දැදිගම කොටවෙහෙර රාජමහා විහාරස්ථානය පූජා භුමියක් ලෙස සංවර්ධන කිරීමට පියවර
Posted on November 24th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

කෑගල්ල දැදිගම කොටවෙහෙර රාජමහා විහාරස්ථානය  පූජා භූමියක් ලෙස සංවර්ධනය කිරීමේ පියවර කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (24) දින අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

දැදිගම කොටවෙහෙර රාජමහා  විහාරස්ථානය පූජා භූමියක් ලෙස සංවර්ධනය කිරීම සම්බන්ධව සොයා බැලීමේ සාකච්ඡාව පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති අවස්ථාවේ අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.

කොටවෙහෙර රාජමහා විහාර භූමියේ කෙරෙන සංවර්ධනයට අදාළ ත්‍රිමාණ සැළසුම් සකස්කර එහි සංවර්ධන කටයුතු ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍යතුමා  මෙහිදී අවධාරණය කළේය.  

වාහල්කඩක් සහිතව  ඉදිවන  කොටවෙහෙර රාජමහා විහාරස්ථානයේ  නව ප්‍රවේශ මාර්ගය සම්බන්ධයෙන් ද,  බහුකාර්ය ගොඩනැගිල්ල, පෝය සීමා මාලකය  සහ සතර දේවාල  ඉදිකිරීම් සම්බන්ධයෙන් ද මෙහිදී අග්‍රාමාත්‍යතුමාගේ විශේෂ අවධානය යොමු විය.

දැදිගම රජමහා විහාරයේ විහාරාධිපති  පූජ්‍ය ඔත්නාපිටියේ විමල නාහිමි සහ විහාරාධිකාරී පුජ්‍ය අලුත්නුවර සුමන හිමි මෙහි වැඩමකර  සිටියහ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී උදය කාන්ත ගුණතිලක, බුද්ධශාසන, ආගමික  සහ සංස්කෘතික කටයුතු  අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න, අග්‍රාමාත්‍ය  ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රියංග නානායක්කාර, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්  මහාචාර්ය අනුර මනතුංග, පුජා භුමි අධ්‍යක්ෂ  ඩබ්ලිව්.ටී.ආර් විතාන, වරකාපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් සුමනසූරිය, උපසභාපති නිමල් රණතුංග, ප්‍රාදේශීය ලේකම් රංගන සජීව මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress