අග්‍රාමාත්‍යතුමාගේ අතින් මොණරාගල DAG ඇපරල් විවෘත වෙයි
Posted on March 6th, 2021
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය
මොණරාගල DAG ඇඟලුම් කර්මාන්ත ශාලාව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද 2021.03.06 දින පෙරවරුවේ විවෘත විය.
ඩී.ඒ.ජී ඇඟලුම් පෞද්ගලික සමාගම (DAG Apparel (Pvt) LTD) රුපියල් මිලියන 500ක මුදලක් ආයෝජනය කරමින් මෙම නව ඇඟලුම් කර්මාන්ත ශාලාව ස්ථාපිත කර තිබේ.
එමගින් නිර්මාණය වී ඇති සෘජු රැකියා අවස්ථා ගණන 600කි. තවත් 3000ක පිරිසකට වක්‍ර ප්‍රතිලාභ හිමි වනු ඇත.
නව ඇඟලුම් කර්මාන්ත ශාලාව ඔස්සේ නිමි ඇඳුම් අපනයනයෙන් වසරකට රුපියල් බිලියන 3.5ක ආදායමක් ලබා ගැනීම අපේක්ෂිතය.
පීත්ත පටිය කපමින් නව ඇඟලුම් කර්මාන්ත ශාලාව විවෘත කළ අග්‍රාමාත්‍යතුමා, එහි නිෂ්පාදන කටයුතු සිදුවන ආකාරය නිරීක්ෂණය කළේය.
ඩී.ඒ.ජී ඇඟලුම් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ගාමිණී කීර්තිරත්න, අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන්වන දිනුක ශ්‍රීමාල්, නිපුණ ගිත්මල්, ශානිකා කාරියවසම්, සුනෙත් ගයාෂාන් මහත්වරු අග්‍රාමාත්‍යතුමා සමඟ නව ඇඟලුම් කම්හලේ නිරීක්ෂණ චාරිකාවට එක්වූහ.