2021 වර්ෂයට අදාලව සිදුකරනු ලබන අය – වැය යෝජනා
Posted on October 19th, 2020
ජනමාධ්‍ය නිවේදනයයි. ලංකා ගුරුසේවා සංගමය.
ගරු අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය,
මහින්ද රාජපකෂ මැතිතුමා,
මුදල් අමාත්‍යාංශය,
කොළඹ 01.
අග්‍රාමාත්‍යතුමනි,
2021 වර්ෂයට අදාලව සිදුකරනු ලබන අය – වැය යෝජනා
සංවර්ධනය අරමුණු කර ගත් රටකට එහි වැදගත්ම සම්පත වනුයේ මානව සම්පතයි. එම මානව සම්පත සංවර්ධනයට අවශ්‍ය මුලික පදනම වැටෙනුයේ එරට අධ්‍යාපනය තුළිනි. ඒ අනුව අධ්‍යාපනයේ මුලික කාර්යභාරය පැවරි ඇත්තේ සමස්ත ගුරු පරපුරට වන අතර ඒ සදහා තම වෘත්තියේ ඉහළ නිපුණතාවන්ට ල
ගාවිමට අවස්ථාවක් ලබාදීමත් (වෘත්තිකභාවය), උසස් ජීවන තත්වයක් ලබාදීමත් අරමුණු කොට ගනිමින් 1994 දී දීප ව්‍යාප්ත වැටුප්තල වල පිහිටුවමින් ගුරු, විදුහල්පති සේවා ව්‍යවස්ථාවන් හදුන්වා දීමට ක්‍රියාකරන ලදි.
මෙම තීරණය අනුව දීප ව්‍යාප්ත වැටුප්තල ඇතුලත් සේවා ව්‍යවස්ථා ලෙස අංක 843/04 හා 1994.10.31 දිනැතිව 1994.10.06 දින සිට ක්‍රියාත්මක ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවත් අංක 1086/26 හා 1999.07.22 දිනැතිව 1997.01.01 දින සිට ක්‍රියාත්මක ශ්‍රී ලංකා විදුහල්පති සේවයත් අති විශේෂ ගැසට් පත්‍ර මගින් ස්ථාපිත කරන ලදි.
ඉන් වසර 02 ට පසු එනම් 1997 දී සමස්ත රාජ්‍ය සේවයෙහිම වැටුප් සංශෝධන කිරීම ස
දහා බී.සී. පෙරේරා මුලිකත්වයෙන් යුත් වැටුප් කොමිෂන් සභාවක් පත්කල අතර එහි නිර්දේශ අනුව 1997.11.12 දිනැති අංක 02/97 (ෂෂෂ) රාජ්‍ය පරිපාලන වැටුප් චක්‍රලේඛනයෙහි පිටු අංක 03 හි 03 :10 වගන්තිය මගින් zz ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපන සේවය, ශ්‍රි ලංකා විදුහල්පති සේවය සහ ශ්‍රී ලංකා ගුරු සේවය යන සේවාවන්ට අදාල වැටුප් පරිමාණ පසුව දන්වනු ලැබේZZ යනුවෙන් සදහන් කර ඇත.
නමුත් පසුව දැනුම් දෙන බව සදහන් වුවද ඉන්පසුව නිකුත්කළ අංක 15/2003, අංක 09/2004, අංක 06/2006 හෝ අංක 03/2016 යන රාජ්‍ය පරිපාලන වැටුප් චක්‍රලේඛ ම
ගින් මෙම කරුණ සම්බන්ධව ඉදිරි කටයුතු කිසිවක් සිදුනොවූ අතර අද වනවිට ඊට වසර 23 ක් ගතව ඇත.
මේ අනුව ගුරු හා විදුහල්පති සේවාවන්ට 1997 දී බී.සී.පෙරේරා වැටුප් කොමිෂන් සභාව ඇති කළ වැටුප් විෂමතාව මේ වන තෙක් විසදීමට කටයුතු නොකළ අතර ඉහත සදහන් චක්‍රලේඛ මගින් එය තවදුරටත් වර්ධනය කර ඇත. ඒ අනුව මේ වන විට වැටුප් සංශෝධන සම්බන්ධව අවසන් වරට නිකුත් කරන ලද 2020 වර්ෂයේදී ක්‍රියාත්මක කර අවසන් වු 03/2016 චක්‍රලේඛයට අනුව 1995.01.01 දින සිට සමාන්තර වැටුප් ලැබු අධ්‍යාපන පරිපාලන සේවයේ 1,2,3 පන්ති සම
ග ගුරු හා විදුහල්පති සේවා සැස`දිමේදී ගතවු වසර 23 හි ආරම්භක වැටුපට පමණක් ඒ, ඒ ශ්‍රේණි හා පන්ති වලදී අහිමි කළ වැටුප පහත පරිදි පෙන්වා දිය හැක.
ශ්‍රී ලංකා ගුරු සේවය 97 සිට 2020 දක්වා අහිමි කළ මුළු වැටුප(දළ වශයෙන්)
1 පන්තිය රු.2836530.00
2-ස ශ්‍රේණිය රු.2821230.00
2-සස ශ්‍රේණිය රු.1777800.00
ශ්‍රී ලංකා විදුහල්පති සේවය 97 සිට 2020 දක්වා අහිමි කළ මුළු වැටුප(දළ වශයෙන්)
1 පන්තිය රු.3337440.00
2 පන්තිය රු.2553120.00
3 පන්තිය රු.1353540.00
එය එසේ තිබියදී ගතවු මෙම වසර 23 ක ගුරු හා විදුහල්පති සේවා ව්‍යවස්ථාවන් මෙතෙක් විධිමත්ව ක්‍රියාත්මක නොවීම තුළින් එහි නිරතවන්නන් බරපතල අරාජිකත්වයකට හා ඉච්ඡාභංගත්වයට පත්ව ඇත. දීර්ඝ කාලයක සිට පවතින මෙම තත්ත්වය නිසා සමස්ත අධ්‍යාපනය තුළ ගුණාත්මක බව පිරිහෙමින් තිබිණිි. ඒ සම්බන්ධව නිරන්තර අරගල අප විසින් සිදු කළ අතර එහි උච්චතම අවස්ථාවක් ලෙස අප සියලූ වෘත්තීය සමිති ඒකරාශි කර ගනිමින් 2007/2008 වර්ෂයන්හිදී සිදුකළ අ.පො.ස උසස් පෙළ ඇගයීම් වර්ජන හා දීප ව්‍යාප්තව සිදුකළ වැඩ වර්ජන පෙන්වා දිය හැක.
මෙහිදි 2008 වර්ෂයේ අතිගරු ජනාධිපති හා මුදල් අමාත්‍ය ලෙස ඔබතුමා විසින් 2009 වර්ෂයට අදාලව ඉදිරිපත් කරන ලද අයවැයේදි ගුරු හා විදුහල්පති සේවා වල පවතින වැටුප් විෂමතාව විසදීම ස
දහා රු.මි.3000 වෙන් කළ බව ප්‍රකාශ කළද එය අදාල වර්ෂයේදි හෝ ඉන්පසු හෝ ලබා දීමට කටයුතු නොකළ බව සිහිපත් කළ යුතුව ඇත.
නමුත් 2019 වර්ෂයේ පැවති ජනාධිපතිවරණයේදි මෙන්ම 2020 මහ මැතිවරණයේදී ද ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ගෙන් සාතිශය බහුතරයක් මෙන්ම මෙරට ජනතාව ද ඔබ විසින් ඉදිරිපත් කළ රට හදන සෞභාග්‍යයේ දැක්ම තුළ තම දරුවන්ගේ ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් වු යෝජනා සම්බන්ධයෙන් විශ්වාසය පළ කරමින් බලයට පත් කර ඇත.
ඒ අනුව රට හදන සෞභාග්‍යයේ දැක්මෙහි සිව්වන කොටසෙහි —ඵලදායි පුරවැසියෙක් සහ සතුටින් ජීවත්වන පවුලක් ˜යන තේමාව යටතේ එක් කරුණක් ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සේවයේ නියුතු ගුරුවරුන්, විදුහල්පතිවරුන්, ගුරු උපදේශකවරුන් සහ අධ්‍යාපන පරිපාලන නිලධාරින්ගේ කැපවිම අගය කරමින් එය වඩාත් අර්ථවත් කිරීම සදහා සහ ඔවුන්ට බලපාන බොහෝ ප්‍රශ්න විස
දා ගැනීම සදහා මෙම සියලූ සේවාවන් ඒකාබද්ධ කොට සංවෘත සේවාවක් බවට පත් කෙරේ යනුවෙන් ස
දහන්ව ඇත.
ඒ අනුව යමින් බලයට පැමිණි වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපකෂ මහතාගේ මුලිකත්වයෙන් අග්‍රාමාත්‍යවරයා හා මුදල් අමාත්‍යවරයා ලෙස ඔබතුමා ද ඇතුලූව 2019 ඔක් 30 දින රැස්වු අමාත්‍ය මණ්ඩලය උක්ත කරුණු තහවුරු කරමින් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අංක අ.ම.ප/19/2930/127/075 දරණ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුමත කරමින් ගුරු හා විදුහල්පති සේවාවන් ඇතුලූව අනෙකුත් සේවාවන්ද සමස්ත රාජ්‍ය සේවයෙන් බැහැරව සංවෘත සේවාවන් බවට පත් කර පවතින වැටුප් විෂමතා විසදීමටත් එතෙක් ගුරු හා විදුහල්පති සේවාවන්ට අතුරු වැටුප් දීමනාවක් ලබා දිමටත් තීරණය කර තිබිණි.
ඒ අනුව ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව ගුරු හා විදුහල්පති සංගම් සම
ග අධ්‍යාපන අමාත්‍යාංශය සිදු කළ සාකච්ඡා වලින් අනතුරුව අධ්‍යාපන ලේකම් විසින් අංක ෑෘරැ02රැ29රැ02රැ02රැ24 හා 2020.01.21 දිනැති ලිපිය මගින් වැටුප් විෂමතා විසදන තුරු අතුරු දීමනාවක් ස
දහා වන යෝජනාවක් නව වැටුප් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලදි. එහි ස`දහන්ව ඇති ආකාරයට මෙම දීමනාව ගෙවීමට මාසිකව රු.මි. 2480.42 වැය වන බවත් ඒ අනුව ඊට අවශ්‍ය ප්‍රතිපාදන බලයට පත්වන තම ආණ්ඩුවේ පළවන අයවැය මගින් වෙන් කරන බවත් එවකට අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ප්‍රකාශ කළ බව පෙන්වා දිය යුතුව ඇත.
ඒ අනුව අප ඉහත සදහන් කළ අමාත්‍ය මණ්ඩල තීරණ හා අධ්‍යාපන අමාත්‍යංශය එක
ග වු කරුණු මත පදනම්වූ ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා ගැටළු වලට මෙවර අය වැය මගින් විසදුම් ලබාදිය යුතු බවට අවධාරණය කරන අප සංගමය තවදුරටත් ක්ෂේත්‍රයේ පවතින ගැටළු සම්බන්ධව පහත ස`දහන් යොජනා ද ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු.
- ගුරු හා විදුහල්පති සේවාවන්ට 1997 දී බී.සී. පෙරේරා කොමිෂන් සභාවේ නිර්දේශ මත නිකුත් කළ 2/97 වැටුප් චක්‍ර ලේඛය මගින් නිර්මාණය කළ වැටුප් විෂමතාව සම්පුර්ණයෙන් විසදිය යුතු බවටත්,
- මෙරට අධ්‍යාපනය ලබන 4500000 වු සිසු දරුවන්ගේ නිදහස් අධ්‍යාපන අයිතින් ආරක්ෂා කරමින් දෙමව්පියන්ගෙන් මුදල් රැස් නොකොට දළ දේශිය නිෂ්පාදිතයෙන් 6% ක ප්‍රතිපාදන වෙන් කිරීමටත්,
- 2016 වර්ෂයේ සිට රාජ්‍ය සේවය තුළ අහෝසි කර ඇති පැවති විශ්‍රාම වැටුප් ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීමටත්, 2016.01.01 සිට 2020.12.31 දින දක්වා ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුලූ සමස්ත රජයේ විශ්‍රාම ලැබුුවන්ට නීත්‍යානුකූලව හිමි විශ්‍රාම වැටුප් වැඩි විම ලබා දීමටත්,
- ගුරු සේවයේ සිට තර`ග විභාග මත විදුහල්පති සේවයේ පත්වීම් ලැබුවන්ට පවතින වැටුප් විෂමතා හා උසස්වීම් ගැටළු ඉවත් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමටත්,
- ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ වල පවතින ප්‍රවාහන ගැටළු විස`දා ගැනීම වෙනුවෙන් ගුරු හා විදුහල්පති සේවාවන්ට තීරු බදු රහිත වාහන බලපත් ලබා දීමටත්,
- දුෂ්කර ප්‍රදේශ වල ඉගෙනුම ලබන දු දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කරනු වස් එම ප්‍රදේශ වල පවතින දුෂ්කරතාවයන් සැලකිල්ලට ගෙන ගුරු නිවාස හා ගුරු ගම්මාන ඇති කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරිමටත්,
- ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ස`දහා මේ වන විට කප්පාදු කර ලබා දෙන ආපදා ණය මුදල මාස 10 ක මුලික වැටුපේ එකතුවක් ලෙස සම්පුර්ණයෙන් ලබා දීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමටත්,
- ගුරු උපදේශක සේවයේ නියුතු ගුරු උපදේශකවරුන් ස
දහා අවශ්‍ය ප්‍රවාහන දීමනා ස
දහා ප්‍රතිපාදන වෙන් කිරිමටත්, - කොරෝනා වසංගතය හේතුවෙන් සිසු දරුවන්ගේ බි
ද වැටි ඇති අධ්‍යාපන කටයුතු යාවත් කාලීන කිරීම ස
දහා අවශ්‍ය අන්තර්ජාල පහසුකම් වෙනුවෙන් දීමනාවක් ලබා දීම සදහා ප්‍රතිපාදන වෙන් කිරීමටත්, 10.පන්ති කාමර ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලියට බාධා වන අයුරින් පවරා ඇති ව්‍යාපෘති හා අමතර වැඩ නතර කර එම කටයුතු ස
දහා සුදුසුකම් ඇති අනධ්‍යයන කාර්ය මණ්ඩල බ`දවා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරිමටත්, - රට තුළ උද්ධමනය ඉහළ යමින් වැඩිවන ජීවන වියදම හමුවේ ජිවත් වීමට සරිලන වැටුප් වැඩිවිමක් සමස්ත රාජ්‍ය සේවයට ලබා දීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමටත් කටයුතු කළ යුතු බවට යොජනා කරමු.
මෙවර අය වැය මගින් අප ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධව සාධාරණ තීරණ නොගන්නේ නම් අප සංගමයේ විධායක සභාව තීිරණයකර ඇති පරිදි ඉදිරියේදී අධ්‍යාපන ෙකෂ්ත්‍රයේ වෘත්තීය සමිති සම
ග එකාබද්ධව වෘත්තීය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වීමට කටයුතු කරන බව ද දැඩිව අවධාරණය කරමු.
මෙයට,
විධායක සභාව වෙනුවෙන්,
මහින්ද ජයසිංහ
ප්‍රධාන ලේකම්
ලංකා ගුරුසේවා සංගමය.
පිටපත් – 01. ගරු ජනාධිපති ගෝඨභය රාජපකෂ මැතිතුමා
- ලේකම් – මුදල් අමාත්‍යංශය
- අධ්‍යාපන ලේකම් – අධ්‍යාපන අමාත්‍යංශය