අලුත් අවුරුද්දේ අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල කටයුතු ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
Posted on April 19th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල කාර්යාල කටයුතු ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී ආරම්භ විය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී සිය කාර්යය මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු සියලුම සාමාජිකයන්ට අලුත් අවුරුදු සුභාශිංසන එක් කළේය.

කාර්යය මණ්ඩල සමාජිකයන් ද අලුත් අවුරුද්දේ වැඩ ආරම්භ කිරීමට පෙර අග්‍රාමාත්‍යතුමාගේ ආශිර්වාදය ලබා ගැනීම විශේෂත්වයකි.

ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහත්වරු ඇතුළු අතිරේක ලේකම්වරුන්,ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන්  ඇතුළු අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩලයේ සමාජිකයෝ සහ අග්‍රාමාත්‍යතුමාට අයත් අමාත්‍යාංශවල පෞද්ගලික කාර්යය මණ්ඩලයන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress