ගෝටාගේ බළලා මල්ලෙන් එළියට ගනී කාබනික ගොවිතැනේ සැඟවුනු අභිප්‍රාය හෙලිවේ
Posted on August 31st, 2021
ලංකාවේ වෙනදේ
කාබනික ගොවිතැනේ නාමයෙන් රජරට ගොවිජනතාවට අවශ්‍ය ගොවි රසායනික සහ රසායනික පොහොර නොදීමෙන් බංකොලොත් වෙන ගොවියාගේ ඉඩම් සොච්චමට ගෙන අන්තර් ජාතික ආයෝජකයන් සතුකිරීමේ ව්‍යායාමයේ පලමු අදියර වශයෙන් පුද්ගලික සමාගමකට කෝමාරිකා වගාවක් සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ඉඩම් අක්කර 102,000ක් ලබා දීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
වසර 30ක දීර්ඝ කාලීන බදු පදනම මත එම සමාගම වෙත එකී ඉඩම් ලබාදීමට වන යෝජනාව මුදල් අමාත්‍යවරයා සහ ඉඩම් අමාත්‍යවරයා විසින් ඒකාබද්ධව ඉදිරිපත් කර තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදනයට අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ඉඩම් අක්කර 102,000ක් වසර 30ක දීර්ඝ කාලීන බදු පදනම මත ලබා දීම බලාපොරොත්තුවන්නේ රටට ආනයනය කිරීමට අදහස් කරන ඩොලර් මිලියන 300ක් වෙනුවෙන් පමනි. මේ සඳහා කොපමන මුදලක් දේශපාලකයින්ගේ මඩිස්සලයට පිළිපෝරු දැමීමක් සිදුවේද යනු තක්සේරු කිරීමට ඔබට බාරය.
ඒ සම්බන්ධයෙන් අද දිනයේ නිකුත් කර ඇති රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදනය මෙසේය.

August 31st, 2021 at 5:20 am
මෙතන කිසිම ආයෝජනයක් නෑ. ඇමෙරිකාවේ ඉන්න රාජපක්සලාගේ යාලුවෙකුට අක්කර් 102,000 ක් අවුරුදු 30කට කෝමාරිකා හිටවන්න බදු දුන්නා විතරයි.ඒක ගැන මාලිගාවල් හදන්න යන්න එපා.කෝමාරිකා කියන්නේ කාන්තාරේ හැදෙන ශාකයක්. අවුරුදු ගානකින් ඔය අක්කර 102,000 කාන්තාරයක් බවට පත්වෙනවා.තව ටිකකාලකින් අපිට මිරිස්,වම්බටු,කුරක්කන්,බඩ ඉරිගු වෙනුවට කෝමාරිකා කන්න පටන්ගම්මු
August 31st, 2021 at 7:09 am
ගස් යට කෝමාරිකා වවන්ඩ බෑ අක්කර 102000ක තියන ගස් ටිකනොකපයිද?