කොවිඩ් අභියෝග ජයගන්න හුවාවෙයි සමාගමෙන් රු.මිලියන 2ක මුදල් පරිත්‍යාගයක්
Posted on May 31st, 2021
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය
හුවාවෙයි සමාගමේ නියෝජිත පිරිසක් අද (31) දින අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඉටුකම සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 2ක මුදලක් ප්‍රදානය කළහ.
වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා හුවාවෙයි සමාගම අඛණ්ඩව දක්වන සහයෝගය මෙහි දී අග්‍රාමාත්‍යතුමාගේ ඇගයීමට ලක්විය.
හුවාවෙයි සමාගමේ මහජන සම්බන්ධතා සහ සන්නිවේදන අංශයේ උප සභාපති චෙන් මින්ජි මහතා මෙහි දී හුවාවෙයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පීඨය ඔස්සේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක පස් අවුරුදු සමාජ සත්කාර වැඩසටහන අග්‍රාමාත්‍යතුමාට හඳුන්වා දුන්නේය.
සිසුන් 10000ක පිරිසක් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතාවෙන් පිරිපුන් පිරිසක් බවට පත්කිරීම මෙම සමාජ සත්කාර වැඩසටහනේ අරමුණයි.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, හුවාවෙයි සමාගමේ මහජන සම්බන්ධතා සහ සන්නිවේදන අංශයේ උප සභාපති චෙන් මින්ජි, හුවාවෙයි ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරී ලියාං යී, මහජන සම්බන්ධතා හා සන්නිවේදන අධ්‍යක්ෂ ක්‍රිස්ටෝෆ් ලී, ව්‍යාපාර හා ව්‍යවසාය අංශ ප්‍රධානී ෂියාඕ හුවා මහත්වරු එක්වූහ.
May 31st, 2021 at 6:04 pm
What a humongous contribution by a tech giant of the world to the well being of Sri Lankans!.
The worthies mentioned in the last para should be ashamed to even organize this event let alone the PM’s ‘Media Unit’ to portray this as a great feat as the title seems to suggest.
May 31st, 2021 at 6:29 pm
With all the economic experts (Osthars, Ghatakayas, et al) we have just been downgraded (to C++? ) even below that of Somalia. Is this not the Chinese themselves indirectly confirming?.