කොළොඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රතිපලයෙන් ජනතාව 19 වෙනි ව්‍යාවස්ථා සංශෝධනය ප්‍රතික්ෂේප කරන ආකාරය වටහා ගෙන 20 බලගන්වන්නට පෙරට එන්න.
Posted on September 4th, 2020

චන්ද්‍රසේන පණ්ඩිතගේ

පසුගිය මැතිවරණයේදී ජනතාව විසින් කුඩ්ඩෙක් සේ සලකා ඉවත දැමු ජවිපාවුන්ගේ නායක අනුර කුමාර දිසානායක යලිත් දේශපාලන පිටියට අවතීර්ණව, 20 වෙනි ව්‍යාවස්ථා සංශෝධනයට එරෙහිව කතා කිරීම අරඹා ඇත. ඒ සමගම 19 වෙනි ව්යාවස්තා සංශෝධනයේ වර්ණනාවද මාධ්‍ය හමු තබමින් ප්‍රකාශ කරමින් සිටි.

ඔවුන්ගේ විග්‍රහයට අනුව, 19 වෙනි ව්යාවස්තා සංශෝධනයෙන් 20 වෙනි ව්යාවස්තා සංශෝධනයට සපැමිණීම ශිෂ්ඨාචාරයෙන් අශිෂ්ඨාචාරයට ගමන් කිරීමකි. මෙසේ ප්‍රකාශ කරන්නේ මිට සති තුනකට පෙර ජනතාව විසින් දේශපාලන පිටියෙන්  එළවා නින්දාවට භාජනය කල දේශපාලන සංවිධානයක නායකයා තමා බව ඔහුට අමතකව ගොස් ඇති බැවිනි..

19 හොදද නරකද තීරණය කරන්නේ මෙරට ජනතාව මිස අනුර කුමාර දිසානායක නොවන බව පළමුව ඔහු තේරුම් ගත යුතුය.මිට දින 21කට පෙර 19 වෙනි ව්‍යාවස්ථා සංශෝධනයේ නිර්මාතෘවරුන් වන, අනුර කුමාර දිසානායක හා, රනිල් වික්‍රමසිංහ  යන දෙපල කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදීම හා තරඟයේ ප්‍රතිපල ඉතා හොදින් විග්‍රහකර බලන විට පෙනෙන පින්තුරය මේ නරුමයින්ට නොපෙනීම උන්ගේ කරුමය මිස අන් යමක් නොවේ.

ඉතිහාසය අපුරු මැතිවරණ තරගයක් කොළොඹ දිස්ත්‍රික්කය තුල නිර්මාණය කළහ.19 වෙනි ව්‍යාවස්ථා සංශෝධනයේ නිර්මාතෘවරුන් වන, අනුර කුමාර දිසානායක හා, රනිල් වික්‍රමසිංහ  පොහොට්ටුවට එරෙහි බලකදවුරෙන් තරඟ වදින විට, එදා 19 වෙනි ව්‍යාවස්තා සංශෝධනයට එරෙහිව පාර්ලිමේන්තුව තුලදී චන්දය පාවිච්චිකළ එකම මන්ත්රිවරයාවූ සරත් විරසේකරටද ඔවුන් දෙදෙනා සමග තරඟ කිරීමට පසුබිම නිර්මාණය වීම ස්වභාවය විසින් මෙරට දේශපාලඥයින්ට ස්වභාවයේ අරුමය මේයයි කියා පාන්නකි..

මෙම තරඟයේදී ජනතාව අනුර කුමාරගේ හාම්පුතා වන රනිල් වික්‍රමසිංහව පාර්ලිමේන්තුවෙන් එළවා දැමු අතර,සරත් විරසේකරයන්ව කොළොඹ දිස්ත්‍රිකයේ, වැඩිම මනාප ලාභියා බවට පත්කළේ, චන්ද 328,092 ප්‍රමාණයක් ඔහුට ලබාදීම තුලිනි.
ඊට අමතරව අනුර කුමාර තරඟ කල පිලට චන්ද 67,600ක් ලබාදීම තුලින් හඬගා කිවේ, තොපේ 19 වෙනි ව්යාවස්තා සංශෝධනය හොඳට රෝල්කොට තොපේ පක්ෂයේ උන්ට වස්ති කුරක වශයෙන් පාවිච්චි කිරීමට තබා ගනුව යන පණිවුඩයයි.

එයින් නොනැවතී, මාලිමාවට චන්දය දුන් අනුර කුමාරගේ මිනිසුන් අපුරු දේශපාලන පණිවුඩයක්ද නිකුත් කළහ. මාලිමාවට චන්ද 67,600ක් දුන් මිනිසුන්ගෙන්, තම පක්ෂයේ නායකයාවූ අනුර කුමාරට මනාපය දුන්නේ, 49,814ක් පමණකි. ඔහුගේ පක්ෂයට චන්දය දුන් අයගෙන් 26% තම පක්ෂ නායකයාවූ අනුර කුමාර දිසානායකට ඉතා පැහැදිලිව ප්‍රකාශ කොට ඇත. ඒ මැතිවරණ දිනයේදී ඔහුට තිබු ජන පදනමයි.ප්‍රතිපල වලින් පසු ඔහුට පක්ෂ කණ්ඩායම 26% බවට පත්ව 74% ඔහුට එරෙහි වීම අනිවාර්යෙන්ම  දෙයකි. තම පාක්ෂිකයන්ගේ අප්‍රසාදයට ලක්වූ පක්ෂ නායෙකයෙක් වන ඔහුට දැන් 19 ගුණ වයමින් එහි එල්ලී සිටින ගමන් පක්ෂයේද එල්ලී සිටි. ජනතාවනි නිවැරදිව සිතාබලා සත්‍ය පමණක් අවබෝධ කරගන්න. ඔබ සැමට ජය..

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress