ආසියාවේ නපුංෂකයා
Posted on February 25th, 2021
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි
අපේ මාතෘ භූමියට එරෙහිව නැවත වරක් මානව හිමිකම් කැඩීමේ යෝජනාවක් ඉදිරිපත්ව තිබේ. එය අප අපේක්ෂා කල සිදුවීමකි. මෙම යෝජනාව මුල්වරට ඉදිරිපත් කරනු ලැබුවේ ලෝකයේ බලවත්ම රාජ්‍ය ලෙස හදුන්වා ගන්නා ඇමරිකා එකසත් ජනපදයයි. ඇමරිකා එක්සත් ජනපදයම මෙම යෝජනාව ඉදිරිපත් කිරීම තුලින් පෙන්වන්නේ, අප රාජ්‍ය කොතරම් ප්‍රබල රාජ්‍යක් ලෙස ඇමරිකාවම සලකනවාද යන්නයි. මෙවර වෙනත් කබ්බෝ රාශියක් එම යෝජනාවම හොදට මැදලා යලි ඉදිරිපත් කර ඇත. මෙම සිදුවීම දෙස බලනවිට අපට පැහැදිලිවම දර්ශණය වන්නේ, කිසිවෙකුත් අපේක්ෂා නොකල මහා ජයග්‍රහණයක් ශ්‍රී ලං.කාව විසින් අත්පත් කරගෙන ඇති බවයි. අප රාජ්‍යය විසින් ලෝකයා ඉදිරියේ ලද මේ මහා ජයග්‍රහණය,, අප විසින් මනාව අවබෝධ කර ගෙන රැකගත යුතුය.
ත්‍රස්තවාදය යනු බටහිර විසින් නිශ්පාදය කර ලෝකය මත ආරෝපනය කර මනාව පවත්වා ගෙන ආ වෙළද භාණ්ඩයකි. මෙය විවිධ වෙළද නාමයන්ගෙන් ලොවපුරා ප්‍රචලිතව පවත්වා ගෙන යන අතර, අල්කයිඩා, දෙමළ කොටි සංවිධානය යන ආදී නම් වලින් ආසියාවේද, වෙනත් නාමයන්ගෙන් අප්‍රිකාවේද, තවත් නාමයන් රාශියකින් ලතින් ඇමරිකාවේද ව්‍යාප්තව පවතී. කුමන නාමයන් ගෙන් හැදින් වුවද මේ සියළුම ත්‍රස්තවාදී සංවිධාන වල නිශ්පාදකයා එකම එක ආයතනයකි.තවද ඉතා පැහැදිලිවම මෙම ත්‍රස්තවාදී සියළුම ව්‍යාපාරයන් පවත්වා ගෙන යන්නේ, ඒවාට මුදල් ආධාර සපයන්නේද නඩත්තු කරන්නේද, ඒවා ආරක්ෂා කරන්නේද මේ ස්විස්ටර්ලන්තය නම්වූ මහා රාජ්‍යයයි. එමනිසා මේ දිනවල ජිනීවා නුවර සිදුවෙන සිදුවීම සම්බන්ධව කථා කරන විට අපට ස්විස්ටරලන්තය සම්බන්ධව කථා කිරීමෙන් බැහැර වී කිසිම දෙයක් සම්බන්ධව අවබෝධයක් ලබා ගත නොහැක. ඒ නිසා අප ස්විස්ටර්ලන්තය නම්වූ ඒ ත්‍රස්තවාදීලන්තයේ සැබෑ තතු ස්වල්පයක් කථා කොට අපේ කථිකාවතට පිවිසෙමු.
අපේ කථාන්තරයේ ආරම්භය එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. මේ සංවිධානය ආරම්භ කරන ලද්දේ දෙවන ලෝක මහා යුද්ධයේ ප්‍රතිපලත් සමගය. මේ සංවිධානය පිහිටුවීමේදී ප්‍රකාශිත අරමුණ, ලෝකය පුරා සාමය පවත්වා ගෙන යාමයි. ලෝකය පුරා සාමය පවත්වා ගැනීමේ අරමුණින් පිහිටුවා ගත් මේ සංවිධානය ලෝකය ලෙස දුටුවේ කුමක්ද? මානවයින් ලෙස දුටුවේ කාවද? සාමය ලෙස දුටුවේ කවරක්ද? යන්න ඉතාම වැදගත්ය.
1936දී ජාතීන්ගේ මන්දිරය වශයෙන් නම් ලද මහා මන්දිරය, 1946දී ජිනිවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ මූලස්ථානය බවට පත්විය. අද වන විටත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් දෙවෙනි විශාල මූලස්ථාන ගොඩනැගිල්ල වන්නේ ජීනිවා නුවර පිහිටි මේ ගොඩනැගිල්ලයි. ඉතා වැදගත් කරුණු වන්නේ,
1. මෙම මූලස්ථාන ගොඩනැගිල්ල ජීනිවා නුවර ස්ථාපිත කලද, ස්විස්ටර්ලන්තය එවකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකුද නොවීමය.
2. සිය සාමාජිකයකු නොවන රටක මේසා විශාල මූලස්ථානයක් පිහිටවූයේ ඇයි?
3.එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉතා වැදගත් සංවිධානයක් ලෙස ස්විස්ටර්ලන්තය සැලකුවේ නම් මේ මූලස්ථාන එරටෙහි පිහිටුවා, අවුරුදු 46ක් පුරා මේ සංවිධානයටට නොබැදුනේ ඇයි?
4.අවසානයේදී වර්ෂ2002දී එක්සත් ජාතීන්ගේ සංවිධානයට බැදීමට තීරණය කලේ ඇයි?
මේ ප්‍රශ්න කන්දරාව ඇතුලේ විශාල කථාන්දරයක් ගලා යන අතර, මේ කථාන්දරයේ විවිධ අවස්ථාවන්වලදී, එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු ස්විස්ටර්ලන්තයේ පදයට නටන සංවිධානයක්ද යන කරුණද ඉස්මතුවේ. කුමන පදනමකින් වුවද එක්සත් ජාතීනගේ සංවිධානයේ උපතේ කලලය තුල ස්විස්ටර්ලන්තයේ ජාන ඇතිබව අපට කීමට සිදුව ඇත.
.මේ වනවිට ශ්‍රී ලංකාවට එරෙහි වූ මානව හිමිකම් කඩකිරීමේ චෝදනා පත්‍රය ඉදිරිපත් කර ඒ සම්බන්ධව සාකච්චා වෙමින් පවතී. මෙය එදා ඇමරිකාව ඉදිරිපත් කල යෝජනාවම ඉදිරියට ගෙන යාමකි. සැබෑ ලෙසම ඇමරිකාව අපේ සතුරාය. අපේ පමණක් නොවේ ඉන්දියාවේත් සතුරාය, පකිස්තානයේත් සතුරාය, ඉතාමත් කෙටියෙන් පවසතොත් මුළු ආසියාවේම සතුරා වන්නේ මේ ඇමරිකාව නම්වූ අධිරාජ්‍යවාදී මූලස්ථානයයි. එපමණක් නොවේ. අප්‍රිකාවට එරෙහිව කටයුතු කරන අතිභයානකම සතුරා වන්නේද,ඇමරිකා එක්සත් ජනපදයයි. ඇමරිකා එක්සත් ජනපදය අවට අසල්වාසි රජ්‍යෙ පද්ධතිය වන ලතින් ඇමෙරිකානු රාජ්‍යයන් පෙලෙහි අංක එකේ සතුරාද වන්නේය. ඇමරිකාව යුරෝපයේ හිත මිත්‍රයා පමණක් නොව ඤාතිවරයාද වන ඇමරිකාව ලෝකයේ සාමය අපේක්ෂා කරන එකම කලාපය වන්නේ උතුරු ඇමරිකා කලාපය හා යුරෝපා රජ්‍ය කලාපය තුල පමණි.
අපට එරෙහි චෝදනා පත්‍රය ඉදිරිපත් කිරීම ඇමරිකාවේ තනි අභිමතයට සිදුවූවක්ද නොවේ. එය එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය, ඇමෙරිකා එක්සත් ජනපදය යන ත්‍රිත්වය විසින් මනාව සකස් කර, පෙරමුණ ගෙන ඉදිරිපත් කරන ලද චෝදනා පත්‍රයකි. එසේ වූවද, මෙම චෝදනා පත්‍රයට හේතුව වන්නේ, ඇමරිකාවේ සැලසුමට අනුව ඉන්දියාව කැබලි කිරීමේ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ හමුදාව විසින් විනාශ කර දැමීමයි.
ඇයි ඇමරිකාවට ඉන්දියාව රාජ්‍යන් ගණනාවකට කැඩීමට අවශ්‍ය? ඊට හේතුව වන්නේ නොබැදි ජාතීන්ගේ සංවිධානය බිහි කිරීමට ඉන්දියාව විශාල කාර්යභාරයක් ඉටුකළ රටක් බැවිනි. නොබැදි ජාතීන්ගේ සංවිධානය බිහිකිරීමට දායක වූ සාම රටක්ම විනාශ කොට රටවල් ගණනාවක් නිර්මාණය කල බටහිර ජාතීන්ට එසේ කඩා විනාශ කල නොහැකි රාජ්‍ය වුයේ ඉන්දියාව පමණි. ඉන්දියාව බිදීමේ අරමුණින් නිර්මාණය කල කොටි සංවිධානය ශ්‍රී ලංකාව වැනි කුඩා රාජ්‍යක් විනාශ කර දැමීම මේ ලෝක බලවතුන් ඉවසා වදාරන්නේ කෙසේද? ඒ වෛරය පිරිමහ ගැනීමේ ක්‍රියාවලිය සිදුකරන්නේ මේ මානව හිමිකම් සුරැකීමේ සංවිධානය තුලිනි. මේ වරත් ඒ බටහිර සැලසුම් කල නාඩගමට මුහුණදීමට අපට සිදුව තිබේ.
මිට කලෙකට පෙර එනම් වර්ෂ 1960- 1961 වකවානුවේදී, එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගුහාවක් බව මනාව අවබෝධ කරගත් බුද්ධිමත් රජ්‍ය නායක පෙලක් ලොවට උරුම විය. මේ නායකයින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සෘජුවම ආසියාතිකයින් ඝාතනය කිරීම සදහා කොරියාවට හමුදාව යවා මිලියන ඝනනාවක් කොරියන් ජාතියකයින්ව ඝාතනය කල බව අවබෝධ කරගත්හ. එමෙන්ම නිදහස් කොන්ගෝවේ පලමු අග්‍රාමාත්‍යවරයාව එක්සත් ජාතීන්ගේ හමුදා මැදිහත්ව ඝාතනය කල බව වටහා ගත්හ. එක්සත් ජාතීන්ගේ සංවිධානය නිහඩව බලා සිටියදී, ඒ වන විට වියට්නාමය, ලාවොසය, කාම්බෝජයේ සිවිල් ජනතාව ඇමෙරිනානු ඝාතන යාන්ත්‍රණය දෛනික සිය දහස් ගනනින් මරා දමන බවද මනාව දුටුවහ. සැබෑ සතුරාගෙන් බේරීම යනු එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් බේරීම බව මේ නායකත්වය වටහා ගත්හ. තවද ඒ සදහා නව ජාත්‍යන්තර සංවිධානයක අවශ්‍යතාවය හදුනා ගත්හ. එම රාජ්‍ය නායකයින් බිහිකල රාජ්‍යයන් නම්, ඉන්දියාව, යුගෝස්ලෝවියාව, ඊජිප්තුව,ඝානාව, හා ඉන්දුනීසියාව නම්වූ රාජ්‍යයන්ය. මේ ගෞරවණීය අභීත නායකයින් වූවේ, එවකට ඉන්දීය අග්‍රාමාත්‍ය ජවහර්ලාල් නේරු, යුගෝස්ලාවියානු ජනාධිපති ජොසිප් බ්‍රෝෂ් ටිටෝ, ඊජිප්තු ජනාධිපති ගමෙල් අබ්දෙල් නසෙර්, ඉන්දුනීසියානු ජනාධිපති සුකර්නෝ හා ඝානා ජනාධිපති ක්වාමේ කෲමා යන මහත්වරුන් පෙලයි.
ඔවුන් ගොඩනැංවූ මහා සංවිධානය, නොබැදි ජාතීන්ගේ සංවිධානය නම් විය. මෙය මහා බලවත් මෙන්ම ප්‍රතාපවත් සංවිධානයක් බවට ක්‍රම ක්‍රමයෙන් පත්වෙනමින් පැවතිණි..ඉතා කෙටි කාලයක් තුලදී නොබැදි ජාතික නායකත්වයේ බලය ඉස්මතුව නොබැදි ජාතීන්ගේ සංවිධානයද මෙලොව ප්‍රබල සංවිධානයක ස්වරූපය උසුලන්නට විය. තම ප්‍රථම රැස්වීම යුගෝලාවියාවේ බෙල්ග්‍රෙඩ් නුවර පැවත්වූයේ එහි ආරම්භයේ ප්‍රබලත්වය ලොවට හඩගා කියමිණී.
සැබෑ ලෙසම මේ සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධානයට ප්‍රබල තර්ජනයක් බවට පත්වෙමින් තිබිණ. ඒ අතර මෙම නොබැදි ජාතීන්ගේ සංවිධානයේ නායකයකුව සිටි ඉන්දුනීසියානු ජනාධිපතිතුමාට චීනයේ සහභාගිත්වයෙන් නව ජාත්‍යන්තර සංවිධානයක් ගොඩනැංවීමේ අවශ්‍යතාවයක්ද තිබිණ. ඒ චීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිමි අසුන ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ප්‍රජාව විසින් සිය නිශේධ බලය පාවිච්චි කරමින් අහිමිකර තිබීමයි. මේ සියළු තත්වයන් යටතේදීම, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ගෙවැදීමට රජ්‍යයන් පොරකන වකවානුවකදී, එම ඉල්ලුමට විශාල පහරක් එල්ල කරමින් ඉන්දුනීසියාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙන් ඉල්ලා අස්විය.
මෙම ක්‍රියාවලයත් සමගම නොබැදි ජාතීන්ගේ සංවිධානයට එරෙහිව මහා විනාශකාරී ක්‍රියාවලියක් ආරම්භ කරන ලදී. ඒ අනුව යුගෝස්ලාවියාව කැබලිකරණය කිරීමත් ඉන්දියාව කුඩා රාජ්‍යයන් ගනනාවකට බෙදීම ඇතුලුව, සියළුම නොබැදි ජාතීන්ගේ සංවිධානය තුල සිටින ප්‍රබල රාජයයන් විනාශ කිරීමේ සැලැස්ම ආරම්භ කරන ලදී. පලමුව, එය ඉන්දුනීසියාවෙන්ම ඇරඹීණ. මේ වනවිට මේ කාර්යය ආරම්භ කර වසර පනහක් ගතවී හමාරය. මෙම වසර 50 තුලදී ඉතාමත් පහත් ආකාරයට විනාශ කරනු ලැබූ රාජ්‍ය වූයේ යුගෝස්ලාවියාවයි. නමුත් ඉන්දියාව කඩා බිද දැමීමේ කාර්යය සාර්ථකව ඉටුකර ගැනීමට මෙම ජාත්‍යන්තර සංවිධාන ජාලයට නොහැකිවිය. අද වන විට ඔවුනගේ එදා සැලසුමට අනුව ඉතිරිව ඇත්තේ ඉන්දියාව කැබලි ගනනාවකට කඩා වෙන් කිරීමේ කර්තව්‍යය පමණකි.
ඉන්දියාව කැබලි කරණය කිරීමේ එක් අවියක් වූයේ කොටි සංවිධානය වූ අතර, ඒ හරහා ශ්‍රී ලංකාව කැබලි තුනකට කැඩීම අරමුණ විය. ශ්‍රී ලාංකීය ජාතිය විවිධ බාධක මධ්‍යයේ සටන් කලේ අපේ රටේ බෙදුම් වාදයට එරෙහිව වුවද, ඒ සටන තුල අපි නොදැනුවතවම ඉන්දීය දේශය බෙදුම්වාදයෙන් රැක ගැනීමේ අරගලයද අන්තර්ගතව පැවතිණ. ඉන්දියාව කල යුතු මහා යුදමය කාර්යයක් අප විසින් ඉටුකරම්න් සිටින විට අපට එරෙහිව ඉන්දියාව මෙහෙය වීමට බටහිර සතුරාට අවස්ථා කීපයකදීම හැකියාව ලැබිණ. මේ කරුණ වඩාත් විග්‍රහාත්මකව බලන විට ඉන්දියාව විසින් ඉන්දියාව කඩා බිද දැමීමේ ව්‍යාපාරය වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටු කර ඇත. වදමාරච්චි සටනේදී ඉන්දියාව ඉදිරිපත්ව බේරාගත් ප්‍රභාකරන් ලවාම ඉන්දියාවේ පතාක යෝධයක් ලෙස සිටි රජිව් ගාන්ධිව විනාශ කිරීම තුලින් ඉන්දියාව රාජ්‍යයක් වශයෙන්ද දුබල කිරීමේ ව්‍යාපාරය අසාර්ථක වුවද, ඉන්දියාව මේ වනවිටත් ඉන්දියාව කැබලිකරණය කිරීමේ බටහිර ව්‍යාපාරයට සෘජුවම දායකත්වය සපයයි. බටහිර බලවේගයන් මුළු කලාපයම තමන්ට ඕනෑ ආකාරයට පාලනය කර ගැනීමට වෙර දැරුවේ කොටි සංවිධානය පෙරට දමාය.
මේ වනවිට කොටි සංවිධානය මෙරට ජනාධිපති ධූරයට පත් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් රජය විසින් මේ මාතෘ භූමියෙන් උදුරා දමා ඇත. වසර තිහක කාලයක් පුරා මුළු බටහිරම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇතුළුව සකස් කල කොටි නාටකය නිමා කිරීම හරහා බටහිර බලවේගයන් මෙහෙය වන හාම්පුතුන්ට ඩොලර් බිලියන ගනනක් අහිමි වී ඇත. මේ හාම් පුතුන් ඉදිරියේදී මේ හාම් පුතුන් ගේ යටහත් පහත් සේවකයින් වන බන් කී මුන්ලා, එරික් සෝල්හයිම්ලා, රොබෙටෝ බ්ලේක්ලාට උරුමව ඇත්තේ ප්‍රබලව ගලා එන කුණු හරුප වර්ෂාවකට මුහුණ දීමටය. මේ කුණු හරුප වර්ෂාවෙන් බේරීම සදහා ඔවුන් දියත් කල අළුත්ම අවිය වූයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය හමුවේ අපට එරෙහිව මානව හිමකම් කඩකිරීම සම්බන්ධව යෝජනාවක් ගෙන ඒමයි.
මේ අවස්ථාවේදී මේ මානව හිමිකම් යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටකට එරෙහිව, සාමාජිකයකු නොවන ත්‍රස්තවාදී සංවිධානයක් වෙනුවෙනි. විශේෂිතය වන්නේ, ඇමරිකාව මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ තම රටේ තහනම් කර ඇති සංවිධානයක් වෙනුවෙන් වීමයි. ඇමරිකාවේත් තහනම් කර ඇති, යුරෝපයේත් තහනම් කර ඇති, ඉන්දියාවේත් තහනම් කර ඇති, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නාමිකව සාමාජිකයකුද නොවන ත්‍රස්තවාදී සංවිධානයක් වෙනුවෙන් සාමාජික රටකට එරෙහිව යොජනාවක් සම්මත කරගන්නා විට, මේ සංවිධානයේ සාමාජිකයාට උරුම තත්වය කුමක්ද යන පැනය ඉදිරියට පනී. සාමාජිකයාටත් වඩා ප්‍රබල උරුමයක් ත්‍රස්තවාදී සංවිධානයකට මේ සංවිධානය තුල උරුම වීමට නම් මේ ත්‍රස්තවාදී සංවිධානය නිශ්පාදනය කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්ම විය යුතුය, සත්‍යයද එයයි,
අපේ කථාන්තරයේ ප්‍රධානියා ඉන්දියාවයි. ඉන්දියාව යනු අවුරුදු දශ දහස් ගනනක් පුරා ඈත ඉතිහාසයක උරුමකම් කියන ශිෂ්ඨාචාරයේ අගතැන්පත් රාජ්‍යයකි. ඉන්දියාව ලෝකයට ශිල්ප සාස්ත්‍රය බෙදන්නෙක් මිස අනිකුත් ලෝක ප්‍රජාවගෙන් ශිල්පය ලබන්නෙක් නොවීය. ඉන්දියාව යනු ලෝකය පුරාම සාමය ප්‍රචලිත කරන රාජ්‍යයක් මිස ත්‍රස්තවාදය ප්‍රචලිත කරන මධ්‍යස්ථානයක්ද නොවීය. තම නිදහස් සටනේදී පවා අප තවමත් අනුමත නොකරන ආකාරයේ අවිහිංසාවාදී නිදහස් සටන් ව්‍යාපාරයක්ද ලොවට හදුන්වා දුන් මහා රාජ්‍යයකි. මෙවන් වූ පරිපූර්ණත්වයෙකින් අනූන වූ ඉන්දීය දේශය නොබැදි ජාතීන්ගේ සංවිධානයේ, ආරම්බක යෝධයන්ගෙන් ඉතිරිව සිටි එකම පතාක යෝධයායි. සාක් කලාපීයය රාජ්‍ය පදධතියේ සිටින පතාකම යෝධයාද වූයේ ඉන්දියාවයි. ඉන්දීයාව මැදිකරගත් සාක් කලාපීය රාජ්‍යයන්ට ඉන්දීය සුව සෙවනක අවශ්‍යතාවය හා මනා ආරක්ෂාවක් අපද අපේක්ෂා කලෙමු. මේ සියළු කථාන්තරයන්ගෙන් අප පවසන්නේ ඉන්දියාව මත ඇති වගකීම් සමුදාය සම්බන්ධවයි.
අප රාජ්‍යයට අහසින් විත් බෝම්බ හෙලූ එකම රාජ්‍ය ජපානය විය. නමුත් අප ජපානය මතට පරමානු හෙලන විට ඊට එරෙහිව ප්‍රබලව නැගී සිටිය ජාතියක් වෙමු. ලෝකයේ විශාලම ජන ගහණයක් සිටින ආසියාවට කුමණ රාජ්‍යයක් කුමන ආකාරයේ තර්ජනය කලද අප එය අනුමත නොකල ජාතියක් වෙමු. ඉන්දියාව හා චීනය මහා යුධ ගැටුමක යෙදෙන විට මේ ගැටෙන්නේ ලෝකයේම විශාල ජනගහණයන් සිටින රාජ්‍ය දෙකයි. මෙයින් විනාශවන්නේ ආසියාවයි මෙය වහාම නතර කල යුතුයි යන මතය අප දැරුවෙමු. අප ඉදිරියට පැන්නේ ලෝක සාම භූමිකාව රගන එක්සත් ජාතීන්ගේ සංවිධානය ගින්නට පිදුරු දමමින් බලා සිටින අවස්ථා වකදීය. අප ඒ යුද්ධය නවතාලීමට මහා දායකත්වයක් දුන්නෙමු. ඒ අප රටේ කාන්තා රාජ්‍ය නායකත්වයක් තිබියදී. සැබෑ මිත්‍රත්වය ඇත්තේ එතනයි. ඉන්දියාව හෝ චීනය ගරා වටුනොත් අපට උරුම වන්නේත් ගරාවැටුන ආසියාවක් බැවින් අප හැම විටම ආසියාතිකයින් වශයෙන්ම කටයුතු කලෙමු. එපමනක්ද නොවේ අප රුසියාව පරමානු බෝම්බය නිපදවනවිට සතුටු වූවෙමු. චීනය පරමාණු බෝම්බය නිපදවනවිටද ඒ සතුටම ලද්දෙමු ඉන්දියාව හා පකිස්තානය පරමාණූ බෝම්බය නිපවන විටද සතුටු වූවෙමු. උතුරු කොරියාව එම පරමාණුවම නිපදවන විට වඩාත් සතුටු වන්නෝද වෙමු. ඒ මේ බෝම්බ වලින් ආරක්ෂා කරන්නේ ආසියාව බව යන විශ්වාසයෙනි. ඒ ශ්‍රී ලාංකිකයින්ගේ ස්වරෑපයයි.
ඉන්දියාව කාලාන්තරයක් මුළුල්ලේ කොටි සංවිධානය පෝෂණය කලේය.තමන් මේ පෝෂණය කරන්නේ තමන්ව විනාශ කිරීම අරබයා ගොඩනංවන ලද සංවිධානයක් බව ඉන්දියාව නොදැන සිටියාද? එසේ නැත්නම් ලංකාවේ හිටපු රාජ්‍ය නායක නායිකාවන් මෙන්ම සැබෑ තත්වය දැන දැනම මුදල් උදෙසා කොටි සංවිධානය පෝෂණය කලාද? මෙය ඉන්දීය ජනතාව ඉදිරියේ ඇති ප්‍රබල ප්‍රශ්නයකි. තමන් පෝෂණය කර යුධ පුහුණුව ලබාදුන් කොටි සංවිධානය ඉන්දීය අගමැති රජිව් ගාන්ධ මහතාව මරා දැමුවේ ඇයි? මේ පැනයට පිලිතුරු කුමක්දැයි ඉන්දියාව දන්නේම නැද්ද? සැබෑ ලෙසම දනී. රජිව් ගාන්ධි මහතාව මරා දැමීම, ඒ බෝම්බ බඩ බැදගෙන පැමිණි කාන්තාව මත පමණක් ලඝු කොට ආ ඒ එක්කම එයාත් ඉවරයි කියා ප්‍රශ්නය නිමාකල නොහැක. තවද එටට අනුබල දුන් අනිකුත් පුද්ගලයින්ට ලොකු දඩුවමක් දී ආ අපි සාධාරණය ඉටුකලායයි සිතන්නට ඉන්දීය ජන මනස සකස් කරනවා නම් එයත් විශාල වරදකි. ඒ සමගම එම සංවිධානය ඉන්දියාව තුල තහනම් කර, සතුටුවෙන මනසක් ගොඩනංවනවා නම් එයත් වරදකි. ඉහත දක්වන ලද කිසිම පිලිතුරක් රජිව් ගාන්ධි මහතාගේ මරණයට සාධාරණයක් ඉටුකලේ නැත. රජිව් ගාන්ධි මහතාගේ මරණයට සැබෑ සාධාරණය ඉටුකලේ ශ්‍රී ලංකා රජය කොටි සංවිධානය සතු බලතල බිදලා, රජිව් ගාන්ධ මහතාව ඝාතනය කිරීමට අණ දුන් ප්‍රභාකරන්ව ඝාතනය කිරීම හරහාය. එයට තවත් සාධාරණයක් එකතු කිරීමට නම් රජිව් ගාන්ධ මහතාව ඝාතනය කිරීමට ප්‍රභාකරන්ට කොන්ත්‍රාත්තුව දුන් පුද්ගලයින්ව, රාජ්‍යයන්ව හා සංවිධානයන්ව විනාශ කිරීම ඉන්දියාව විසින් කල යුතු වුවද,ඉන්දියාව විසින් සිදු කරන ලද්දේ මේ කොන්ත්‍රාත්තුව දුන් පුද්ගලයින්ථ, රාජ්‍යයන් හා සංවිධාන සමග එකතුව, ප්‍රභාකරන්ව විනාශ කල ශ්‍රී ලංකාවට එරෙහිව නැගී සිටිමයි. වරද කොතනද ඇත්තේ? වරද ඇති තැන අපි මනාව දනිමු. නමුත් එය ප්‍රකාශ කිරීම අපට අයත් කාර්යයක් නොවේ. කොටි සංවිධානය පොඩිපට්ටම් කිරීම හා ප්‍රභාකරන් ඝාතනය කිරීම, මානව හිමිකම් කඩ කිරීමක් නම්, ඉන්දියාව එම සංවිධානය තහනම් කිරීමද, මානව හිමි කම් බිද දැමීමක් බව ඉන්දියාව පිලිගත යුතුය. තහනම් සංවිධානයක් වෙනුවෙන් කථා කිරීමත් තහනම් ක්‍රියාවකි. ඉන්දියානු රාජය නායකත්වය මේ කාර්යයන් දෙකම කර ඇත. කොටි සංවිධානය ඉන්දියාව විසින් තහනම් කලේ ඇයි. රජිව් ගාන්ධි මහතාව බල්ලෙක් සේ මහ මග මරා දැමු බැවිණී. තම රාජ්‍ය නායකයාව ඝාතනය කල ඝාතකයාලේ හා ඝාතකයාගේ සංවිධානයේ මානව හිමිකම් සම්බන්ධව කථා කල ඉතිහාසයේ එකම රාජ්‍යය ඉන්දියාව පමණක්ම වි හැකිය. රජිව් ගාන්ධි මහතා එදා බටහිර අධිරාජ්‍යවාදීන් සමග අත්වැල් බැදගෙන ප්‍රභාකරන්ගේ ජීවිතය බේරා ගැනීම සදහා මේ භූමියට පැමිණී වේලේ රයිෆල් මිටි පහරකින් පහරදී පලවා හැරිය ජාතියක්ම, ඒ මහතාව මරාදැමූ ඝෘතකයාව නැවත සොයා මරා දැමීම ඉන්දියාව අගේ කල යුතුව ඇත. සිය ස්වාමි පුරුෂයාගේ සැබෑ ඝාතකයාව විනාශ කිරීම සම්බන්ධ සතුටු වන බිරියක මිස, ඒ ඝාතකයාගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින කාන්තාවක් ඉන්දියාවට අවශ්‍ය නොවේ, අවශ්‍ය වන්නේ බටහිරටය නැත් නම් ඉතාලියටය.
ප්‍රභාකරන් නම් වූ ඝාතකයා මරා දැමූවේ ඉන්දියාවේ අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි මහතා පමණක් නම් නොවේ. එදා රජිව් ගාන්ධි මහතා ප්‍රභාකරන්ව ගලවා ගැනීම සදහා මෙරට ආක්‍රමණය කිරීම සදහා යෙදවූ ඉන්දීය සොල්දාදුවන්ගේ 2000 කට ආසන්න පිරිසකගේ මරණයන්ට වරද කරුවන්නේද කොටි නායකයා යයි හදුන්වන ප්‍රභාකරන් බවද ඉන්දියාව අමතක නොකල යුතුව තිබිණ.
පසුගිය වර මෙන් නොව මේ ලබා ඇත්තේද ඉන්දියාවට ඉතා වැදගත් යුගයකි..ඉන්දියාව ඒ ගාම්භීර ගොඩනැගිල්ලට ඇතුළු වන විට ඉන්දීය නියෝජිතයාට ඇති වගකීම සම්භාරය වන්නේ,
1. තමන් මේ ගොඩනැගිල්ලට ඇතුළු වන්නේ නොබැදි ජාතීන්ගේ සංවිධානයේ, ආරම්භක පතාක යෝධයන් ගෙන් ඉතිරිව සිටින පතාකම යෝධයා වශයෙන් ඇති වගකීම් සමුදායත් සමගය.
2.තමන් මේ ස්ථානයේ වැජබෙන්නේ, සාක් සංවිධානයේ සිටින පතාකම යෝධයා වශයෙණී.
3. ආසියානු මහද්වීපයේ සිටින බලවත්ම රාජ්‍යයක් වශයෙනි.
ශ්‍රී ලංකාවට එරෙහිව, ඉන්දියාව පසුගිය වතාවලදී මෙන්ම මෙවරද ක්‍රියාකරන බව අපේ විශ්වාසයයි.නිවටයින් රාජ්‍ය නායකත්වය දරන සාම රටක්ම නපුංසක රංගනයන්හි යෙදෙන ආකාරය අප දැක ඇත. මෙවරත් ඉන්දියාව මානව හිමිකම් කවුන්සලයේදී ආසියාවේ නපුන්සකයා ලෙස කටයුතු කරනු ඇත. එය අප ලබන ගෞරවයක් මිස පරාජයක් නොවේ.
February 26th, 2021 at 7:00 am
Yes the Countries in the south China, India Pakistan,Thailad , Burma, Sri Lanka should get together. Australia, New Zealand will always go with the white west. We always have our political problems but we should bury them for the common good of forming a united front against USA and West which use the UN and the UNHuman Rights Council as a political weapon.
India wants to be a part of the West for prestige reasons I suppose.
India is the blacksheep in the South. India creates problems with China, Pakistan, and Sri Lanka as well.
Sri Lanka is not bound to implement 13A as it was only a condition of the Peace agreament that Sri Lanka had to fulfill if India fulfils its condition of getting the LTTE to surrender weapons to end terrorism. India failed to do it and therefore that agreement between India and Sri Lanka does not exist . It had been rescinded since India failed to keep their part of the agreement. Now India has no right at all to keep asking us to implement 13A.
The Government should remove 13A from the Constitution and introduce another system of provincial administration. This only the Present government of the President Gotabaya Rajapaksha can do. We cannot expect this from UNP or Samagi J Balavegaya or JVP.
Leave a Reply