අපි පැරදුනා කියා කට ඇර කියන්න බැරි ඇයි?
Posted on August 21st, 2020

බි‍රතාන්‍ය ඉංජිනේරු ගාල්ලේ දෙව්සිරි පීී හේවාවිදාන ලංඩන් නුවර සිට ලියයි

ශී‍ ලංකාවේ මැතිවරණය දැන් ඉවර වී ඇත චන්ද සටනේ විශිශ්ට ජයග‍්‍රාහකයා මහින්ද රාජපක්ෂ මහතා බව සැබැය .   නමුත් කොරෝනා තර්ජනය මැද්දේ ශී‍ලංකා ඉතිහාසයේ ඉතාමත්ම සාර්ථක හා සාමකාමී මැතිවරණය පැවැත්වීමේ පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ මැකෝ දේශප‍්‍රිය, අනිල් ජාසිංහ හා ශවේන්ද්‍ර ද සිල්වා විරුවන් තුන්දෙනාට බව අපි අවිවාදයෙන් පිළිගත යුතුය .

මඩ ප‍්‍රචාර, නින්දා අපහාස, අභූත චෝදනා අනුන්ට එල්ල නොකොට ශීලාචාර මැතිවරණ සටනක යෙදෙන්නැයි මැකෝ කළ ඉල්ලීම 99%ක් අපේක්ෂකයන් අකුරටම පිළිපැදීම මෙම මැතිවරණයේදී දකින්නට ලැබුණු විශේෂත්වයයි.

නමුත් කිරි කළයකට ගොම දැම්මා සේ මේ සම්මුතිය බිඳ දමමින් අගෝස්තු 6දා රාජපක්ෂ අයියා හා මල්ලී දෙදෙනාම මැදමුලන වහලේ එල්ලනවා යැයි හිරුණිකා පේ‍රමචන්ද්‍ර කළ කතාව ඉතාම අශිෂ්ටය එය ශීලාචාර ගැහැණියක් නොකළ යුතුම කථාවකි.

කෝපයට පත් කොළඹ ඡුන්දදායකයෝ හිරුණිකා පිළිකුළ් සහගතව දේශපාලන කනත්තට යවමින් ඇයට හොඳ පාඩමක් උගන්වා ඇත       

අටදෝ දහම අපි කාටත් පොදුය.  වරක ලාභ ලබන ව්‍යාපාරිකයා ඊළ`ග වර බරපතල අලාභයක් විදී.  අද සමාජයේ ගැරහීමට ලක්වන්නා හෙට ඔවුන්ගේ ප‍්‍රශංසාවට ලක්වේ.  කලක් දුක් වින්ද පවුල් දැන් සැප විදී. ජය පරාජයත් එලෙසමය.  අපි කුමකින් හෝ ජය ගතහොත් හිතට ඇතිවන ප‍්‍රීතිය අප‍්‍රමාණය.  නමුත් පැරදුනදාට අපි පොලව බදාගෙන වැලපෙමින් දුක් වන්නෙමු. මැතිවරණකදීත් අපි එය අත් දකින්නෙමු

ජය පරාජය දෙකම එකසේ විද දරා ගත යුතු යන පාඩම අපි මුලින්ම ඉගෙන ගත්තේ පාසැලේදීය. එපමණක් නොව ජයග‍්‍රහණයකදී ඔලූව උදම්මවා නොගැනීමටත් පරාජයේ දී එය නිහතමානීව පිළිගෙන ජයග‍්‍රාහකයාට අවංකව සුභ පැතීමේ වටිනා ගුණධර්මයත් වටිනා ගුරුවරු අපගේ හිත් තුළට කාවැද්දුහ.

මේ මහාත්ම ගුණය අද වැඩියෙන්ම දකින්නට ලැබෙන්නේ ක‍්‍රිකට් ලෝකයේය.උදාහරණයක් වශයෙන් කොවිඞ් වසංගතයෙන් පසු ලොව පැවති පළමු ටෙස්ට් තර`ගයේ දී එංගලන්ත කන්ඩායම පරදා විශිෂ්ඨ ජයක් ලැබීමට බ. කොදෙව් කන්ඩායම සමත් විය.

අන්ත පරාජයක් ලැබු පසු එංගලන්ත නායක ජෝ රූට් ලක්ෂ සංඛ්‍යාත ක‍්‍රිකට් ලෝලයින් අමතමින් කථා කළේය.  මුලූ ක‍්‍රිකට් ලොවම ඔහු දෙස බලා සිටිද්දී ඔහු තම අන්ත පරාජයට නිදහසට කරුණු පෑවාද.   කාසියේ වාසිය දිනලා කොදෙව්වන් මුලින්ම බැට් කල නිසා යි අපි පැරදුනේ ”  ර්‍යි ඔහු කීවාද.  නැත. නැත.අපේ පරාජයට හේතුව පිච් එකේ තෙතමනය වැඩිකම නිසා කියා ඔහු කීවාද.  එසේත් නැත.

පරාජිත නායක ජෝ රූට් කීවේ මෙයයි.   අපි අද අන්ත පරාජයක් ලැබුවා.  අපිට කියන්න කිසිම නිදහසට කරුණක් නැහැ.  කොදෙව් පිලේ ක‍්‍රීඩකයන් ඉතා දක්ෂ ලෙස සෙල්ලම් කරමින් අපිව තුන් ඉරියව්වෙන්ම පරාජය කළා.  මේ ලබා ගත් ජයග‍්‍රහණය ගැන මම මුලූ කොදෙව් පිලටම Congratulate කරනවා.  They fully deserve the victory/ ඔවුන් මෙම ජයග්‍රහනයට නියම සුදුස්සෝ නමුත් තව ටෙස්ට් තර`ග දෙකක් ඉතිරියි.  මේ තර`ගයේ දී අපි කළ වැරදි හදාගෙන ඉදිරි තර`ග දෙකේ දී හොඳට සෙල්ලම් කරමින් ඔවුන් පරාජයට පත් කිරීම අපේ බලාපොරොත්තුවයි.”  මහත්තුරුන්ගේ ක‍්‍රීඩාව යනුවෙන් හඳුන්ව ක‍්‍රිකට් තර`ගයක් පැරදුන අවස්ථාවේ එංගලන්තයේ ක‍්‍රිකට් නායකයා කළ කථාව කොතරම් උදාරද.            

  මේ තර`ගයෙන් අපි පොඩි පසුපෑමටකට ලක්වෙලා තියනවා” කියමින් උගුරට හොරා බෙහෙත් බොන්නට නොගොස් පරාජය පරාජයක් ලෙස බාරගැනීමට තරම් ජෝ රූට් නිහතමානී විය.  එපමණක් ද නොව එදා පරාජයේ වේදනාවෙන් පෙළෙමින් එංගලන්ත ක‍්‍රිකට් ලෝලයින්ට දුන් පොරොන්දුව ඔහු අකුරටම ඉටු කළේය.  දෙවෙනි හා තුන්වෙනි ටෙස්ට් තර`ගවලදී කොදෙව් පිලට අන්ත ලෙස පරාජය කළ එංගලන්තය තර`ගාවලිය 2-1 ලෙස ජය ගනිමින් උසිාැබ කුසලානය දිනා ගත්තේය.

පරාජයේ දී මහත්මා ගුණය පෙන්නුම් කිරීම එංගලන්තයට ආවේනික වු ගතියක් නොව මු`ඵ ක‍්‍රිකට් ලොවටම පොදුය.  අතීතයේ දී ටෙස්ට් තර`ග පැරදුන අවස්ථාවල මහේල, සංගක්කාර, ජයසුරිය, පොන්ටින්, බෝඩර්, ඉම්රාන් කාන්, විරජ් කෝලි වැනි ලෝක පුජිත ක‍්‍රිකට් නායකයින් ද විපක්ෂයට ප‍්‍රශංසා කරමින් තම පරාජය බාරගත් අවස්ථා සිය ගණනක් අපි දැක ඇත්තෙමු.

මේ මහගු ගුණධර්මය ක‍්‍රීඩාවලට පොදු එකක් පමණක් නොවේ.  දේශපාලන ලෝකයේ ද පරාජය අවංකවම පිළිගෙන ජයග‍්‍රහකයා ඉත සිතින්ම සුභ පැතීම අද බටහිර ලොවේ සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබේ.

උදාහරණයක් වශයෙන් 2016 ඇමරිකානු ජනාධිපතිවරණයේ දී ු ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට පරාජය වූ හිිලරි ක්ලින්ටන් කෝටි ගණනක් ඇමරිකන් ජනතාව අමතා මෙසේ කීය.  ” පරාජය ඉතාම වේදනාකාරියි. නමුත් එය සතුටෙන් විඳ දරා ගැනීමට මට පු`ඵවන් . මම නව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට මගේ බලවත් සුබ පැතුම් පිරිනමනවා.  ඉදිරි වසර පහ තුල එතුමා ගෙන එන සිය`ඵම හොඳ පනත් හා නීති රීති සම්මත කරගැනීමට අපි සම්පුර්ණ සහයෝගය දෙනවා.  .”                

මැතිවරණය ප‍්‍රතිඵල නිකුත්වී පැය ගණනක් ඇතුලත පරාජය පිළිගෙන ජයග‍්‍රහාකයාට සුභ පැතීමේ සම්ප‍්‍රදාය වැඩියෙන්ම රකින රට මහා බි‍රතාන්‍යය බව අමුතුවෙන් කිව යුතු නැත

මා 1974 සිට අද දක්වා මහා බි‍‍රතාන්‍යයේ මහා මැතිවරණ 13 ක් නරඹා තිබේග ප‍්‍රතිඵල නිකුත් වී පැයක් යන්නටත් පෙර පරාජිත පිලේ නායකයා වන අගමැතිවරයා හෝ විපක්ෂ නායකයා ලක්ෂ සංඛ්‍යාත ජනතාව අමතමින් පරාජය බාරගැනීමත්(conceding defeat)  ජයග‍්‍රාකයාට සුභ පැතීමත්  :ජදබටර්එමක්එසදබ* සම්ප‍්‍රදායිකව ඉටු කිරීම ඉතා මනහර සිදුවීමකි.   

නමුත් අවාසනාවකට අපේ උතුම් ශී‍ ලංකාවේ පක්ෂ නායකයන් බොහෝ දෙනෙකු මැතිවරණ පරාජය පිළිගැනීමට අතීතයේ ලෑස්ති වුයේත් නැත.  වර්තමානයේත් ලෑස්තිත් නැත.

මැතිවරණයේ දී තිබුණු ආසන 100ය 10යට බැස්සත් එය පරාජයක් ලෙස භාරගැනීමට පක්ෂ නායකයාගේ දිව නොනැමේ.  එය තමන්ට ලොකු මදිකමක් හෝ තමන්ගේ අභිමානයට පඵද්දක් ලෙස ඔවුන් සළකති. ඡුන්දදායකයෝ තමන්ට ඉතිහාසයේ අති දරුණුතම පරාජයක් අත් කරත් සංඛ්‍යාලේඛණ කලවම් කරමින් බොරු තර්ක විතරක් ඇද බා මින් තමන්ගේ පරාජය එක්තරා විදියක ජයක් බවට හුවා දක්වන්නට ද`ගලන දේශපාලකයින්ට තමා පාක්ෂිකයන්ගේ පිළිකුලටත් අනිකුත් ඡුන්දදායකයින්ගේ හාස්‍යයටත් ලක්වන බව තේරෙන්නේ නැත.මේ ඊයේ පෙරේදා අවසන් වුන ශ‍්‍රී ලංකාවේ මහා මැතිවරණය එයට හොඳම උදාහරණයයි.  

බි‍රතාන්‍යයේ මහා මැතිවරණයකින් පසු පරාජිත අගමැතිවරයා, හෝ පක්ෂ නායකයා තම පරාජය පිළිගනිමින් ජයග‍්‍රාහකයාට සුභ පතන අන්දම දහ දොළොස් වතාවක් ිමා නරඹා ඇතග එනිසා ශ‍්‍රී ලංකාවේ පරාජිත නායකයින් මෙවර මැතිවරණයෙන් පසුව පවත්වන ප‍්‍රථම මාධ්‍ය සාකච්ඡුාවන් මා නැරඹුවේ ඉතා උනන්දුවෙනි. යුරෝපයේ රටවල පක්ෂ නායකයින් මෙන් ශ‍්‍රී ලංකාවේ පක්ෂ නායකයිනුත් මහාත්ම ගතිවල පිරුණු පුද්ගලයන් දැයි සැකයක් නැතුව දැක බලා ගැනීම මගේ අභිප‍්‍රාය විය.

එනිසා මා මුලින්ම සවන් දුන්නේ 2019 ජනාධිපතිවරණයේ දී ඡුන්ද ප‍්‍රතිශතය 3% දක්වා බස්සවා ගෙන මහා මැතිවරණයේ දී ආසන පහ තුන දක්වා අඩුකර  ගනිමින් ඉතිහාසයේ දරුණුතම පරාජයක් ලැබු ජ. වි.පෙ. අනුර දිසානායක මහතාගේ කථාවටය.

ජනාධිපතිවරණයෙන් පසු ”ඡුන්ද ප‍්‍රතිඵලය ගැන අපි තවම අධ්‍යයනය කරනවා” කියා මාධ්‍යවේදීන්ට උත්තර නොදී සැ`ගව ගිය ජ.වි.පයේ නිර්භීත නායකතුමා මෙවර නම් මයික‍්‍රෆෝනය අතට ගත් හැටියේ ම ”අපි දරුණු පරාජයක් ලබා ඇති බව මා පිළිගන්නවා මහින්ද රාජපක්ෂ මහතාට සුභ පතන අතරේ දෙවරක් පැරදුන මා මෙවර නියත වශයෙන්ම පක්ෂ නායකත්වය අත්හරිනවා” යනුවෙන් ප‍්‍රකාශ කරන බව මම තරයේ විශ්වාස කලෙමි.

නමුත් අහිංසක මට වැරදුනේ එතනය.   ආසියාවේ ඉතාම බරපතල පරාජයකට පත්වුන අනුර කුමාර මහතා කථා කළේ කිසි දෙයක් නුවුන ගානටය.

”මේ මැතිවරණයෙන් අපි සු`ඵ පසු බෑමකට ලක්වෙලා තියනවා.  මෙය අපි අපේක්ෂා කරපු හෝ සෑහිමකට පත්වුන ප‍්‍රතිඵලයක් නෙවෙයි.  ආසන ගාන අඩුවුනත් අපේ මු`ඵ ඡුන්ද ගණන වැඩිවෙලා තියනවා.  ජනතාව මුදවා ගැනීමේ ඒකායන මාර්ගය තවමත් තියෙන්නේ අපේ අතේග කච පච කච පච …”  ලක්ෂ 133ක් ඡුන්දය දුන් මැතිවරණයෙන්  ඡුන්ද ලක්ෂ 4ක් පමණක් ලබා ගත් නායකවරයාට තමා ඉතාමත් දරුණු පරාජයක් ලැබු බව පිළිගැනීමට ආත්ම ශක්තියක් නැත.  විජයග‍්‍රාහී මහින්ද රාජපක්ෂ මහතාට වචනයකින් සුභ පැතීමට එතුමා කොන්ද පණ නැත

දෙවෙනියට වැඩිම ආසන ගණනක් දිනාගත් සජිත් පේ‍්‍රමදාස මහතාගේ පශ්චාත් මැතිවරණ ප‍්‍රකාශන වල පරාජයේ සේයාවල් දකින්නටවත් නැත.  වචනයකින්වත් නව අගමැතිවරයාට සුභ පැතීමෙන් වැළකී සිටීමට එතුමා වග බලා ගත්තේය.  එජාපයට අන්ත පරාජයක් ලබාදීම තමන්ගේ මැතිවරණ ජයග‍්‍රහණයක් හඳුන්වමින්  දිගි න් දිගට කථා කළ සජිත් මහතාට ජනතාව තමන් වළපල්ලට තල්ලූ කොට ඇති බව නොපෙනුනී

මේ ලිපිය ලියන අද බදාදා වන විට ආන්ඩුව හරියට පිහිටුවා නැත.  පාර්ලිමේන්තුව රැුස්කරන්නේත් තව සති ගණනාවකිනි.  නව රජයට තවම වැඩක් කරන්න පටන් ගන්නවත් වෙලාව ලැබී නැත.  නමුත් පරාජිත සජිත් පේ‍‍රමදාස මහතාට අගමැති පුටුවේ වාඩිවීමට ඉස්පාසුවක් නැත. ” ජනතාව බළමුඵ ගන්වා මේ ආණ්ඩුව පෙරලා දමනවා ” යි එතුමා වහසි බස් දොඩයි.  පරාජිත උගත් නායකයන් කළ යුත්තේ එය දග නැත්තම් පරාජයෙන් බිඳ  වැටුණු පක්ෂය වහා නගා සිටුවීමද

මහා බි‍රතාන්‍යයේ මෙන් ජයග‍්‍රාහී  පක්ෂ නායකයා ට සුභ පතා ඔවුන් කරන හොඳ වැඩවලට සම්පුර්ණ සහයෝගය දෙන බව කියමින් ගෞරව සම්පන්න ලෙස තම පරාජය පිළිගැනීමට සජිත් හා අනුර දෙදෙනා තවමත් අපොහොසත් වී ඇත්තේ ඇයි.

ඔරුව පෙරලූන පසු අපිට මේ පැත්ත තමයි වැඩිය හොඳයි කියා කවුදෝ කීවා වගේ ටිල්වින් සිල්වා දැන්  කියන්නේ ඔවුන්ට  එළියේ ඉඳන් හොඳ සටනක් කරලා රජය පෙරළිය හැකි බවයි සෑම දේශපාලන පක්ෂ නායකයකුම තම පාක්ෂිකයින්ට වගකිව යුතුය ඔවුන් ඉදිරියේ අවංකව කතා කරමින් තම වැරදි පිළිගත යුතුය පක්ෂයක් ඉදිරියට ගෙනියත හැක්කේ එවැනි නායකයකුටය ජනතාව පයින් ගසා වළපල්ළට දැමූ පසුත් පරාජය පිළිගන්නට බැරි අනුරලා  ටිල්වින්ලා වැනි නායකයින්ට පක්ෂයක් ඉදිරියට ගෙනියා නොහැක

පසු ගිය අවුරුදු දහය තුළ බි‍රතාන්‍ය මැතිවරණ වලදී ජනතාව ප‍්‍රතික්ෂේප කළ පක්ෂ නායකයින් 12දෙනෙක්ම නම්බු පිටින් තම පදවි වලින් අස්වී ගෙදර යන සැටි මම දැක ඇත්තෙමි ඒ තමන්ට වඩා පක්ෂය පෙරට තැබු මහත්මා දේශපාලකයින්ය නමුත් නොවැම්බර් හා අගෝස්තු ඡුන්ද දෙකෙන්ම අන්ත පරාජයට පත් සජිත් හා අනුර කුමාර දුම්මල ගසාවත් එළවා දැමීමට පාක්ෂිකයන්ට පුළුවන් කමක් නැත 2025 මැතිවරණයේදී පොදු ජන පෙරමූණ පරාජයට පත් කළ හැකි නව නායකයකු  දැන්ම තියා පත්කර ගැනීමට ඔවුනට අවස්ථාවක් නැත මෙය ඔවුන්ගේ පක්ෂ වල ඉදිරි ගමනට බරපතළ හානියක් සිදුවවන්නක් නොවේද.

ශ‍්‍රී ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂය බිංදුවට බස්සවා ගත් රනිල් වික‍්‍රමසිංහ මහතා ද ඒ අති මහත් පරාජයෙන් පසු ආදර්ශමත් කථාවක් කරාවියයි අප බලාපොරොත්තු වු නමුත් එය සිදුවුයේ නැත.  රනිල් වික‍්‍රමසිංහ මහතා කෙසේ හෝ මන්ත‍්‍ර ධූරය රැකගත්තා නම් දුම්මල ගැහුවත් ඔහු පක්ෂයේ නායකත්වය අත්හරින්නේ නැත.  එජාපයේ වාසනාවටදෝ දැන් එතුමා නොමැතිව පක්ෂයට ප‍්‍රතිසංවිධානය වී 2025 මැතිවරණය කරා යෑමට ඉඩ ප‍්‍රස්ථාව ලැබී ඇත.

බි‍රතාන්‍ය සම්ප‍්‍රදාය අනුව යමින් මැතිවරණ ප‍්‍රතිඵල නිකුත් වී පැය 6ක් යන්නට පෙර ජනමාධ්‍ය අමතමින්  අපි අන්ත පරාජයක් ලබා තිබෙනවා.  ජනතා තීන්දුවට අපි හිස නමන අතරේ නව රජයට අපේ සුබ පැතුම් එක්කරනවා  යි කියු විපක්ෂයේ එකම දේශපාලනඥයා  අපේ ගාල්ලේ වජිර අභයවර්ධනයි.

”අපි සුඵ පසුබෑමකට ලක්වෙලා තියනවා.  ඒත් ජනතාව අපි සමගයි.  වැඩිකල් යන්නට කලින් අපි මේ ආන්ඩුව පෙරලනවායි” වැනි විකාර විහි`ඵ කථා පවත්වන්නේ නොමැතිව මහත්මයකු ලෙස කෙළින්ම තම පරාජය බාර ගැනීමෙන් වජිර අභයවර්ධන මහතා පක්ෂ විපක්ෂ බොහෝ දෙනෙකුගේ ප‍්‍රශංසාවට ලක් වී ඇත.  ශ‍්‍රී ලංකාවට අවශ්‍ය මෙවැනි හදවතට එකගව කථා කරන අවංක දේශපාලනඥයන්ය.

චන්ද ප්‍රතිපලවලින් ලැජ්ජාවට පත්ව පරාජය ගැන බොරු  නිදහසට කරුනු සොයන  අනුර කුමාර, සජිත්, සම්පන්තන්, නාගහනන්ද වැනි පක්ෂ නායකයින්ට  වජිර අභයවර්ධනලා වැනි ප‍්‍රාදේශීය දේශපාලනඥයින්ගෙන් ඉගෙන ගැනීමට බොහෝ දේ තිබේයයි මට හිතේ.       

බි‍රතාන්‍ය ඉංජිනේරු ගාල්ලේ දෙව්සිරි පීී හේවාවිදාන ලංඩන් නුවර සිට ලියයි .(devsiri@hotmail.com)

3 Responses to “අපි පැරදුනා කියා කට ඇර කියන්න බැරි ඇයි?”

  1. dhane Says:

    ශ‍්‍රී ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂය බිංදුවට බස්සවා ගත් රනිල් වික‍්‍රමසිංහ මහතා ඒ අති මහත් පරාජයෙන් පසු Trying his usual tricks to come back to Parliament through the List. What a shameful act. Its he still dressing a trouser & coat?

  2. DR M D P DISSANAYAKE Says:

    Agreed fully with දෙව්සිරි පීී හේවාවිදානand Dhane.

    RW, Sumanthiran, Sambandan, Rauf, Mano, what have they done to Muslims and Tamils. These poor people have no toilets, tap water, shelter. Now, All Tamils, Muslims and Sinhalese are coming under one banner.

    They trust in GR. Lets make it, making poor people happy first, before anything else.

  3. samurai Says:

    ජ.වී.පෙ. තව බක පණ්ඩිතයෙක් කිව්වනෙ අපි පැරදුනා නෙවෙයි ජනතාව වෙන පැත්තකට තල්ලුවුනා කියල.
    ඕවා අහන කොට පස්සා පැත්තෙනුත් හිනා යනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress