මහින්ද උගන්ඩා සමාගමක බිලියන 10ක් දාලාද.. සමාගමේ නිවේදනය මෙන්න..
Posted on April 17th, 2022
උපුටා ගැන්ම ලංකා සී නිව්ස්
අගමැති මහින්ද රාජපක්ෂ මහතා උගන්ඩාවේ සෙරනිට් ගෲප් නැමැති සමාගමක ඩොලර් බිලියන 10 ක් ආයෝජනය කර ඇතැයි පලවන වාර්තා සම්බන්ධයෙන් එම සමාගම ප්රතිචාර දක්වයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ විවිධ පාර්ශව විසින් එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.
නොමඟ ගිය පිරිසක් විසින් එම චෝදනා එල්ල කරන බවත් පවසන ආයතනය තම ආයතනය ආරම්භයේ පටන්ම උගන්ඩා සහ ශ්‍රී ලංකා පුද්ගලික බැංකු ණය සමග ක්‍රමයෙන් දියුණු වූ බව චෝදනා කරන අය නොදන්නා බවද කියා සිටී.