට පත් නොවුණු කෙටුම්පතක් පමණක්ම බවත් පිළිගත යුතුය. එයට වෙනස් ආකාරයකින් එනම් 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නිතිය බවට පත්වී ඇතැයි සැලකීම 2002 දී සහ 2018 දී ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු තීරණ වලට එරෙහි වීමක් මෙන්ම ව්‍යවස්ථාවද උල්ලංගනය කිරීමකි.
2018 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබා දුන් වහාම පාර්ලිමේන්තුව විසින් සිය වරද නිවැරදි කරගෙන 85 (1) අනු ව්‍යවස්ථානු ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් ජනමතවිචාරණයක් මගින්, 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනතාව වෙත ඉදිරිපත් කල යුතුය.
ශ්‍රී ලංකාවේ ජනාධිපති විසින් මේ වනතුරුද එම ජනමතවිචාරණය කැදවා නොමැත. ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිට එම ජනමතවිචාරණය කැදවීමට දින නියමයක් පනවා නොමැති බැවින් එම නොකැදවීම ව්‍යවස්ථා උල්ලංඝනයක් නොවේ යයි තර්ක කල හැකි වුවද, 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නීතිය යැයි සැලකුවහොත් ජනමතවිචාරණය කැදවීමක් සිදු නොකරන බැවින් ඉහත විස්තර කල ආකාරයට එවිට ජනාධිපති විසින් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ ගරු නොකිරීමත් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමත් සිදු කරන්නේ නොවේද?
19 වන ව්‍යවස්ථා සංශෝධනයක් සිදුවී ඇති ලෙස සලකා කටයුතු කළහොත් වර්තමාන පාර්ලිමේන්තුවද, එයට පත්වුණු නවක මන්ත්‍රීවරුන් ඇතුළුව සියලුම මන්ත්‍රීවරුන්ද, අගමැතිද, කථානායකද ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ වරදින් නිදහස් වන්නේ නැත. විධායකයේ සියලු ආයතනවලට හා මහජනතාවට ද එම වරදින් නිදහස් විය නොහැක.
මෙහිදී අප පෙන්නුම් කිරීමට උත්සාහ ගන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට රජය දරන විශාල ප්‍රයත්නය අනවශ්‍ය මෙන්ම ව්‍යවස්ථා විරෝධී බවත්, 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, තවම කෙටුම්පතක් පමණක් ලෙස සැලකීමෙන්ම 19 වන සංශෝධන පටලැවිල්ලෙන් මිදෙනවා පමණක් නොව ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට වූ ප්‍රතිඥාව කඩ නොවීමද සිදු වන බවත්ය.
හර්ෂ කුමාර් සුරියආරච්චි
harshakumarsuri@hotmail.com
August 21st, 2020 at 5:32 pm
As things stand Sri Lanka Judiciary is not an institution Sri Lanka can be proud of. It has shown time and again that it is not ablel to purge itself of the slime it is drowning in! The cases against members of the judiciary that colluded illegally in framing crimes on political opponents are yet to be heard. Justice delayed is justice denied! The case against former Justice Padmini Ranawaka is yet to be heard.
It is obvious that from the beginning the 19th Amendment is a dubious piece of legislature which has contravened the Constitution itself. Although there were provisions that required approval at a referendum to take away the powers of the President, these were not heeded to. To add insult to injury the Judiciary took action on the same faulty piece of legisature gave a judgement to annul the dissolution of parliament in Nov 2018!
The result was that the nation had to wait the full four and a half years to get rid of an unsuccessful and fraudlent administration. This administration went on to rob the Central Bank twice, to take part in a series of measures to encourage money laundering, carried out a series of frauds and finally culminating in serious lapses of security that led to the Easter Sunday attacks.
Healer, heal thyself!