සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා උත්සව අත්තිකාරම් දීමනා ලබා නොදීම සම්බන්ධවයි.
Posted on December 16th, 2020
සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්තුමා
සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව,
සුවසිරිපාය,
අංක 385, පුජ්‍ය බද්දේගම විමලවංශ හිමි මාවත,
කොළඹ 10.
මහත්මයාණෙනි,
සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා උත්සව අත්තිකාරම් දීමනා ලබා නොදීම සම්බන්ධවයි.
සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් සදහා නත්තල් සහ අලූත් අවුරුදු උත්සව වෙනුවෙන් මෙතෙක් කල් ලබාදුන් උත්සව අත්තිකාරම් දීමනා ලබා නොදීමට පියවර ගෙන ඇති බවට අප සංගමය වෙත කරුණු අනාවරනය වේ.
විශේෂයෙන් මේ මොහොත වන විට රට පුරා වසංගතයක්ව පවතින #කොවිඩ් උවදුර හේතුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ සිය රාජකාරී ඉටු කරමින් සිටින අතරම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් විසින් මෙතෙක් අමතර රාජකාරී ඉටු කිරීම වෙනුවෙන් උපයාගනු ලැබු අමතර දීමනාද බොහොමයක් අඩු වී ඇත.
තවද මීට පෙර අවස්ථාවලදී උත්සව අත්තිකාරම් ලබාදීම අත්හිටවූ මොහොතේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ලබාදුන් ණය වාරික ගෙවීමේ සහනය සහ අනෙකුත් සහන ලබාදීම මේ මොහොතේ සිදු නොවන අතර උත්සව අත්තිකාරම් මුදල් ලබාදීම අත්හිටුවීමට ගත් තීරණය හේතුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය තව තවත් ආර්ථික අර්බුදයන්ට ලක්වන බව පෙන්වා දිය යුතුව ඇත.
එබැවින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සදහා උත්සව අත්තිකාරම් ලබාදීම කතර කිරිමට ගෙන ඇති තීරණය මේ මොහොතේ වහාම අත්හිටුවීමට කටයුතු කරන ලෙසත්, සියළුම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා උත්සව අත්තිකාරම් මුදල් ලබාදීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සලසා දෙන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටින අතර යම් හෙයකින් උත්සව අත්තිකාරම් මුදල් ලබා නොදීමට කටයුතු කරන්නේ නම් අකැමැත්තෙන් වූවද වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එලැඹීමට සිදුවන බව වැඩිදුරටත් දන්වා සිටිමු.
ස්තුතියි.
මෙයට,
මහින්ද ගුරුගේ
ප්‍රධාන ලේකම්,
සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය.
සම්බන්ධීකරණය – 071-8008399
Coordinating – +94 71-8008399
පිටපත් –
01. නියෝජ්‍ය අධ්යක්ෂ (මුදල්) – සෞඛ්‍ය අමාත්‍යංශය (අ.ක.ස)
02. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් /
අධ්යක්ෂ – ශ්‍රී ලංකා ජාතික රෝහල (දැ.ස)
03. සියළුම ජනමාධ්‍ය