“එක රටක් එක නීතියක්” කාර්යසාධක බලකායට කුහකයන් පහර දෙද්දේ ජාත්‍යන්තරයෙන් පැසසුම්
Posted on November 12th, 2021

Courtesy Colombo Today

එක රටක් එක නීතියක්” ජනාධිපති කාර්ය සාධක බලකාය පත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් අනතුරුව එම කාර්ය සාධක බලකායේ සභාපති පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි ඉලක්ක කරගෙන පක්ෂ විපක්ෂ දේශපාලකයන් මෙන්ම සිංහලයාගේ අයිතිවාසිකම් දිනාගැනීම සඳහා යැයි පවසමින් පෙනී සිටි සංවිධාන දැඩි ලෙස පහර ගැසීමට පටන් ගෙන ඇත.

ඒ අතර ආණ්ඩුව සහ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු, රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකරුවන්, තමන් දේශප්‍රේමින්යැයි පවසමින් විදෙස් බුද්ධි අංශ සඳහා ඔත්තු ලබාදෙන පුද්ගලයින්, මඩ මාධ්‍ය බලකායන් ඇතුළු කුහකයන් විශාල පිරිසක් සිටියි.

කෙසේවෙතත් ජාත්‍යන්තර මාධ්‍යයද ඥානසාර හිමියන් ඉලක්ක කරගෙන පළකර ඇති පුවත් සඳහා තම අදහස් පළකර ඇති විදේශීය සාමාන්‍ය ජනතාව ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාව සඳහා සුභපැතුම් එක්කර ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress