ශ්‍රී ලංකාසාගර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථින්ට ලැප්ටොප්පරිගණක ලබා ගැනිමට අධ්‍යාපන ණය පහසුකම්
Posted on June 10th, 2021
State Ministry of Skills Development, Vocational Education, Research & Innovations
ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථින්ට ලැප්ටොප් පරිගණක ලබා ගැනිමට අධ්‍යාපන ණය පහසුකම්
නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශ අනුබද්ධ ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂිත සිසුන් සදහා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පහසුකිරිම වෙනුවෙන් ලැප්ටොප් පරිගණක ලබා ගැනිමට අධ්‍යාපන ණය පහසුකම් සැලසීමට මහජන බැංකුව කටයුතු කරයි. නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ ඉල්ලීමකට අනුව මහජන බැංකුව මෙම පහසුකම සලසා තිබේ.
WISDOM අධ්‍යාපන ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබා දීමට කටයුතු සලසා තිබෙන අතර මින්පෙර අනෙක් රාජ්‍ය විශ්ව විද්‍යාල සිසුන් හට මේ සදහා අනුමැතිය තිබුණද සාගර විශ්ව විද්‍යාලයේ සිසුන් හට නොලැබිණි. සාගර විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් හට තම ශීෂ්‍යභාවය තහවුරු කරන ලද ලිඛිත ලිපියක්ද සමග මේ සදහා ඉල්ලීම් කිරිමට හැකියාවක් පවතින අතර සාගර විශ්ව විද්‍යාලයේ සිසුන්හට වැඩිදුර තොරතුරු සදහා 0711730540 යන දුරකථන අංකය හරහා සම්බන්ධ විය හැක.
මාධ්‍ය ඒකකය
නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශ
සාගර විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවිය – https://ocu.ac.lk
—
R&D Media
State Ministry of Skills Development, Vocational Education, Research & Innovations