ආනන්දයෙන් බිහි වු දැයට ණය නැති විශිෂ්ඨ රණවිරුවා.
Posted on December 8th, 2020
බ්‍රිතාන්‍ය්‍ය ඉංජිනේරු ගාල්ලේ දෙව්සිරි පීී. හේවාවිදාන ලංඩන් නුවර සිට දෙසැ 6 ඉරිදා මව්බිමට ලියු ලිපිය.
යහපාලන රජයේ අගමැති රනිල්ට හා සජිත් පේ‍්‍රමදාස ඇතුඵ ඇමති මන්ඩලයට යුද්ධය ඇත්තටම දිනා දුන් සාමාන්‍ය සෙබළාගේ දුක් සෝ සුසුම් පෙනුනේ නැත. ඔවුන්ට අවශ්‍ය වුයේ දෙමළ ඩයස්පොරාවත්, Amnesty International, Human Rights Watch වැනි සින්හල විරොධී N.G.O. කාරයින්ව සතුටු කිරීමටය. යුධ හමුදා භටයින්ට විරුද්ධව මිනිස් ඝාතන චෝදනා ඇත්නම් වහාම අපට පැමිණිලි කරන්න”යි කියමින් ඩයස්පෝරාවට ආයාචනා කරමින් යහපාලයේ ආරක්ෂක ලේකම්වරයා හේමසිරි ප්‍රනාන්දු අපේ යුධ හමුදාවට විරුද්ධව ප්‍රසිද්ධියේ අවි අමෝරා ගත් අන්දම අපි කෙසේ අමතක කරන්නද?
අවාසනාවකට යහපාලන රජයේ අගමැතිවරයා විසින් ජිනවා මානව කොමිසම හා විදේශ NGO ආයතන සතුටු කිරීම සඳහා යුද්ධය දිනා ගැනීමට දායක වූ මධ්‍යම පෙළේ යුධ හමුදා නිලධාරීන් විශාල වශයෙන් අත්අඩංගුවට ගන්නා ලදී. එතකුදු වුවත් එවකට ජනාධිපතිව සිටි මෛති‍්‍රපාල සිරිසේන මහතා සරත් ෆොන්සේකා මහතා ෆීල්ඞ් මාෂල් ධූරයට උසස් කරමින් ඒ මහතාට නිසි ඉහළම ගෞරවය හිමි කළේය. රාජපක්ෂ යුගයේ සිදුවන බරපතල අසාධාරනයක් නිවැරදි කොට ෆොන්සේකා මහතාට හමුදාවේ උසස්ම නිලය ලබාදීම ගැන එම දිනවල මුලූ ජාතියේම ප්‍රනාමය හිටපු ජනාධිපතිතුමාට හිමි විය.
නමුත් ඊළාම් යුද්ධයේ ජයග්‍රහණයට අතිශයින්ම දායක වූ එවකට නාවික හමුදාපති වූ මගේ ආනන්ද බෝඩිමේ සගයා වසන්ත කරන්නගොඩ තවත් බොරු චෝදනාවක් මත අත්අඩංගුවට ගැනීමට මංගල – රනිල් යුගළය කැසපට ගසමින් සිටි බව කවුරුත් දන්නා රහසකි. අන්තිමේ දී ඊළාම් යුද්ධයේ ජයග්‍රහණයට අතිශයින්ම දායක වූ කරන්නගොඩ තවත් බොරු චෝදනාවක් මත අත්අඩංගුවට ගැනීමට මංගල – රනිල් යුගළය කැසපට ගසමින් සිටින බව පසුගිය වසර මැද දී ආරංචි වී මම මහත් සංවේගයට පත් වුණෙමි. මම වහාම ඔහුට ටෙලිෆෝන් කළෙමි.
”ඔව් දෙව්සිරි ඒ කතාව ඇත්ත. එයාලා මාව දෙසැරයක්ම ඇරස්ට් කරන්න ඔන්න මෙන්න කියලා තිබුණේ. නමුත් වාසනාවට ජනාධිපතිතුමාට තේරුණා මේ ඔක්කොම බොරු චෝදනා කියලා. එතුමා වහාම නියෝග කළා මට අත තියන්න එපා කියලා.”
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේකන මහතා එදා අවස්ථානුකූලව මැදිහත් නොවූයේ නම් ත්‍රිවිධ හමුදාපතිවරු දෙදෙනෙකුම නිරපරාදේ සිරගත කළ කෙළෙහි ගුණ නොදන්නා රටක් වශයෙන් ශ්‍රී ලංකාවට අපකීර්තිමත් වාර්තාවක් හිමිවීමට එදා හොඳාකාරවම ඉඩ තිබුණි.
හිටපු ජනාධිපතිතුමා එතැනින් නැවතුණේ නැත. වසන්ත කරන්නාගොඩට යහපාලනය විසින් කරන්නට ගිය බරපතළ අවමානයට වන්දි ගෙවීමක් වශයෙන් හා යුධ සමයේ අපේ රටට සිදු කළ උත්තරීතර සේවයට ගෞරවයක් වශයෙන් වසන්තට නාවික හමුදාවේ දිය හැකි ඉහළතම ගෞරවය වූ Admiral of the Fleet පදවිය පිරි නැමීමට ද එතුමා අමතක කළේ නැත. යුධ ජයට ගුවන් හමුදා නායකත්වය සැපයූ රොෂාන් ගුණතිලක මහතාට Marshal of the Airforce අධි ගෞරව උසස්වීම පිරි නැමූ හිටපු ජනාධිපතිතුමා තවත් ඉහළ හමුදා නිළධාරීන් ගණනාවකටම උසස්වීම් ලබා දෙමින් ජනතාවගේ මහත් ගෞරවයට හා ආදරයට පාත්‍ර විය.
මගේ පාසැල් මිතුරන් දෙදෙනෙකුටම ඔවුනට නිසි උසස් වීම් හා ගෞරව පදවි පුද කළ ත් දේශපාලන විරසකයක් නිසා හිටපු ජනදිපතිතුමා ් මගේ තව ත් පාසල් මිතුරෙකු හා අති විශිෂ්ඨ සෙන්පතියෙකු මුලුමනින්ම අමතක කළේය
මේ කියන මිත්‍රයා ආනන්දයේ පාපන්දු කණ්ඩායමේ නායකයා වූවා පමණක් නොව ක්‍රිකට්, හොකී, බැඞ්මින්ටන්, ටෙනිස් වැනි ක්‍රීඩා වලින් ද පාසැලට ඉහළම ගෞරවය අත් කර දුන්නෙකි. ආනන්දයේ විශිෂ්ඨ ශිෂ්‍ය විධායකය කු වූ මෙම මිත්‍රයා බෞද්ධ සංගමය, සාහිත්‍ය සංගමය, කථික සංගමය, විද්‍යා සංගමය වැනි සංගම් වල නිලතල ද දැරීය. පුංචි කාලයේ සිටම ඔහු මා සමඟ කථා කළේ රටේ දුප්පත්කම නැති කරන විදි ගැනය. නැති බැරි අයට පිහිට විය හැකි අන්දම ගැනය.
අයුක්තිය අසාධාරණයට එරෙහිව එවකට විදුහල්පති රාජපක්ෂ මහතා සමග නිබයව වාද කිරීමට ඔහු කිසිසේත් පැකිඵනේ නැ ත. ලොවෙන් එකෙක් එක දේකට වෙයි සමත යනුවෙන් අලගියවන්න මුකවැටි කවියා ලියු කථාව බොරු කළේ මෙම විශිෂ්ඨ ආනන්දියාය. පාසැලේ මලල ක්‍රීඩා කන්ඩායමේ ද නායකයා වු ඔහු පුහුණුව අතර විවේක කාලවලදී කැම්බල් පිට්ටනියේ බිම වාඩි වී කොපි පොත්වල ලස්සන කවි ලිවුයේය. ආනන්ද බාලිකාවන් ට පෙම්කළ අපේ පන්ති සගයන්ට රසබර පෙම්හසුන් ලියන්නට ඉගෙන්නුවේත් මේ මිත්‍රයාය.
වසන්ත කරන්නාගොඩ සමඟම නාවික හමුදාවට බැඳුණු මගේ මිත්‍රයා ඊළාම් යුද්ධයේ දී විශිෂ්ඨ දස්කම් පාමින් ඉහළින් ඉහළට ගියේය. මායිම් ගම්මානවල වැසියන් කොටි ප්‍රහාර වලින් බේරා ගැනීම සඳහා මෙතුමා දිවි නොතකා කටයුතු කළ අන්දම අම්පාර ජනතාවට කිසිවිටක අමතක නොවේ.
නාවික හමුදාව තුළ ක්‍රම ක්‍රමයෙන් ඉහළට ගිය මගේ මිත්‍රයා උතුරේ දකුණේ හා නැගෙනහිර ආඥාධිපති වශයෙන් මාරුවෙන් මාරුවට අගනා සේවයක් ඉඩු කළේය. යුද්ධය උච්චතම අවස්ථාවේ ඔහු නාවික හමුදාවේ මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂක වශයෙන් විශාල කාර්යභාරයක් සම්පුර්ණ කළේය’
”ගම්බට්ටන්” නමින් හඳුන්වනු ලැබු ”ගල්කටස්” තුවක්කුවලින් මායිම් ගම්මාන රැකගැනීමට බඳවාගෙන සිටි තරුණයින්ට නිසි යුධ පුහුණුවක් ලබා දී ඔවුන් ්47 මැෂින් තුවක්කු රැුගත් විනයගරුක ග්රාමාරක්ෂක භටයන් බවට පත් කළේ මගේ මිත්‍රයාය’ පසුව සිවිල් ආරක්ෂක භටකාය පිහිටුවා එහි ප්‍රථම අධ්‍යක්ෂක ජෙනරාල් වීමට ඔහු සමත් විය’
අවුරුදු 35 අති විශිෂ්ඨ නාවික හමුදා සේවය තුල දී රණ වික්‍රම, විශිෂ්ඨ සේවා, උත්තම සේවා හා සන්නද්ධ සේවා ඇතු`ඵ ඉහළතම පදක්කම් 12ක් දිනාගත් ඒ මහතා එහු මුඵ. රටටම ආඩම්බර විය හැකි රණවිරුවකු විය.
බොහෝ හමුදා නිලධාරීන් විශ්‍රාම ගිය පසු තම පවුල සමඟ වෙහෙස මහන්සියෙන් තොර සුන්දර ජීවිතයක් ගත කරති. නැතිනම් සුළු සුළු ව්‍යාපාර කරමින් දිවි රැුක ගති. නමුත් මගේ මේ පාසැල් මිත්‍රයා තම විශ්‍රාම ජීවිතය තම රට ජාතියේ උන්නතිය කෙරෙහි කැප කළේය
යුද්ධයේ අවසාන සමයේ දී ඩයස්පෝරාවෙන් ලැබෙන ඩොලර්වලට ගිජු වු අපේම සිංහල අධ්‍යක්ෂකවරුන් හා නිෂ්පාදකයින් පිරිසක් ශ්‍රී ලංකා හමුදාභටයන් මිනීමරුවන් ලෙස හැඳින්වෙන චිත්‍රපටි කිහිපයක් කොට ලොව පුරා ප්‍රචාරය කළේය’ මෙයින් ශ්‍රී ලංකාවටත් ත්‍රිවිධ හමුදාවටත් ඉතා අසාධාරණ අපකීර්තියක් ලැබී මගේ මිතුරා බලවත් කම්පනයට පත් කළේය’
දෙමළ ඩයස්පෝරාව හා NGO ඩොලර් කාරයෝ සෑම වසරකම ජිනීවා මානව කොමිසම ඉදිරියේ අපිව දං ගෙඩියට කැඳවා ගෙන යන්නට හදති. ඩයස්පෝරාවගේ බොරු ප්‍රචාර වලට විරුද්ධව සටන් කරනවා වෙනුවට ශ්‍රී ලංකාවේ යුධ හමුදාව යුධ අපරාධ කළා කියන ඇමරිකන් යෝජනාවට සම අත්සන තැබුවේ ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිවරයාව සිටි මංගල සමරවීර නමැති ජාති ද්‍රෝහී පුද්ගලයාය.
ශ්‍රී ලංකාවේ සිංහලයන් සියල්ලෝම ම්ලේච්ඡු වධකයන් පිරිසක්ය. සිංහල හමුදාව අහිංසක දෙමළ ජනතාව 40,000ක් අමු අමුවේ මරා දැම්මායයි දෙමළ ඩයස්පෝරාව එ. ජා. සංවිධානය ඉදිරිපිට චෝදනා පිට චෝදනා නගන විට හිටපු ඊනියා යහපාලන රජයේ නියෝජිතයින් නිවටයින් ලෙස ඒවා අනුමත කරද්දී අපේ රට ජාතිය බේරා ගැනීමට අභීතව හඬ නැගුවේ මගේ මිත්‍රයා හා මහාචාර්ය චන්න ජයසුමන ඇතු`ඵ සු`ඵ පිරිසකි.
සෑම වසරකම ඔහු තමන්ගේ වියදමින් ජිනීවා ගොස් රට ජාතිය වෙනුවෙන් සටන් කළේය’ . ඩයස්පෝරා දෙමලූන් තක්කු මුක්කු වන සේ ඉතා චතුර ලෙස ඔවුන්ගේ බොරු ප්‍රචාර වලට නිසි ප්‍රතිචාර දුන්නේය . ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාවට විරුද්ධව පැනවීමට ගිය තහංචි බොහෝමයකින් අපි ගැළවුණේ මේ වීරෝධාර රණවිරුවා නිසාය. ඔහු රටට සම්පතකි. ජාතිකයට ණය නැති වීර සෙබලෙකි. ඔහු අන්කිසිවෙකු නොව තිස්වසරක කුරිරු යුද්ධය ජයග්රහණයෙන් නිමා කිරීමට ත්‍රිවිධ හමුදාව ගෙන ගිය උදාර සටන් පෙරමුණේ සිටි රියර් අද්මිරාල් සරත් වීරසේකර සෙන්පතිතුමාය.
අවාසනාවට මු`ඵ රටම ණයගැති වු, මෙම විශිෂ්ඨ රණවිරුවාට යහපාලන සමයේ ජනාධිපතිතුමා දැක්වුයේ කුඩම්මාගේ සැලකිලිය. ෆොන්සේකා, කරන්නාගොඩ, ගුණතිලක වැනි යුධ සෙන්පතියන්ට උරුම වු උසස් වීම් සියල්ලම ප්රදානය කිරීමට මැලි නොවු මෛත්‍රීපාල සිරිසේන මහතා සරත් වීරසේකර රණවිරුවාට පල නොකියා පලා බෙදුවේය.
දේශපාලන ප්‍රශ්නයක් උඩ ඇති වු විරසකයක් නිසා කිහිපවරක් ප්‍රසිද්ධ වේදිකාවලදී නම නොකියා සරත් වීරසේකරට පහරගැහුවේය. රට වෙනුවෙන් ජිනිවාහි දී ඔහු කරමින් සිටි උදාර සටන සිරිසේන මහතාගේ උග්‍ර විවේචනයට ලක් විය. මේ විරුවාට ලැබෙන්නට තිබු උසස්වීම් නම්බුනාම සියල්ලටම ජනාධිපතිවරයා වල කැපුවේය. මෙය රටේ ජනාධිපතිවරයා වශයෙන් ඔහු නොකළ යුතු දෙයක් විය.
නමුත් සරත් වීරසේකර රණවිරුවා රටේ ඉහළම පුරවැසියා තමන්ට කළ මදිකම ගැන තරහවුයේ නැත. පළිගන්නට තැත් කළේ ද නැත. දේශද්‍රෝහී යහපාලන රජය තමන්ට කළ කෙනෙහිලිකම් ගණන් නොගත් ඔහු වෙලදා සිවිල් වැසියකු මෙන් රට ජාතිය වෙනුවෙන් සටන් කළේය. වරක් ශ්‍රී ලංකා යුධ හමුදාව මානුෂික අපරාධ නොකළ බවට හඩ නගන්නට ජිනීවා ගිය සරත් වීරසේකර හා මහාචාර්ය චන්ද ජයසුමනට වතුර පොදක්වත් නොදෙන ලෙස මංගල ඇමතිවරයා අපේ තානාපති කාර්යාලයටත් ජිනීවා නුවර පංසල් තුනකටත් දැන්වුයේය.
ඒ සිය`ඵම විරෝධතා බාධා කඩා කප්පල්කාරී වැඩ මැද්දේ ජිනීවා නුවර එ. ජා. සංවිධානය ඉදිරියේ ලන්කාව වෙනුවෙන්වෙනුවෙන් සරත් වීරසේකර අභීතව කථා කළේය. ශ්‍රී ලංකාව මානුෂික අපරාධ කළ බව පිලිගනිමින් මංගල සමරවිර සමු`ඵවට ඉදිරිපත් කළ යෝජනාවට විරුද්ධව සිංහ නාද දුන්නේය. දෙමළ ඩයස්පෝරාව දුවන්න පහර ගැහුවේය. ජිනීවා සිට ආපසු යන අතර ලන්ඩන් වලදී මා හමුවූ සරත් වීරසේකර මිතුරා යහපාලන රජය දෙමළ ඩයස්පෝරාවට යටිං උදව් කිරිම ගැන කතා කලේ දැඩි කන කනස්සල්ලකිනිග මචං ජිනීවාවලදී අපිට GENEVA එකයි ඩයස්පෝරාවයි එක්ක හැප්පෙන එක සුලු දෙයක් නමුත් අපේ ම සින්හල ආණ්ඩුව අපිට එහෙදි කෙනෙහිලිකම් කරන එක තමයි දරාගන්න බැරි ” යි ඔහු මට කීවේ ඉතා වේදනාවකින්ය
සිංහල ජාතියේ හා අපේ හමුදාවේ කීර්තිය රැුක ගැනීම සඳහා ඔහු ”ගාමනී” චිත්‍රපටය නිපදවිය හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිර රචනය ඇතුඵ’ සම්මාන 17කින් පුද ලැබු මෙම චිත්‍රපටිය නිසා ශ්‍රී ලංකාවේ නම්බුව රැකුණු බව අමුතුවෙන් කිව යුතු නැත. රට වෙනුවෙන් සටන් කරන අතරේ මේ සාහිත්‍යකාමියා නුතන පරෙවි සන්දේශය” සාගරය හා ගැහැණිය” තොටගමුවේ රාහුල” නමින් පොත් තුනක් ද ලිවීමට සමත් විය.
2015 යහපාලන රජයේ පාර්ලිමේන්ත වු 19වැනි ව්‍යවස්ථා සංශෝධන පනතට ඡුන්දය විමසද්දී තමන්ගේ පක්ෂ නායකයාගේ අණ තුට්ටුවකට ගණන් නොගෙන හෘදය සාක්ෂියට අනුව යමින් 19යට විරුද්ධ ඡුන්දය දුන් එකම ජාති හිතෛෂි මන්ත්‍රීවරයා එතුමා විය. ඕනෑ නම් පක්ෂයෙන් විතරක් නෙවී පාර්ලිමේන්තුවෙනුත් මාව නෙරපන්න. රටට අහිතකර මේ පනතට පක්ෂවෙන්න මට බැරියයි” කියුවේ අන්කිසිවකු නොව එදා අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කළ මගේ පරණ පාසල් මිතුරා අද්මිරාල් සරත් වීරසේකරය.
එදා සරත්ට පරිභව කළ හිටපු ජනාධිපතිවරයාත් ආන්ඩු හා විපක්ෂ මන්ත්‍රීවරුනුත් දැන් මේ අභීත සිංහයාගේ මතය හරියයි කියති. ඔහුට ප්‍රශංසා කරති. පිටට තට්ටු කරති.
ඔබ මොන දේශපාලන මතිමතාන්තරයක් දැරුවද මොන ජාතියට ආගමට අයත් වුවද සරත් වීරසේකර රටට වැඩක් කළ හැකි උගත් ණැනවත් බුද්ධිමත් මිනිසකු බව අවිවාදයෙන් පිළි ගන්නවා ඇතග පසුගිය මහා මැතිවරණයේදී කොළඹ ජනතාව දිස්ත්‍රික්කයේ ඉහළම මනාප ඡන්ද සංඛ්‍යාව සමගින් එතුමා පාර්ලිමේන්තුවට යැව්වේ ඒ නිසායග ආනන්දයේදීත්, නාවික හමුදාවේදීත්, සිනමා ලොවේදීත්, පාර්ලිමේන්තුවේදීත්, පොත් ලිවීමේදීත් සරත් වීරසේකර හැම විටම තමන්ට පෙර රට ජාතිය ගැන සිතූ උතුම් පුද්ගලයකි. මා ඔහුට බෙහෙවින් ආදරය කරන්නේ එනිසාය.
රියර් අද්මිරාල් සරත් වීරසේකර අව්‍යාජ මිනිසෙකි, රට බේ රාගත් රණවිරුවෙකි. ඉහළ පෙළේ උගතෙකි. ඒ සැමටම වඩා සැබෑ දේශපේරමියකි. ඒ බව කාටත් වඩා හොඳින් දන්නා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පෙරේදා සරත් වීරසෙකර මන්ත්‍රි තුමා මහජන ආරක්ෂක කැබිනට් ඇමතිවරයා වශයෙන් පත්කළේයග සුබ ආරංචිය ඇසූ මොහොතේ ආනන්දයේ පරණ මිතුරකු වශයෙන් මට ඇති වූ සන්තෝෂය අප්‍රමාණය.
තරමක් ප්‍රමාද වී හෝ සුදුස්සාට සුදුසු තැන ලැබී ඇත. උපන් බිමට ණය නැති මේ සුන්දර මිනිසාට රට ජාතිය වෙනුවෙන් තව ත් විශාල මෙහෙවරක් කිරීමට දැන් අවස්ථාව උදාවී තිබේ. එම ඉදිරි ගමන සඳහා ලන්ඩන් නුවර සිටින දස දහස් ගනනක් ජාතිහිතෛෂි ලාංකියන් සමග එක්වෙමින් නව කැබිනට් ඇමතිතුමාට මා හද පත්ලෙන්ම සුභ පතන්නෙමි.
බි්රතාන්ය ඉංජිනේරු ගාල්ලේ දෙව්සිරි පීී. හේවාවිදාන ලංඩන් නුවර සිට ලියයි
December 8th, 2020 at 6:16 pm
රියර් අද්මිරාල් සරත් වීරසේකර ඇමතිවරයා වශයෙන් පත්කළේයග සුබ ආරංචිය ඇසූ මොහොතේ ආනන්දයේ පරණ [1948 to 1959] මිතුරකු වශයෙන් මට ඇති වූ සන්තෝෂය අප්‍රමාණය.
December 9th, 2020 at 9:09 am
I agree 100% with the author. I have been following Admiral Weerasekera.s activities for mother lanka. I am glad that he was given a position responsible for security of the country. I hope one of his eagerness to scrap 13th amendment will have a great success.