මධ්‍ය මහා විද්‍යාල විශ්ව විද්‍යාල පද්ධතියට අනුබද්ධ කර උසස් අධ්යාපන පහසු කම් ඉහළ දමමු 
Posted on February 13th, 2022

ජයන්ත හේරත්

ශ්රී ලංකා ජනගහණයෙන් 98%කට දැන් විදුලි සැපයුම  ඇත. එය 1970 ගණන්වල තනි ඉලක්කම්වලට

සාපේක්ෂව දැවැන්ත ප්රගතියකි. මුළු ජනගහණයටම   අන්තර් ජාලා ස්මාර්ට් ෆෝන් සැපයුම ඇත. එය 1980 ගණන්වල 80,000 ට සාපේක්ෂව විශාල ප්රගතියකි.

උසස් අධ්යාපනය සඳහා එම 98-100% ඉලක්කය සාක්ෂාත් කර  ගැනීම වැදගත්ය.

අපට  ප්රායෝගික ඉක්මනින ක්‍රියාත්මක  කළ හැකි ප්රතිපත්ති සහ විසඳුම් අවශ්යයි.

දේශපාලන පක්ෂ තුල ප්රායෝගික එනම් ක්ෂණිකව  ක්රියාත්මක කළ හැකි ප්රතිපත්ති සහ විසඳුම් තිබිය යුතුය.

රජයක් හෝ පක්ෂයක් ශ්රී ලංකාවේ විශ්වවිද්යාල ප්රවේශය වැඩි කිරීමට ප්රායෝගික  ක්රම සහ විධි

සෙවීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

උදාහරණයක් ගනිමු.  2020 දී සිසුන් 194,297 ක් විශ්ව විද්යාලවලට ඇතුළත් වීමට සුදුසුකම් ලබා ඇත.

43,000 ක් පමණක් ඇතුළත් කර ගැනීමට උසස් අද්යාපන අමාත්‍යාංශය කටයුතු කරයි .

සිසුන් පිරිසක් ඇමරිකානු ඩොලර් ගෙවා උසස් අධ්යාපනය සඳහා විදේශ රටවලට පිටත් වෙති

මෙය ඉතා හොඳය.

විශාල පිරිසක් උපාධියක් ලබා ගත නොහැකිව අනාථ  වෙති. මෙය වටිනා තරුණ මිනිස් සම්පත අපතේ යැවීමකි.

විශ්ව විද්‍යාල යට ප්‍රවේශ වන සිසුන්  සංඛ්යාව අඩුම තරමින් ලක්ෂය  දක්වා වැඩි කිරීමට රජය

දේශපාලන පක්ෂ, පුද්ගලික අංශය හෝ මිලිටරිය කුමක් කළ යුතුද?

දැනට රට පුරා තිබෙන තිබෙන මධ්‍ය මහා විද්‍යාල, උසස් පෙළ පාසල් සහ කාර්මික විද්‍යාල 100 ක් උපාඩි ප්‍රදාන කරන ආයතන බවට උසස් කිරීම එක විසඳුමකි. එක ආයතනයකට සිසුන් 100 ක් බඳවා ගැනීමෙන් නව සිසුන් 10,000 කට අද්යාපන කටයුතු දිගට කර ගෙන යා හැක. එක ආයතනයකට සිසුන් 1000 ක් බඳවා ගැනීමෙන් නව සිසුන් 100,000 කට අද්යාපන කටයුතු දිගට කර ගෙන යා හැක.

උසස් පෙළ පාසල් සහ කාර්මික විද්යාල විශ්ව විද්‍යාල වලට අනුබද්ධ කිරීම ඇමෙරිකා එක්සත් ජනපදය සහ ජපානයේ භාවිතා කරන ජනප්‍රිය ක්‍රමයකි.

ඔබේ අදහස් ප්රතිපත්ති යෝජනා බෙදා ගන්න. ඔබේ පක්ෂය නිවැරදි දිසාවට ගන්න.

විජයග්රහණය ඇත්තේ සටනේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress