දුමින්ද දිසානායක නැකතට හිසතෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කරයි
Posted on April 17th, 2021
තිසර සමල් – අනුරාධපුර
සිංහල හින්දු අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ උතුරු මැද පළාත් රාජ්‍ය මහෝත්සවය උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, රාජ්‍යය අමාත්‍ය දුමින්ද දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (17) අනුරාධපුර ආයුර්වේද රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.

පූර්ව භාග 7.16 ට දකුණු දිශාව බලා හිසට නුග පත්ද, පයට කරඳ පත්ද තබා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නුග මිශ්‍ර නානුද, තෙල්ද ගා ස්නානය කිරීම මැනවි යනු ජ්‍යොතිෂ නියමයන්ට අනුව මෙම චාරිත්‍රය ඉටු කරනු ලැබීය.
උතුරු මැද පළාත් ආයුරුවේද කොමසාරිස් වෛද්‍ය සුපිපි සංඝමිත්තා මිය,
උතුරු මැද පළාත් සෞඛ්‍ය
දේශීය වෛද්‍ය, සමාජ සුභ සාධණ පරිවාස සහ ළමා රක්ෂණ සේවා අමාත්‍යංශ ලේකම්
නයනා සනායක මත්මිය, පළාත් ආයුරුවේද රෝහල්
අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රියානි මල්කාන්ති මහත්මිය ඇතුළු ආයුරුවේද වෛද්‍යවරුන් මෙම
උත්සවය සංවිධානය කර තිබිණි.