2018 වර්ෂයෙන් පසු ඉංග‍්‍රීසි භාෂාව පිළිබද උපාධිධාරීන් ශ‍්‍රී ලංකා ගුරු සේවයට බදවා නොගැනීම සම්බන්ධව.
Posted on March 14th, 2021
ලංකා ගුරුසේවා සංගමය.
ලේකම්,
අධ්‍යාපන අමාත්‍යාංශය,
ඉසුරුපාය,
බත්තරමුල්ල.
ලේකම්තුමනි,
2018 වර්ෂයෙන් පසු ඉංග‍්‍රීසි භාෂාව පිළිබද උපාධිධාරීන් ශ‍්‍රී ලංකා ගුරු සේවයට
බ
දවා නොගැනීම සම්බන්ධව.
දිවයින පුරා ඉංග‍්‍රීසි විෂය ගුරු පුරප්පාඩු රැුසක් තිබියදී 2018,2019 හා 2020 වර්ෂවල දී ඉංග‍්‍රීසි සදහා උපාධිය හා භාෂාව දෙවන භාෂාවක් ලෙස ඉගැන්වීම් පිළිබ
ද උපාධියක් ලබා ඇති උපාධිධාරීන් මෙතෙක් ගුරු සේවයට බ`දවා ගැනීමට කටයුතු නොකර තිබීම සම්බන්ධව ලංකා ගුරු සේවා සංගමය ඔබගේ අවධානය යොමු කරමු.
02ග මෙම උපාධිධාරීන් ගුරු වෘත්තීයට පිවිසීම අරමුණු කර ගනිමින් අදාළ විශ්ව විද්‍යාල තුළ උපාධි පාඨමාලාව හදාරනු ලැබු අතර ඔවුන් කඩිනමින් පාසල් පද්ධතියට එක් කර ගැනීමට කටයුතු කළ යුතුව ඇත. නමුත් අධ්‍යාපන අමාත්‍යංශය 2021 මාර්තු 07 වැනි දින ගැසට් පත‍්‍රයක් මගින් ශ‍්‍රී ලංකා ගුරු සේවයට දෑ අවුරුදු ඩිප්ලෝමාධාරීන් පමණක් බදවා ගැනීමට අයදුම්පත් කැ
දවා තිබුණ ද 2018 න් පසු වසර 03 ක් තිස්සේ මෙම උපාධිධාරීන් ගුරු සේවයට බදවා ගැනීමට කටයුතු නොකිරීම ඔවුන්ට මෙන්ම ඉංග‍්‍රීසි ගුරු පුරප්පාඩු වලින් පීඩා වි
දින සිසු දරුවන්ට සිදු කරනු ලැබු බලවත් අසාධාරණයකි.
03ග එමෙන්ම මෙරට පාසල් අධ්‍යාපනය තුළ ඉංග‍්‍රීසි භාෂාව ඉගැන්වීම හා භාෂාව පිළිබද සිසුන් පොදුවේ ල
ගා වන නිපුණතා මට්ටම් පිළිබදව ප‍්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මකවත් පවතින ගැට
ඵ ගණනාවකි. එවැනි වටපිටාවක මෙම උපාධිධාරීන්ගේ සේවා අවශ්‍යතාව දැඩිව දැනෙන මොහොතක ඔවුන් බ`දවා ගැනීමට කටයුතු නොකිරීම තවදුරටත් කණගාටුවට කරුණකි.
පාසල් මට්ටමින් පවතින ඉංග‍්‍රීසි ගුරු හිගය කඩිනමින් සොයා බලා මෙම උපාධිධාරීන් ශ‍්‍රී ලංකා ගුරු සේවයට බ
දවා ගැනීම සදහා කටයුතු කරන ලෙසත් ඒ ස
දහා උක්ත ගැසට් නිවේදනය සංශෝධනය කිරීමට හෝ නව ගැසට් නිවේදනයක් කඩිනමින් නිකුත් කිරීමට කටයුතු කරන ලෙසත් මේ පිළිබදව සාකච්ඡුා කිරීම ස
දහා කඩිනම් අවස්ථාවක් ලබා දෙන ලෙසත් ලංකා ගුරු සේවා සංගමය ඉතා ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමු.
මෙයට,
විධායක සභාව වෙනුවෙන්,
මහින්ද ජයසිංහ,
ප‍්‍රධාන ලේකම්,
ලංකා ගුරුසේවා සංගමය.
සම්බන්ධීකරණය – 0718297022/077768503
පිටපත් – 01.අතිරේක ලේකම් (ආයතන* – අධ්‍යාපන අමාත්‍යංශය