අග්‍රාමාත්‍යතුමා සුපුරුදු සුවෙන්
Posted on April 23rd, 2022

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

තමන් සුපුරුදු සුවෙන් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානාත්මක කණ්ඩායමක් විසින් ගෙන යන අසත්‍ය ප්‍රචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

රෝගීයකු බැලීමට හෝ මේ දිනවල තමන් රෝහලකට නොගිය බව පවසන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, දැනටත් තමන් ව්‍යායාමවල නිරතවෙමින් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව පෙන්වා දෙයි.

ඒ අනුව අසනීප තත්ත්වයකින් අග්‍රාමාත්‍යතුමා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවට ගෙනයන ප්‍රචාරය අසත්‍යය වේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress