සිතන්නට සහ ක්‍රියාවට කාලයයි Time to Think and Act
Posted on February 22nd, 2022
ජයන්ත හේරත්
ගම්පහ
කොටදෙනියාව නමැති ගමක
කහ පැහැ චීත්ත රෙදි
ඇඳ ගත්,
පන්සලක් වැනි තැනක
වාසය කරන
දෙදෙනෙකුගේ
කෘර දාමරික ක්රියා
පසුගියදා අසන්නට ලැබින.
ඇඳ සිටි පාටින්
කෙනෙකු
බෞද්ධද, හිංදුද, කතෝලිකද,ඉස්ලාම්ද
කියා හෝ
පන්සලක්, පල්ලියක්, කෝවිලක් වැනි තැනක
සිටි පමණින්
කෙනෙකු
හාමුදුරුනමක්,
පුසාරියෙක් ,
පුජකයෙක්
හෝ
ඉමාම්වරයෙක්
වන්නේ නැත.
බුදු දහම
අනෙකුත්
ආගම් වලින්
වෙනස් වන්නේ
අනාත්මය හා බැඳි පුනර්භවය සහ කර්මය
පිලිබඳ
සංකල්ප නිසාය,
පුනර්භවය/සසර
යනු
මමත් නොවන වෙන කෙනෙකුත් නොවන,
කුසල් අකුසල් කර ගහ ගෙන යන,
නැවත නැවත ඉපිද මියෙන
අනන්ත සංඛ්යාවක චක්රයයි.
නිවන සම්මාවබෝධය
වන තෙක් මේ චක්රයේ කැරකෙන්නට
සිදුවේය.
හිත උපදවන
රාග ද්වේශ මෝහ
ගින්න බුර බුරා යන්නෙකි,
ගින්න නිවීම
කල යුත්තේ
තමන් විසින්මය
එය පහසු කාරියක් නොවුනද
අපහසු කාරියක්ද නොවේය.
හිත මෙල්ල කරගත් තැන
මේ කෙලෙස් ප්රහාණය
කල හැක,
සංසාරය නැති කිරීමට
මේ කෙලෙස් තුනින් මිදීම
කල යුතුය.
අවාසනාවකට
අද බොහෝ දේශපාලන පක්ෂ වල
මූලික පදනම වී ඇත්තේ
විසබීජ හිත් තුල
රෝපණය කිරීමය,
ඒ රෝපණයෙන්
පමණක්ම
කෙනෙකු
අන්තවාදියකු කල හැක
අන්තවාදියා
අනන්තවාදියකු වී
එක තැන කැරකෙයි
ඔහුට එය
Merry-Go-Round ය.
විසබීජ අඳුනා ගත යුතුය
එය හිත තුලට නොගත යුතුය
ආවත් එය පලවා හරින්නට තරම්
දක්ෂ විය යුතුය.
කෙසේ නමුත්
හාමුදුරුනමක්
පූජක වරයෙක්
පළමුව කෙලෙස්
ප්රහාණය කල යුතුව ඇත,
කෙලෙස් පුරවා ගෙන
නාමිකව පූජස්ථානයක්
පවත්වා කරන්නේ
තව තව කෙලෙස් වැපිරීමය,
ස්වයං පාලනයක් නැති නම්
ඔහුට
හාමුදුරුනමක්
පූජකවරයෙක්
විය නොහැක.
පූජනීය ස්ථානයක
සිටිය
නොහැක.
මෙය සිතීමට
Reorganize කිරීමට
ක්‍රියාවට නැංවීමට
කාලය පැමිණ ඇත.