මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි ඡන්ම දින පිංකමට අග්‍රාමාත්‍යතුමා එක්වෙයි
Posted on January 27th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

නාරාහේන්පිට අභයාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, අති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ ඡන්ම දිනයට සමඟාමීව පැවති දානමය පුණ්‍ය කර්මයට අද 2021.01.27 දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් විය.

අභයාරාමයට ගිය අග්‍රාමාත්‍යතුමා අති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ  78වැනි ඡන්ම දිනයට සුභාශිංසන එක් කරමින් උන්වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කළේය.

මෙහිදී අනුශාසනා කරමින් මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ මෙසේ පැවසූහ.

මහින්ද රාජපක්ෂ පස්වන විධායක ජනාධිපතිතුමා කළ සේවාව නිසා, විශේෂයෙන් රට නිදහස් කර දුන්නා, රට ගොඩගත්තා, ජන්දයට අවස්ථාවක් ලබා දුන්නා ආදී ඔබ කළ මහා පින්කම් නිසා ඔබතුමාට අපි ආදරෙයි. කවුරු මොනවා කීවත් ඔබතුමාගේ මැදිහත් වීම නොතිබුණානම් මේ තරම් කයිවාරු ගහන මිනිසුන්ට අද මේ රටේ ඉන්න පුළුවන් කමක් නැහැ. ඔබතුමා කළ සේවාව සමස්ත ලංකාව පමණක් නොව මුළු ලෝකයක් ඔබතුමන්ට ගරු කරනවා.

මගෙන් නිතරම අහනවා ඇයි ඔබ වහන්සේ ‍නිතරම මහින්ද රාජපක්ෂ මහතා ගෙන්වන්නේ කියලා. මම කීවා අපේ නායක හාමුදුරුවනේ වෙන කවුද ගෙන්වන්න ඉන්නේ කියලා. මේ තරම් මේ රටට ආදරේ කරන මේ රට ගොඩගත්ත මේ රට නිදහස් කරල දුන්න එකම නායකයා අපි හැමදාම අගය කරනවා. පසු ගිය දවස්වල අපි දන්නවා නේ මොනවද කළේ, මොනවද උනේ කියලා යැයි නාහිමියෝ පැවසූහ.

මෙම අවස්ථාව සඳහා මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ  නාහිමිපාණන්, නියංගොඩ අනු නාහිමිපාණන්, අස්ගිරි පාර්ශ්වයේ වෙඬරුවේ උපාලි නාහිමිපාණන්, අස්ගිරි මහා පරිවේනාධිපති නාරම්පනාවේ ආනන්ද නාහිමිපාණන්,  කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධුරන්ධර මහාචාර්ය කොටපිටිය රාහුල අනුනායක නාහිමියන්, රාමඤ්ඤ මහා  නිකායේ මහා නායක නාහිමිපාණන්, රාමඤ්ඤ මහා නිකායේ අනුනායක නාහිමිපාණන්, අමරපුර සද්ධර්ම මහා නිකායේ මහා නායක ධුරන්ධර අති ගෞරවනීය තිරිකුණාමලයේ අනන්ද මහානායක නාහිමියන්, මහරගම ධර්මායතනයේ අධිපති මහරගම ධර්මසිරි නාහිමිපාණන්  වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වැඩම කළ වඳාළහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress