ජාත්‍යන්තර හෙද දින පණිවුඩය
Posted on May 11th, 2021
මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජනරජයේ, අග්‍රාමාත්‍ය
හෙද සේවයේ නිර්මාතෘවරිය ෆ්ලොරන්ස් නයිටිංගේල් මැතිනියගේ ජන්ම දිනයට සමඟාමීව සෑම වර්ෂයකම මැයි 12වැනිදා සමරනු ලබන ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන් සුභාශිංසන පළ කරනුයේ ඉමහත් සතුටිනි.
ලොව විශාලතම සෞඛ්‍ය බලකාය ලෙස හෙද හෙදියන් මෙම දුෂ්කරම කාල වකවානුවේ ලොව පුරා ජනතාව වෙනුවෙන් ඉටුකර කාර්යය භාරය සුවිශේෂීත්වයෙන් සිහිපත් කළ යුතුය.
අනාගත සෞඛ්‍ය සේවා දැක්ම වෙනුවෙන් හෙදියන් ලෙස හඬ නගමු” යන්න මෙවර ජාත්‍යන්තර හෙද දින තේමාවයි. ඒ වෙනුවෙන් කැපවන ශ්‍රී ලාංකේය හෙද හෙදියන්ට ශක්තියක් වීමට රජයක් ලෙස අප සැම විටම සූදානම් බව ඔබට සිහිපත් කරමි.
හෙද සේවයේ ඇති වටිනාකම තේරුම්ගනිමින් වසර තුනක හෙද ඩිප්ලෝමාව වසර හතරක උපාධියක් දක්වා උසස් කිරීමට තීරණය කළ රජය, හෙද හෙදියන් ජාත්‍යන්තර පුහුණු ක්‍රමවේදවලට අනුගත කරමින් ඉංග්‍රීසි භාෂා දැනුම වර්ධනය කිරීම ඔස්සේ විදෙස් රැකියා අවස්ථා සඳහා සූදානම් කිරීමට ද පියවර ගනිමින් සිටියි.
කොවිඩ් වසංගතයෙන් අප මාතෘභූමිය වෙලා ගත් මොහොතේ පටන් දිවා රෑ නොබලා කැපවන තිස් හය දහසකට අධික හෙද නිලධාරීන්, හෙද සොයුර සොයුරියන්,විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරින්, මහජන සෞඛ්‍ය හෙද සොයුර සොයුරියන්, මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩල සියලු දෙනාගේ අතිවිශිෂ්ට සේවය හේතුවෙන් විශාල පිරිසකට අද ජීවිත දානය ලැබී ඇතිබව මාගේ විශ්වාසයයි.
මිනිස් ජීවිත රැක ගැනීම වෙනුවෙන් තම ජීවිත අවදානම පසෙකළා කොවිඩ් වෛරසය සමඟ මුහුණට මුහුණ සටන් කරන ඔබ සැම ජනතා හදවත්වල නොමැකෙන වීරත්වයට පත්ව ඇති බව නොරහසකි.
මෙම වසංගතය හමුවේ හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් ඉටු කරන කැපවීම අපතේ නොයැවීමට නම් අප සැමවිටම සෞඛ්‍ය මාර්ගෝපදේශයන් පිළිපැදීමට වගබලාගත යුතු බව අවධාරණය කරමි.
ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රෝහල්වල කොවිඩ් වසංගතයෙන් පීඩා විඳින ආසාධිතයන් මෙන්ම අනෙකුත් සියලුම රෝගීන් සුවපත් කිරීම සඳහා කැපවන සමස්ත හෙද හෙදියන්ට මාගේ ගෞරවය පිරිනමන අතර ජනතාව වෙනුවෙන් ඔවුන් ඉටුකරන කාර්යය පෙරටත් වඩා හොඳින් ඉටු කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමි.
මහින්ද රාජපක්ෂ,
ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජනරජයේ, අග්‍රාමාත්‍ය