ලංකාවේ ආදර්ශ අරගලය, ජාත්යන්තරයට පැතිර ගියොත්
Posted on April 16th, 2022

ජයන්ත හේරත් 

Martin Luther King

දක්ෂම කථිකයා ය.

I Have A Dream ය.

කොසොල් රජුට

Dreams 16 ක්

තිබුනේය.

දියව් දියව්

ආපහු දියව්

දමව් දමව්

හිරේ දමව්

ගොල් පීස් Dream රැල්ල

ස්විස් බැංකුව ඉදිරියටත්

පැතිරිණි.

ස්විස් කොල්ලෝ කෙල්ලෝ

සමග එක්ව

සිංහල දෙමල මුස්ලිම්

කොල්ලෝ කෙල්ලෝද

අරාබි, අප්රිකානු,

යුක්රේනියානු, රුසියානු,

ඇමෙරිකානු, චීන

මෙකි නොකී සියලු රටවල

කොල්ලෝ කෙල්ලෝ

සමග එක් වී

කෑ ගසමින් ඉල්ලන්නේ

දියව් දියව්

ආපහු දියව්

දමව් දමව්

හිරේ දමව්

කිසිම ජාතිවාදයක්,

ආගම් භේදයක්

කුල වාදයක්

නැතිව 

ලංකාවේ ගෝල් පීසයෙන්

පටන් ගත් ජන

Dream රැල්ල

ලොව කෙතරම් සීග්රයෙන් පැතිරී

ජනප්රිය විද කියතොත්,

වතිකානු සහ අරාබි පල්ලිවල සල්ලි

ඉන්දියාවේ තිරුපති යනාදී කෝවිල්වලත්

ලංකාවේ පන්සල් දේවාලවල

තිබුන රත්රන්වලින්

මුළු ලොවෙන්ම පැමිණි ජන ගඟට

දවසේ පැය 24ම

කෑම බීම

ඉඳුම් හිටුම්

නොමිලයේ බෙදෙයි.

ස්විස් බැංකු ලොක්කෝ

බියවී වෙව්ලා 

නිදහසට කාරණා ලෙස 

තමන් ලඟට කළු සල්ලි ගෙන ආ

දේශපාලුවන්ගේ නම් හෙළි කර

ඔවුන්ගේ ගිණුම් වල ඇති සියලු වත්කම්

නැවත

ඒ දුප්පත් රටවල මහ බැංකු වලට

ඉක්මනින් හරවා

යවන

සිස්ටම් චේන්ජ් එක

වහාම හදයි.

ලෝකයේ සිටින අනිත්

කළු සල්ලි

සුදු කරණ

බැංකු ලොක්කෝද 

වෙව්ලා

සිස්ටම් චේන්ජ් එක

කරයි.

සියලුම ගසා කෑ

දුප්පත් රටවල

දේශපාලකයන්

ලෝකේ මොන බලවතාට

ගොට්ට ඇල්ලුවද නැද්ද යන්න

අදාළ නැත,

ස්විස් බැංකු වල

හෙළි කිරීමත් සමග

එම නඩු

ජාත්යන්තර අධිකරණයේ

අවුරුද්දක් ඇතුලත

ලයිව් ටි වී

එකේ අසා

උන් ඔක්කොම

ජීවිතාන්තය දක්වා 

හිරේ යවයි.

කළු සල්ලි

කොමිස්

මින් පසු

මේ බැංකු මගින් හෙළි කරන නිසා,

ලෝක මහ බලවතුන්

වහාම උන්ගේ ආයුධ

හදන කොම්පැනි වලටත්

දුප්පත් රටවල ඉඩම් කොල්ලයටත්

බෙහෙත් කොම්පැණි වල

අධික

ලාභ ලබන සේල්ස් වලටත්

සෞඛ්ය ඉන්ශුවර්න්ස් කොම්පැණි වල

අධික ලාභ වලටත් 

තිත තියයි.

දුප්පත් රටවල

හුදී කොල්ලෝ කෙල්ලන්ගේ

අත මිට

සාධාරණයෙන්

හම්බ කල සල්ලි වලින්

සරු වී

ඉතා සතුටින්

මාල දිවයින් සහ ඩුබායි ගොස්

ජල පෙළහර පායි.

ඔල්වරසන් නාද

ප්රිතිඝෝෂා

පවත්වා 

මාව උඩ දමයි.

මා උඩ විසි වී

බිම වැටී

ඇහැරෙයි.

අහෝ

මා ගේ Dream එක

කුඩු පට්ටම් ය …!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress